Monday, October 31, 2011

෴෴෴සිහින කොදෙව්ව෴෴෴

All our dreams can come true, if we have the courage to pursue them.
Walt Disney



෴෴෴෴෴෴෴෴෴සිහින෴෴෴෴෴෴෴෴෴෴
අපි හ‍‍‍‍‍‍‍‍‍‍‍මෝම හීන වලට ආසයි. අපි හැමෝම ලඟ අඩු වැඩි වශයෙන් හීන තියෙනවා. ඒව හැබැකරගන්න අපි ගොඩක් මහන්සි වෙනවනේ.. අපි වෙනුවෙන් අපෙ අම්මල තත්තලත් ගොඩක් හීන දකිනවා. ඒවා ඉටු කරන්න ඒ ගොල්ලො ගොඩක් මහන්සි වෙනවා....
ඉතින් අපි ඉපදුනු දවසෙ ඉදන් අපි ජිවත් වෙන්නේ ඒ හීන තුල. අපි ඉපදෙන කොට අපිට තෙරුමක් නැති උනත් අපේ අම්මල තත්තල හීන දැක්ක අපෙ අනාගතය ගැන.. ඉතින් අපි ඉපදුන දවසෙ ඉදන් මැරෙන මොහොත දක්වාම අපි ජිවත් වෙන්නෙ ඒ හින තුල...
 මේ කතා කරන මමත් හින දැක්කා තමත් දකිනවා... සමහර ඒව හැබෑ වෙනවා තවත් සමහර එවා හීන විතරක්ම වෙනවා... එත් අපි කවදාවත් හීන දකින එක නවත්වන්නේ නෑ... එක තමයි ලෝක සොභාවය.
මේ බ්ලොග් පිටු අතර කොච්චර නම් හීන ලොක තියෙනවද.... මගෙ යලුවෙක් කරන හරීගෙ හිනලන්තය එයින් එක උදාහරණයක්....තව කොච්චරනම් සිහින ලෝක මේ බ්ලොග් පිටු අතර සැගවිලා තියෙනවද.. අපි කොච්චරනම් හීන වලට ආසද....
කට්ටිය බලනවා ඇති මොකෝ මෙ මූට වෙල තියෙන්නෙ කියල... මං තුමටත් හිතුනා මෙ බ්ලොග් එක හින පිටු අතරට ගෙනියන්න... ඒ කිව්වේ මෙ බ්ලොග් එක Jeewantha's Note Book(ජීවන්තගේ සටහන් පොත) එන මාසේ ඔව් ඔව් ලබන නොවැම්බර් ඉදලා Jeewantha's Dream Island (ජීවන්තගේ සිහින කොදෙව්ව) කියල නම් කරලා අලුත් විදියකට අරන් එන්න....
මං හිතනවා ඔයලා හැමෝම මාත් එක්ක දිගටම ඉදී කියලා....

එහෙනම් අලුත් විදියකට අලුත් වෙනසකින් අලුත් හීන ගොඩක් එක්ක හමු වෙමු. එතකම් ඔබ සැමට ආයුබෝවේවා!!!

අවසරයි ඉතින් මට මගේ හීන ලෝකයේ සැරිසැරීමට

එන්න මාත් එක්ක පිය මනින්න මගේ සිහින කොදෙව්ව තුල...

සිහින දකින්න...
සිහින එක්ක ජිවත් වෙන්න....
සිහින හැබෑ කරගන්න...
හීන බෙදාගන්න...
හීන අත්විදින්න...
හීන ලොකයේ අතරමන් වෙන්න...

හීන අතර මාත් එක්ක පිය නගන්න එන ඔබ සැමට...

෴෴෴෴෴෴෴ආයුබෝවේවා!෴෴෴෴෴෴෴෴෴


ඉතිරි ටිකත් බලමු...

Sunday, October 30, 2011

ලිබියානුවන්ට පිස්සුද.......

අද දවසට දාපු දෙවෙනි ලිපිය. පලමු ලිපිය මෙතනින් බලන්න.

මේක මට ඊයකින් ලැබුනු එකක් ගඩාෆි ගැන. මේක කියවපුවම මට මුලින්ම හිතට ආපු දෙ තමයි පොස්ට් එකෙ නමට දැම්මේ. මේ තියෙන්නෙ ගඩාෆි ලිබියාව වෙනුවෙන් කරපු දේවල් ලු.. මමනම් දන්නේ නැ මේව අත්තද කියලා. එත් ඇත්තනම් ලිබියවේ එවුන් තරම් හරක් ටිකක් තවත් නෑ... ඇඉ යකෝ මෙච්චර කරපු මිනිහව නේද අර බල්ලෙක් වගෙ පරෙ තියල මරල දැම්මෙ. බලලා කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ.




