Saturday, December 31, 2011

සුබ නව වසරක් වේවා....




මේ වසරට දාන අන්තිම පොස්ට් එක
ඔයාලා හැමෝටම,
සාමය සතුට පිරි
සුබම සුබ නව වසරක් වේවා
කියල
සුහින කොදෙව්වෙන්
ප්‍රාර්තනා කරනවා.
හැමෝගෙම අලුත් අවුරුද්දේ සියලුම
සිහින
සැබෑ වෙන්න කියලත් ප්‍රාර්තනා කරනවා.
ලබන අවුරුද්දෙත් සිහින කොදෙව්ව සමග
එකතු වෙන්න කියලා ඉල්ලන ගමන්
එහෙනම් හැමෝම ලබන අවුරුද්දේ
සෙට් වෙමු ඈ...
ජය වේවා.
හැමෝටම
ආයුබෝවේවා.


ඉතිරි ටිකත් බලමු...

Friday, December 30, 2011

කොන්දගෙන් අන්තිම රුපියල දක්වා ඉතුරුව ගත්ත හැටි...




මේකත් අර මම කලින් දවසක දාපු බස් කතාව වගේ බස් කතාවක්. ලඟදි දවසක මම වැඩ ඇරිලා බස් එකේ යනකොට වෙච්ච සීන් කෝන් එකක් තමයි කියන්න ගියේ(අංකල් මටත් බඩුවක් ඕනේ...කියලා). එකත් බස් කතාවක් තමයි. එත් ඊට කලින් පොඩි කතාවක් වෙච්ච මේක මුලින් දාන්න හිතුනා. අද දවසට දාන දෙවෙනි පොස්ට් එක මේක නිසා ටිකක් පොඩි සීන් එකක් දාන්න කියල හිතුනා.. පලවෙනි එක තමයි මේ තියෙන්නේ.
=====================================
ඔන්න ඔය ගිය සෙනසුරාදා මම ගෙද්‍ර යන්න කියලා පිටත් උනා. සාමන්‍යෙන් මම ගෙදර යනකොට කොටුවට ගිහින් මාතර බස් එකක් අරන් තමයි ගෙදර යන්නෙ. එදා කොහොමත් කොටුවෙන් නගින්නම හිතුනා මොකද දෙහිවලින් නැග්ගොත් ඉඩ නැති වෙයි කියල තිබ්බ බයට. මොකද එදානෙ අර ස්ට්‍රයික් එකක් එහෙම තිබ්බෙත්. ඉතින් මමත් ඔන්න කොටුවට ගිහින් බස් එකකට නැග්ගා.

නැගලා අයිනෙ සීට් එකකුත් අල්ලගෙන පොඩි නින්දක් දාගෙන යන්න හිතුවා. ටිකකින් ඔන්න කොන්දා ආවා ටිකට් කඩාගෙන.මගේ එහා පැත්තේ හිටපු එක්කෙනත් මාතරට යන්නෙ. ඒ මනුස්සය රුපියල් 200ක් දුන්නා මාතරට ටිකට් එකක් ඉල්ලලා. ඉතින් ඉතුරු විදියට රු. 50ක් ලැබුනා. ඉතින් මම කලේ මම් ගාව තිබ්බ රු. 150ක් වැඩි හොඳට කියලා දුන්නා. ඒ පාර කොන්දා කියපි ගාන රු.153යි තව තුනක් දෙන්න කියලා. වෙනදත් රු.153ක් උනාට 150යි ගන්නෙ අනික මගේ එහා පැත්තෙ හිටපු කෙනාගෙත් ගත්තෙ 150 නිස මම නිකන් හිටිය ටිකට් එක අරගෙන. අව්ලක් නැතුව ඇති කියලා.

ඒ පාර පොර පිටි පස්සෙ අයගෙන් ටිකට් කඩලා ආයිත් මට කතාකරලා රු. 3ක් ඉල්ලුවා. ඉල්ලලා කියපි රු.3ක් හැමොගෙනම නොගෙන හිටියොත් හොඳට හිටී කියලා. මිනිහා ඕක කිව්වම මටත් ටිකක් විතර මල පැන්නා ,ඔකද මුන් හරියට ගානට ඉතුරු දෙන උන් වගේ කතා කරන්නේ. මම ගාව ඒ වෙලෙ රු3ක් තිබ්බා. කරන්නම් හොඳ වැඩක් කියලා ගත්තා රු20ක් අරන් දුන්න ගනින් රු.3 කියලා. මිනිහත් දැන් ගන්දෝ නොගන්දෝ කියල හිත හිත ඉන්දලා අරගෙන කියපි දැන් මාරු නැ මාතරින් බහින කොට ඉල්ලගන්න කියලා.

බලහන්කො මුගෙ කතාව. ඇයි යකෝ සල්ලි ඉල්ලුවනම් ඉතුරුත් දියන්කො. මම කිව්ව හරි අයියා අවලක් නෑ රු.20 දෙන්නකෝ කියලා ඉල්ලගෙන ම කිව්ව අඉය මාතරදි ඉතුරු ඉල්ලගන්න රු.20 ඉතුරු අරන් ඇවිල්ලා කියලා. (මගෙ වෙලාවට බස් එක එතකොට ගොඩක් දුර ඇවිත් නැත්නම් අනිව සුවර් අරු මාව බස්සනවා බස් එකෙන් බලපු බැලිල්ලට :)) :)) :)) )

ඒ පාර මේ යකා සාකුවට අත දාලා ඉතුරු රු 17 අරගෙන දීලා රු.20ත් අරන් ගියා. මුන් හැමදාම ඔහ්මයි. ඉතුරු තියාගේ බොර්වට කියනවා ඉතුරු නෑ කියල. ඇයි ඉතින් මාතරට ගාට ගාට ආවම ඉක්මනට ගෙදර යන්න තියෙන හදිස්සියට ඉතුරු ගන්න අමතක වෙනවනේ.
හැබැයි ඉතින් ඔය අතරෙ හොඳ කොන්දොස්තර මහත්තුරුත් නැතිව නොවේ. එයාලනම් මතක් කරල ඉතුරු දෙනවා.
අර වගේ උන් වැඩියෙනම ඔය දේ කරනව කෙල්ලෙක් එක්ක බස් එකට නැග්ගම. ඇයි ඉතින් කොල්ල කෙල්ලට ඇහෙයි කියලා ඉතුරු අරූට පුජ කරනවනේ.

ප.ලි. අර කියන්න ගිය කතාව මම ඉක්මනට දාන්නම්. මම ලියපු පොඩි පොඩි කතා සෙට් එකටත් හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා එයින් කතා ටිකකුත් දාන්නම්.
image:-https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggghrWvQhc0TtrQaVwlCGfMwk-_QxnHo_4lqsUfTTQ2qAgYiLpcPhHtfC50DV5HyP1Plm8jWYgVh3j-TXaJxXG7S3PoaxZm3q5MO59OFTt_cYW6JmPjLJysiHOsCBzFaY1xBdmLe89Nyd5/s1600/bus.jpg


ඉතිරි ටිකත් බලමු...

කොසොල් රජතුමාගේ සිහින 6

මුල් සිහින 5 කියවල බලන්න ආස අය ඉන්නවනම් ඔය පැත්තෙන් තියෙන ගැජට් එක ක්ලික් කරල බලන්න පුලුවන්.
================================
කොසොල් රජතුමා:-
"ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස මහජනයා මහළු ජරාපත් හිවලෙකුට ඝන රන්තලියකට මුත්‍රා කිරීමට සලස්වා බලා සිටිනු දුටුවා."


බුදුරජානන් වහන්සේ:-

"මහ රජතුමනි, මෙහි විපාකත් අනාගත්යේ සිදුවන නිස ඔබ බිය වීමට කාරණාවක් නැහැ. සම්භාවනීය වශයෙන් සැලකෙන මිනිස්සු අනාගතයේදී සම්පත්වලින් පිරිහී යනවා.මෙසේ පරම්පරාවෙන් උරුම වූ සම්පත්ද අභාවයට ගිය නිසා ඔව්හු තම දුවා දරුවන් අයතාක්‍රම වලින් ධනවත් වූවන්ට සරණ පාවා දෙනවා. ජාරාපත් සිවලා ඝන රන්තලියේ මුත්‍රා කිරීමේ සිහිනයේ ප්‍රතිපලය තමයි ඒ."


ඉතිරි ටිකත් බලමු...

Wednesday, December 28, 2011

මෝඩයෝ 4 දෙනා...(දෙවෙනි කොටස)



සොරී දෙවෙනි කොටස දාන්න පරක්කු උනාට. මම ගෙදර ගිය පොඩි නිවඩුවක් අරන් එකයි පරක්කු උනෙ.. හරි එහෙනම් කට්ටියම මෙතනින් ගිහින් කතාව මතක් කරගෙන එන්නකො...
පලමු කොටස
=================================


ඉතින් කට්ටියට මතක් උනානෙ අන්තිමට අපි කොතනද හිටියේ කියලා.ඉතින් ඔන්න එක මොඩයෙක් ගහට නැගලා අනිත් දෙන්නා ගහ අල්ලන්න ඉන්න කොට ඉතුරු උනු එකා ගහ කපන්න පටන් ගත්තා ඉතින් ඔහොම ගහ කපන කොට ගහ අර අල්ලන් ඉන්න උන් දෙන්නා උඩට පත බෑවිල උන් දෙන්න මැරුනා. එත් ඉතින් අර අනිත් උන් දෙන්න හිතුවෙ මුන් දෙන්නා කම්මැලි කමට ගහ යට නිදන් ඉන්නව කියලා. ඉතින් උන් දෙන්න නැගිටිනකම් අනිත් උන් දෙන්නා ගහ උඩ වාඩිවෙලා අරුන් දෙන්නට බැන බැන ඉන්නවා.