ඉතිරි ටිකත් බලමු...

සිතට තදින්ම දැනුනු මෙව්වා එකක්....


෴෴෴ආදරය෴෴෴


මෙලොවට බිහිඋන දා  සිට අප ඉල්ලා සිටින දෙයක්..
පොඩි දවස්වල අම්මලා තාත්තලගෙ
෴෴෴ආදරය෴෴෴
ඊට පස්සෙ ගුරු මෑනිවරු පියවරුන්ගෙ
෴෴෴ආදරය෴෴෴
ඊටත් පස්සෙ පෙම්වති/පෙම්වතාගෙ
෴෴෴ආදරය෴෴෴
ඊට පස්සෙ බිරිද/ස්වාමිපුරුසයාගෙ
෴෴෴ආදරය෴෴෴
ඔය අතර
සහෝදර සහෝදරියන්ගෙ
෴෴෴ආදරය෴෴෴
නෑදෑ හිත මිතුරන්ගෙ
෴෴෴ආදරය෴෴෴
ජීවිතේ අන්තිම කාලෙදි
දරු මුනුබුරන්ගෙ
෴෴෴ආදරය෴෴෴
ඔහොම බැලුවම අපි ජිවත් වෙන්නෙ ආදරය තුල.. 
එක නැතිඋනාම අපි එක හොයන්වා පිස්සෙක් වෙනවා...
එවන්වු 
෴෴෴ආදරය෴෴෴
පිලිබද හදපු මේ video එක 
ඔබ බලලම තීරනේ කරන්න

෴෴෴ආදරය෴෴෴
෴෴෴ආදරය෴෴෴
෴෴෴ආදරය෴෴෴





ප.ලි.
මේ video එක හදපු හැමෝටම මේ වගේ දෙවල් කරන්න ශක්තිය දෛර්යලැබේවා...
හිතට දැනුනු දේ කොමෙන්ටුවකින් දාලම යන්න...
හැමොටම ආදරයත් එක්ක ජීවත් වෙන්න ලැබෙවා....


ඉතිරි ටිකත් බලමු...

Saturday, October 29, 2011

Agriment එකක් ගහමුද දෙවියනේ........

වැස්ස වලාහක දෙවියන් වෙත,

මා මේ ලිපිය ලියන්නේ මා මෙන්ම මේ දිනවල වැස්සෙන් හෙම්බත්වු සුවහසක්  ජනතාව වෙනුවෙනි. මේ දිනවල සවස් කල්යේ පටන් ගන්නා වර්ශාව අප හට ඉතාමත් කරදරයක් වග ලිය දන්වනු කැමත්තෙමි.
උදේට වැස්සක පාටක්වත් නැති උනත් හවස ඇදවැටෙනා මෙ වැස්ස අප හට ඉමහත් කරදර ඇතිකරයි. උදේ සිට වෙහෙස මහන්සිවී ගෙදර යැමට පාරට එන අප හට මෙ ඇද වැටෙනා වැස්ස මහත්වු කරදරයකි.
එම නිසා මම ඉල්ලා සිටින්නෙ ඔබ වහන්සේගෙන් අප් කෙරේ අනුකම්පාවෙන් මෙම වැස්ස රාත්‍රි කාලයේදී වස්සවන ලෙසයි. එවිට අපටද... ඔබ වහන්සේටද (වැස්ස නැතත් ඇතත් බැනුම් අහන්නේ ඔබ වහන්සෙ වන බැවින්) කරදරයක් නොවන බව කරුනිකව දන්වා සිටී.

මීට,
කරදරයට පත්,
වැසියෙක්.

ප.ලි.
නිවාඩු දින දෙක වන සෙනසුරාදා හා ඉරිදා දින දෙකද වැස්ස නොමැතිනම් එය තවත් හොඳ බව කාරුණිකව දැනුම් දීමට කැමති.


ඉතිරි ටිකත් බලමු...