ඉතින් ඔය අතරේ මුන් 4දෙනා ගහ අරන් එනකම් බලන් ඉඳලා බැරිම තැන ගමේ එකෙක් ගියා හොයගෙන. යනකොට දැක්ක ගහ උඩ ඉන්න උන් දෙන්නව. ඉතින් උන්ට බැනලා අහනකොට කො අනිත් උන් දෙන්න කියලා මුන් දෙන්න කියපි කතව. එතකොට ගමේ එකට තෙරුන මුන් 4දෙනාගෙ තරම. මොඩයො කියල මරන්නය.ඉතින් මුන් දෙන්නට කිව්වා යාලුවො දෙන්න මැරිලාඋබල යන දීපන්කරීක පලයල්ල කියලා. ඒ පාර අරුන් අහනවා මැරුනා කියල කොහොමද දැනගන්නෙ කියල. ඉතින් අර මනුස්සය මුන්ට කිව්ව ඔය කුනු ගදක් එන්නෙ ඒක එන්නෙ මැරුනම කියලා.ඉතින් මුන් දෙන්නත් බොහොම දුකෙන් යාලුවො 2න්නත් දාලා යන්න ගියා... ඊට පස්සෙ මොකද උනෙ දන්නවද මෙයා... :)) :D

ඔහොම ටික දුරක් යනකොට මුන් දෙන්නට කුනු ගදක් දැනෙන්න ගත්තා. ඉතින් හොයල බලන කොට මුන් කාලෙකින් නාලා නැති නිසා මුන්ගෙ ගද තමයි දැනෙන්නෙ. ඒ පර මුන් දෙන්න හිතුවා මුන් දෙන්නත් මැරිල තමයි කියලා පාර මැද මැරුනා වගේ නිදාගත්තා. ඔතනින් ටික වෙලාවකින් අලි බලන මිනිහෙක් යන්න ගියා. ඉතින් මිනිහ දැක්කා කව්ද දෙන්නෙක් පරේ මැද නිදාගෙන ඉන්නවා. ඉතින් මිනිහ ගිහින් බලලා කතා කරා. ඒ පාර අරුන් දෙන්නට මල පැනල බනින්න ගත්තා මැරුන එකෙකුටවත් ඉන්න දෙන්න්නෙ නැති මිනිස්සු කිය කිය.

ඒ පාර අර මිනිහ තෙරුම් ගත්ත මුන්ගෙ මොඩ ක්ම තෙරුම් අරන් මුන්ගෙන් කියක් හරි කඩගන්න පොටක් පාද ගන්න බැලුව එහෙම හිතලා මුන් දෙන්නගෙන් ඇහුවා පන අරන් දුන්නොත් මොනවද දෙන්නෙ කියලා. ඒ පර අරුන් දෙන්න සන්තොස වෙලා තමන් ගාව තිබ්බ සල්ලි සේරම දෙන්න පොරොන්දු උනා. ඉතින් අර මෞස්සයා මොකද කලේ තමන්ගෙ අතෙ තිබ්බ හෙන්ඩුවෙන් එකෙකුට ඇන්න. ඒපාර අර මොඩයා මහ හයියෙන කෑගහගෙන නැගිට්ටා පන ආවෝ පන ආවෝ කිය කිය. ඉට පස්සෙ අර මනුස්සය ඉතිරි එකාටත් පන අරන් දුන්න තමන්ගෙ මැජික් යශ්ටියෙන්. ඉතින් ඔන්න දෙන්නගෙම පන අරගෙන පොරොන්දු වෙච්ච සල්ලිත් අරගෙන අර මිනිහා යන්න ලේස්ති වෙනකොට මොඩයො දෙන්නා අර මිනිහගෙන අර මැජික් යශිටිය ඉල්ලන්න ගත්තා. මිනිහත් ඉතින් බොරුවට අදිමදි කරලා ඒක දුන්නා. දෑන් අර දෙන්නට මාර සතුටුයි. ඇයි ඉතින් මැජික් යශ්ටියෙන් පොහොසත් වෙන්න පුලුවන්නේ මැරිච්ච අයට පන අරන් දීලා. ඔහොම හිත හිත යනකොට මේ අයට ඈතින් කෑගාහන සද්දයක් ඇහුනා.

බලන කොට මල ගෙයක්. ඉතින් මෙ දෙන්නට හරි සතුටුයි ඇයි ඉතින් පලවෙනි වැඩෙ ඉක්මනට සෙට් වෙච්ච නිසා. ඉතින් මේ දෙන්න අර මල ගෙදරට ගිහින් එකෙ ඉන්න මිනිස්සුන්ට කිව්ව තමන්ට මැරිච්ච අයට ඔඅන දෙන්න පුලුවන්ය කියලා. ඉතින් අර මිනිස්සුත් හිතුවලු ඇත්ත වෙන්න ඇති කියලා අවසර දුන්නලු පන අරන් දෙන්න. ඉතින් මේ දෙන්නා කිව්වලු මිනිය කාමරෙකට ගිහින් තියන්න කියලා. ඉතින් මිනිස්සුත් කිව්ව විදියට කලාලු. ඉතින් මේ දෙන්නා කාමරේට ගිහින් දොර වහ ගෙන වැඩේ පටන් ගත්තා. එතකොට තම්යි මුන් දෙන්නට රත් උනේ ඇයි ඉතින් අර මිනියට පන එන්නෙ නෑනේ. ටික වෙලාවලින් ගෙදර මිනිස්සුන්ට බලන් ඉදලා එපා වෙලා දොර ඇරගෙන ගිහින් බලනකොට දැක්කා වෙලා තියෙන විනාසෙ. මිනිය හැම තැනම තුවාල මැජික් යශ්ටියෙන් ඇනලා. ඒ පාර ගෙදර උන් අරුන් දෙන්නට අල්ලගෙන ගැහුවා. ඊට පස්සෙ කියල දුන්නා මෙ වගෙ වෙලාවට හැසිරෙන විදිය. ඔය ඉතින් දුකින් ඉන්න විදිය අඩන විදිය එහෙම කියල දුන්නා.

ඉතින් මේ මොඩයො දෙන්නත් එතනින් බෙරිලා යනකොට හම්බුනා මගුල් ගෙයක්. ඉතින් මුන් දෙන්නත් මොකද කලේ ගිහින් අර කියල දිඉපු විදියට බෙරිහන්දිඉල අඩන්න ගත්තා. ඒ පාර එතන් හිටපු අය මුන් දෙන්නව අල්ලගෙන විස්තර දෑනගෙන මොඩයො දෙන්නෙක් නිසා ඒ වගෙ වෙලාවට හැසිරෙන විදිය කියලා දුන්නා.

එතනිනුත් බේරිලා දෙන්න යනකොට දැක්ක ගෑනු කෙනෙකුයි මිනිහෙකුයි රන්ඩු වෙනවා. ඉතින් එතනට ගිහින් අර මගුල් ගෙඩරදි කියල දුන්නු විදියට සතුටෙන් උඩ පැන පැන හිටියා. ඒ පාර අර ගැනු කෙනයි පිරිමි කෙනයි තම්න්ගෙ රන්ඩුව නවත්තලා මුන් දෙන්නට අල්ලගෙන ගහල ඒ වෙලාවට කරන්න ඕන සතුටු වෙන එක නෙවෙයි රන්ඩුව බේරන එක කියල කියල දී ලා මුන් දෙන්නව නිදහස් කලා. ඉතින් මුන් දෙන්නත් හොන්ඩට ගුටිකාල ඉන්න නිසා අමාරුවෙන් ඇවිද ඇවිද යනකොට දැක්ක ගොන්නු දෙන්නෙක් පොර කනවා. ඉතින් මුන් දෙන්න මොකද කලේ ඔක මෑදට ගිහින් රන්ඩුව බේරන්න පටන ගත්තා. එත් මොකද උනේ කුලප්පු වෙච්ච ගොන්නු දෙන්නා මුන් දෙන්නට ඇනලා මැරුවා.

ඔන්න ඔහොමයි යලුවනෙ මොඩයො 4 දෙනාගෙ කතාව ඉවර උනේ. :) :) ;) ;)

ප.ලි.
අන්තිමට ටිකක් බොරින් වගෙ ඇති. හිතෙට දැනෙන දෙ කියල යන්න. නොකිව්වත් තරහ නෑ.



image location:- http://www.kerals.com/kerala/wp-content/uploads/2010/10/4-IDIOTS-22.jpg


ඉතිරි ටිකත් බලමු...

Saturday, December 24, 2011

කොසොල් රජතුමාගේ සිහින 5

සිහින01 |||| සිහින02 |||| සිහින03 |||| සිහින 04

=================================================

කොසොල් රජතුමා:-

"භාග්‍යවතුන් වහන්ස, පෙර සහ පසුපස දෙපැත්තෙහිම හිස් තියන අශ්වයකු ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් කනවා දැක්කා. එක තමයි අම දැකපු පස් වන සිහිනය. "



බුදුරජානන් වහන්සේ:-

"රජතුමනි, අනාගතයේදී අධාර්මික පාලකයන් නිසා රටේ නීතිය අවිනීතිය වෙනවා. යුක්තිය අයුක්තිය වෙනවා. ඉතින් නිතිඥයොත් විනිශ්චය කරුවොත් දෙපැත්තෙන්ම අල්ලස් ගනිමින් කටයුතු කරනවා. මේ දෙපැත්තෙන් උලාකන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. ඔබට මෙයින්ද කරදරයක් නොමැත."


ඉතිරි ටිකත් බලමු...