Friday, October 28, 2011

෴෴෴වෙනස෴෴෴

මොකද්ද අප්පා මෙ ජිවිතේ.. තාම ජොබ් එකට ගිහින් මාස දෙකයි. මට දැනටම එපා වෙලා අප්පා... උදේ යනව රෑ වෙලා එනවා... ෆිල්ම් එක්ක බලනව.. නැතනම් එහෙම්ම නිද ගන්නවා... ජිවිතෙ මේ තරම් එපා වෙල නෑ මට කවදාවත්...
ඉතින් මාත් තිරනේ කලා පොඩි වෙනසක් කරන්න... ඒ කියන්නෙ මමත් වෙනස් වෙන්න යන්නේ....
හොව් හොව් බය වෙන්න එපා.... ජිවිතේ කල කිරිලනම් නෑ තාම.....:) :) :)
පොඩි වෙනසක් කරන්න හිතන් ඉන්නේ.. හැම දේම...
බලමු මේ වෙනසට මම කැමති වේද කියලා...

ප.ලි.
ජොබ් එකනම් කිසිම කරදරයක් නෑ... නිදහසෙ කරගෙන යන්න පුලුවන්... හිතනම් නිදහස් එත් මෙ ජිවත්වෙන විදියට තාම හුරුවෙන්න බැරි උනා... :)) :))


ඉතිරි ටිකත් බලමු...

Thursday, October 27, 2011

මං...

උඹ හොඳයි ඔව් උඹ ගොඩක් හොඳයි..
එතකොට මං
ඔව් ඉතින් මං
මං නරකයි ඔව් මං ගොඩක් නරකයි..
මොනා කලත්
අන්තිමට හැමදේම වැරදියි...
ඒ නිසා මං ගොඩක් නරකයි...


ඉතිරි ටිකත් බලමු...

උබේ එකෙන් කොහොමද මුගේ ඒව බලන්නේ....???????????

ඔන්න ඉතින් අයිත් ලියන්න ගත්තා. එත් ඩැන් මොනවඩ ලියන්නේ. ඔක තමයි ඊළඟ අව්ල. අහපු කතා දැකපු ඒවා පුලු පුලුවන් විදියට අමුනන්න බලමු. වැරදි තියෙනවනම් සොරි අප්පා...:) :)










පොඩි මඩක් ගහන්න  හිතුවා...
මෙක අපේ එකෙක් කිව්ව කතාවක්....
ඔන්න අපේ බොඩිමේ එකෙක් game එකක් ගහනවා තව සෙට් එකක් ඔතන කයියක් ගහගෙන හිටියා....

ටික වෙලාවකින් එතන එකෙක් කියපි අඩෝ පට්ට ස්පීඩ් නේ කියද බන් RAM එක කියල....
ඒ වෙලවෙ එක සෙල්ලම් කරපු එකා කිව්ව දන්නේ නෑ කියල..
තව එකෙක් එ වෙලවෙ කිව්වා "My Computer" බලපන් කියල....

එතකොටම අර ඉස්සෙල්ල එකා කියපි උබේ එකෙන් කොහොමද බන් මුගේ එව බලන්නෙ කියලා...
අනේ ඉතින් අර අසරනයා දවස් කියක් නම් චාටර් උනාද....


ප.ලි.
තව මේ වගේම සීන් එකක් තියෙනවා ගැනම අපේ එකෙක් හදපු එකක් ඒක පස්සේ එකකින් දාන්නම්...
ප.ප.ලි
තාම හරියට ලියගන්න බැ වගේ අප්පා වචන ගැලපෙන්න ලියන්න බැ වගේ... බලමු තව ඉස්සරහට හරියයි.. :)) :)) :))


ඉතිරි ටිකත් බලමු...

Wednesday, October 26, 2011

අනේ අපොයි..... :'(

අපොයි දෙයියනේ මේ මොකැ මේ වෙලා තියෙන්නේ මගේ බ්ලොග් එකට....
කාලෙකින් මුකුත්ම දාල නෑ....
වැඩ අප්පා තාම අලුත් ජොබ් එකේ වැඩ ටික අල්ල ගන්නවා...
දැන්නම් ගොඩක් දුරට වැඩ ටික ගොඩ දාගෙන තියෙන්නේ....
අද ඉඳලා අයෙත් බ්ලොග් එකේ වැඩ පටාන් ගන්න යන්නෙ...
මගේ සහොදර බ්ලොග් එකත් මෙගමන් පටන් ගන්නවා...
එකෙ ඉතින් tech talks තමා තියෙන්නේ....


අහ් කියන්න බැරි උනා අප්පා මට මෙ ඇනෝ කෙනෙක් දාපු කොමෙන්ට් එක්කට මල පැනල තමා මේ වැඩේ එපා උනේ..
එකත් පස්සෙ පොස්ට් එකකින් දාන්නම්....
නැවත හමු වෙමු...
එතකම් ඔයලා හැමෝටම ආයුබෝවේවා....


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...