Friday, December 23, 2011

මෝඩයෝ 4 දෙනා...(පළමු කොටස)


මෙහෙමයි මේක ඉතින් පොඩි ළමයින්ගෙ කතාවක්. මම පොඩි කාලේ අහපු එකක්. බ්ලොග් එක මේ ටිකේ පාලුවට ගිහින් තියෙන නිසා දාන්න හිතුනා. ඔන්න බනින්න ඔට්ටු නෑ කතාව කිසි කමකට නෑ කියලා. මොකද මේක උපදේශාත්මක කතාවකුත් නෙවෙයි. ඒත් ඉතින් නෑත්තෙමත් නෑ... හරි හරි ඔන්න වල්පල් ඉවරයි කතාවට එමුකො..
================================================

ඔන්න එකමත් එක රටක එකමත් එක ගමක ජීවත් උනා මොඩ යාලුවෝ 4 දෙනෙක්. මුන් 4දෙන කොච්චර මෝඩද කියනවනම් නොම්මර 1රට හරක් 4දෙනෙක්. ඉතින් ගමට වෙලා නිකන් අම්මල තත්තල දෙන දෙයක් කකා, බැනුම් අහ අහ ඉදල මේ 4 දෙනාට එපාඋනා. ඉතින් 4 දෙනා කතා උනා රස්සාවක් හොයගෙන යන්න. ගිහින් සල්ලි ගොඩක් හොයාගෙන ඇවිත් තමන්ට බැනපු අයට පේන්න ලස්සනට ජීවත් වෙන්න. ඔන්න ඔහොම හිතලා දවසක් උදේ පාන්දරම කුකුලත් අතින් අරන් 4 දෙනා ගමෙන් පිටත් උනා.

ඔන්න ඔහොම ටික දුරක් යනකොට කට්ටියට හම්බුනා වයසක ආච්චි කෙනෙක් ගෙයක් ලඟට පිදුරු අදිනවා. ඉතින් කට්ටිය කතා උනා ආච්චිට උදව් කරලා සල්ලි ඉල්ල ගන්න. ඉතින් කට්ටිය ගිහින් ආචිගෙන් ඇහුවා පිදුරු ගෙනත් දුන්නොත් සල්ලි දෙනවනම් පිදුරු ගෙනත් දෙන්නම් කියලා. ඉතින් ආච්චිත් කැමති උනා මේ වැඩෙට. ඔන්න දැන් කට්ටිය ගිහින් පිදුරු ගේනවා. ගෙනත් පලවෙනි මොඩය ඇහුවා කොහෙටද දාන්නෙ කියලා. ආච්චි තැන පෙන්නුවා. දෙවෙනි එකත් ඇහුව තුන් වෙනි එකක්ත් ඇහුව 4වෙනි එකත් ඇහුවා.ආච්චිත් අව්ලක් නැතුව තැන පෙන්නුවා.

ඔන්න ඔතනදි තමයි මේ මොඩ රැලට වැරදුනේ. මුන් දෙවෙනි පාර අරන් ඇවිත් අහපි කොහෙටද දාන්නේ කියලා. ආච්චිත් මල පැනල කියපි දාපිය මගෙ ඔලුවට කියලා. අනේ ඉතින් අර මොඩ රැල ආච්චි වැහෙන්න පිදුරු ගෙනත් දැම්මා. එකෙන් උනේ ආච්චි අවසන් ගමන් ගිය එක. ඉතින් මේ 4 දෙනා වැඩේ ඉවර කරලා පිදුරු ගොඩ ගාව වාඩි වෙලා ඉන්නවා ආච්චි නැගිටලා ඇවිත් සල්ලි දෙනකම්.

මුන් මෙතන වාඩි වෙලා ඉන්නකොට ගමේ එකෙක් ඇවිත් ඇහුව ඇයි මෙතන ඉන්නෙ කියලා මුන් ටික විස්තරේ කිව්වා. ඒ පාර ගමෙ එකාට වැඩේ තෙරුනා මිනිහා කලේ කෑ ගහල ගමම් එකතු කරලා අරුන්ට නෙලුව කරපු ගොන් කමට. පස්සෙ මුන්ට කිව්ව ආච්චි මැරිලා ඒ නිසා ගිහින් පෙට්ටියක් හදන්න ගහක් කපන් වරෙන් කියලා. මුනුත් ඉතින් බැරි මරගාතේ නැගිටල පොරවක් අරන් ගියා ගහක් කපන් එන්න. ටිකක් කැලේ අතුලට යනකොට දැක්ක හොන්ද බුරුත ගහක්. ඉතින් මුන් කතා කර ගත්තා මේ ගහ කපන්න. එකෙක් ගහ කපන කොට තව එකෙක් ගහට නැග්ගා උගේ බරට ගහ වට්ටන්න. ඉතුරු උන් දෙන්න ගියා ගහ වැටෙන කොට අල්ල ගන්න. ඇයි ඉතින් ගෙනියන්න ලෙසිනේ උස්ස උස්ස ඉන්න දෙයක් නෑනේ.

ප.ලි. මුලින් මේ කතාව තනි පොස්ටුවක් විදියට දාන්න හිතන තමා පටන් ගත්තේ. ඒත් ඉතින් ටිකක් දිග වැඩී වගේ. ඒ නිසා තව කොටසක් දාන්න හිතුවා. ඉතින් මේ පුත්තලම් බුරුවෝ 4 දෙනා ඊට පස්සෙ මොකද කලේ කියලා ඊලඟ කොටසින් බලමු. ඔයාලගේ අදහස් එහෙමත් පුලු පුලුවන් විදියට දීලමයන්නකො.

image location:-http://nowrunning.com/content/movie/2010/FourIdiots/stills/FourIdiots9.jpg


ඉතිරි ටිකත් බලමු...

Tuesday, December 20, 2011

මම නොදන්න PHOTOGRAPHY.... 0004 (විල්පත්තු යන අතර මග..)

දවස් ගානකින් මේ පැත්තේ ආවෙ. අපි(අපෙ බැච් එකේ යාලුවො සෙට් එක ) විල්පත්තු සෆාරියක් ගියා. (වෙච්ච දේවල් ගොඩයි ඒවත් එක්ක වෙනම පොස්ට් එකකින් එන්නම්. ) එතකම් මම විල්පත්තුවට යන අතර මගදි ගත්ත ෆොටො ටිකක් බලන්න.







ඉතිරි ටිකත් බලමු...

Friday, December 16, 2011

පොඩි පොඩි ජොලි කතා 01

මම අහපු පොඩි පොඩි ජොලි කතා ගොඩක් තියෙනවා. සමහර එව ඔයාලා අහලත් ඇති. කියවල බලන්නකෝ ලැබෙන ප්‍රතිචාරත් එක්ක බලමු ඉතුරුවා ලියන්න... :) :) :)

[මේ පොස්ටුවෙ මොකක් නමුත් කේස් එකක් තියෙනවා. එවා එච්චර ගනන් ගන්න එපා. ]

වැරදි බස් එක
...
ඔන්න දවසක් බීපු මනුස්සයෙක් බස් එකකට නැග්ගා. මින්හගෙ කන සාක්කුවේ. ඒතරමට බීලා. මිනිහත් වැනි වැනි ගිහින් ආච්චි කෙනෙක් ගාව වාඩි උනා. ආච්චිත් බැලුවා මිනිහ දිහා ඔරවලා. ඔන්න බස් එක පිටත් උනා. ආච්චිත් ඉතින් බන දම දන්න කෙනෙක්. ඉතින් අර මනුස්සයට බන පදයක් කියන්න හිතිලා මනුස්සයට කතා කරලා මෙන්න මෙහෙම කිව්වා.
"ඔහොම බීලා තමුසෙ යන්නෙ අපායට "
මිනිහා දඩ බඩ ගාල නැගිට්ටා එක සැරෙට මහ සද්දෙන් කැගහනවා හෝව් හෝව් බස් එක නවත්වන්න මම වැරදි බස් එකට නැගලා තියෙන්නේ කියලා.


එයා කැමති වෙයිද?
බිරිඳ: බලන්න අර එහා ගෙදර Mr. Perera හැමදාම උදේ වැඩට යන්න කලින් Mrs. Pereraට kiss එකක් දීල යන්නෙ. ඔයාට තමයි ඒක කරන්න බැරි
ස්වාමිපුරුෂයා: ඉතින් මනුස්සයෝ Mrs. Perera ඒකට කැමති වෙයිද දන්නෙ නෑනේ.

ඇයි ඉතින් එයාව ගිල්ලෙ...
ඔය දැන් හැදෙන පොඩි එව්වො ඉන්නව නෙද. උන් නම් අම්මේ මතක් වෙනකොටත්.... සමහර එවුන් ඉන්නව දකින් දකින දේ ඉගෙන ගන්න ඕන. මෙකත් ඒ වගෙ පොඩි එකෙක් ගැන කතාවක්.
ඔන්න මේ පොඩි එකා අම්මත් එක්ක බේත් ගන්න ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්. ඉතින් පොලිමෙ ඉන්නකොට පොඩි එකා දැකලා ළමයෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක්. ඉතින් අයිත් පස්ස ගහ ගහ ඉන්නෙ නැතුව ගියාලු එයා ගාවට ගිහින් අහපි මෙන්න මෙහෙම.
පොඩි එකා:ම ඇයි ඔයගෙ බඩ මෙච්චර ලොකු...
ගෑනු කෙනා: පුතේ මට මල්ලියෙක් ලැබෙන්න ඉන්නවා. එයා ඉන්න නිස තමයි මේ...
පොඩි එකාට ඒත් මදි දැන්.
පොඩි එකා: එයා ඉන්නෙ බඩෙද?
ගෑනු කෙනා: ඔව් ඔව්
පොඩි එකා: එය හොද ළමයෙක්ද?
ගෑනු කෙනා:ඔව් ඔව් ඔයා වගේම හොද ළමයෙක්
පොඩි එකකිතින් ඇයි එහෙනම් එයා ගිල්ලෙ.... :D :D ;;) ;;)


ඊජිප්තුව
පුතා:ඩැඩී කොයි කාලෙද ඊජිප්තු ගියේ?
තාත්තා:මම පිස්සුද මම ගිය ඊජිප්තුවක් නැහැ.
පුතා:එහෙනම් ඩැඩී කොහෙන්ද මමීව හොයාගත්තෙ?????

අපේ එක ලොකුයි
මේක ඇත්තම කතාවක් ඕන් ඈ....1
1:- අවවාදයයි ඔබෙ ගමන් මග වෙනස් කරන්න අංසක 15ක් උතුරට ගැටීම වැලැක්විමට
2:- මම කියන්නෙ ඔබ ඔබේ ඔබෙ ගමන් මග වෙනස් කරන්න අංසක 15ක් දකුණට ගැටීම වැලැක්විමට

1:- මම US නේවි කැප්ටන්, මම නැවත කියනවා ඔබේ ගමන් මග වෙනස් කරන්න
2:- නෑ මම අණ දෙනවා ඔබේ ගමන් මග වෙනස් කරන්න කියලා

1:-අයිසේ මෙක තමයි US වල ලොකුම warship එක තමුසෙ වෙනස් කරනවා
2:-තමුසේ කතා කරන්නේ lighthouse එකට #$@%^

සර්ට පුලුවන් වෙයිද?
ගනුදෙනුකරු:- මේ ටයි එක කීයද?
මුදලාලි:- එක මහත්තයෝ රුපියල් 2000ක් විතර වෙනවා...
ග:- අපෝ ගනන් වැඩීනෙ. මට ඒ ගානට සපත්තු 2ක් ගන්න පුලුවන්නේ...
මු:- ඔව් ඒත් මහත්තයෝ සපත්තු දෙක බෙල්ලෙ එල්ලන් යන්න බෑ නෙද?


ඉතිරි ටිකත් බලමු...

Thursday, December 15, 2011

මම නොදන්න PHOTOGRAPHY.... 0003

මම නොදන්න PHOTOGRAPHY.... 0001
මම නොදන්න PHOTOGRAPHY.... 0002

==========================================================
අම්බලන්තොට උස්සන්ගොඩදි ගත්ත පින්තූර ටිකක් තමයි ඔය තියෙන්නෙ.





















ඉතිරි ටිකත් බලමු...

Wednesday, December 14, 2011

කොටි මට දීපු RAG එක (3වෙනි කොටස)




මුලින්ම හැමෝම තරහ අවසර වෙන්න ඕන මේ කතාව පරක්කු උනාට. මහලොකුවට IT කලාට තමත් save කරන්න අමතක වෙන ලෙඩේ තියෙනවනෙ. ඉතින් මේ කොටස ලියපු doc එක මගේ අතින් save නොකරම close මම මේ බ්ලොග් කරනයෙ අනිත් අය වගේ ලස්සනට ලිව්වෙ නැති උනත් මේ කතා ටිකට තමයි මේ වෙනකොට වැඩිම හිට්ස් ගනනක් තියෙන්නේ. මේකත් ඉතින් නිකන් කසාය බොනවා වගේ වෙයිද දන්නේ නෑ. :D :D :D ඉතින් මුලින් කතා කොටස් දෙක කියවපු නැති අයයි මතක නැති අයයි ගිහින් මතක් කොරගෙනම ආවනම්.
පලමු කොටස
දෙවනි කොටස
==============================================================
ඉතින් ඔන්න ඔහොම මම AR sirව හම්බෙලා ගැහි ගැහි එනවා. මොකද කිව්ව හැටියට වැඩෙ බරපතල්යි වගේ. ඔය ඩොටෙ ඉදන් ආපු මම එච්චර සමජ ගත වෙලා තිබ්බෙත් නෑ ඒ වෙනකොට. ඉතින් වෙලාව 9.30 විත්ර ඇති මව එක්කගෙන ආපු අයියා (non academic අයියා කෙනෙක්) මාව ඒ වෙනකොට උගන්න උගන්න හිටපු සර් කෙනෙකුට මාව හදුන්වලා දීල ගියා. මාත් ඉතින් පන්තියෙ අන්තිම පේලියෙ වාඩි වෙලා මගෙ මුල්ම දේශනය අහන්න ගත්තා. මොන මොන මගුලක්වත් තෙරෙන්නෙ නෑ. සර් මොනද මන්දා code වගයක් දාල විස්තර කරනවා. මට මුකුත් තෙරෙන්නෙන් නෑ අනික කඩ්ඩ. අහෝ දුකකි ඉරකි තිතකි කිව්වලු යන්තකම් අකුරු 2, 3ක් ගැට ගහගත්තට මට කියපුව තෙරුම් ගන්න බෑ. අනික මගේ හිතෙ තිබ්බ බය. ඔය අතරේ පන්තියේ හිටපු එකා දෙන්න හැරිල අමුතු සතෙක් දිහා බලනව වගේ මන් දිහා බලනවා. එතකොට තමා මගෙ ඇගෙ මයිල් ඉස්මයිල් උනෙ. වෙන මොකකටවත් නෙවෙයි ඒ වෙලාවෙ මතක් වෙච්ච දෙයක් නිසා තමයි එහෙම උනෙ.

අප්පා මුන් ටික මට වැඩිය මාස තුනක් කලින් නේද ඇවිත් තියෙන්නෙ. කාපන්කො දැන් ඉතින් මුන්ගෙනුත් Rag එක.ඊට පස්සෙ සර් කියපු එක වචනයක් ඇහුනෙ නෑ. හොදටම දාඩිය දැම්මා. :))

ඔන්න ඉතින් සරුත් උගන්වලා ඉවර වෙලා යන්න ගියා විතරයි මුලු පන්තියම ගාල කඩාගෙන වගෙ ඇවිත් මාව වට කරගෙන විස්තර අහනව. ඔය ඉතින් මම හිතුවේ කිරිගහට කොරහෙන් ගැහුවා වගේ. දැන් ඉතින් කාපියකො Rag. එත් අප්පා කට්ටිය්ම අහන්නෙ එකම ටික නම ගම අම්මා තාත්තා ගැන පව්ලෙ විස්තර ඉස්කොලෙ විස්තර අරවද මෙවද මට නිකන් පිස්සු වගේ ඇයි දෙයියනෙ එකෙකුට කියන කොට අහගෙන හිටයනම් ඉවරයිනේ. පස්සෙ තමයි තෙරුනේ මේ අහන්නේ පස්සෙ අයියලා ඇහුවම කියන්න කියලා මම නම් හිතුවෙම මාව Rag කරනවා කියලා.

ඉතින් ඔය අතරෙ පනිවිඩයක් ආවා තාත්තා එන්න කිව්ව කියලා. මම් ඉතින් යන්තම් එතනින් බෙරිලා එලියට ආව. පහලට යන්න මොන මට පාර මතක නෑ දෙවෙනි තට්ටුවෙ ඉන්දලා පහලට යන්න. බය උනු පාර. පස්සෙ තාත්තා පහල ඉදන් මට එන්න ඕන පැත්ත කිව්වම මම පහලට ඇවිත් තාත්තා හම්බුනා. ඔය අතරෙ තාත්තා හොස්ටල් ඔෆිස් එක හොයාගෙන මට ඉන්න හොස්ටල් එක සෙට් කරලා මගෙ අත්සන ගන්න තමයි එන්න කියල තියෙන්නෙ. එකත් කරලා තත්තා එක්කම ඔෆිස් එකට ගිහින් එකත් බාර දිලා කැන්ටිමට ගියා. තාත්තා කිව්වා හවස 4ට එන්නම් එක්ක යන්න. එදා නතර වෙන්න ගල්කිස්සෙ හිටපු නෑදෑයෙක්ගෙ ගෙයක් සෙට් කර ගත්තා කියලා.

ඔන්න ඔහොම දවස ගෙවිලා ගියා කට්ටිය මට පුලු පුලුවන් විදියට අයියලාගෙ උපදෙස් කියලා දුන්නා. මටනම් මෙලො මලදානයක් තෙරුනේ නෑ. බොරුවට ඔලුව වන වන හිටිය තෙරුනා වගේ(ඔය දවසෙ වෙච්ච් තව කතා තියෙනවා ඒවා වෙනම දාන්නම්. නැත්නම් අදත් කතාව ඉවර කරන්න බැරි වෙනවා)

ඔන්න හවස 4වෙනකොට ආරන්චියක් ආව අපිට අද බොඩිම්ක් වලට යන්න පුලුවන් අද අයියලා අපිත් එක්ක සුහද කතාවට එන්නේ නෑ කියලා.මටනම් ඉතින් මාර හැපි. මගේ මුල්ම දවස සැහෙන්න වාසනාවන්තයි. එත් මගෙ කට අපෙ හිටපු සමහර උන්ට අයියලට කතා නොකර බෑම කිව්වා. උන්ට ඉන්න කියලා අපි ඉතින් පේලි හැදිලා පාරට ආව. තත්තා එතන ඉදලා මාවත් අරන් ගල්කිස්සට යන්න පටන් ගත්තා.

පස්සෙ තාත්තා කිව්වා වෙලාසන වැඩි නිසා හොස්ටල් එකත් බලලම යමු කියලා. හොස්ටල් එක තිබ්බෙ අගුලාන German tech එක ගාව. සමහර විට අපි හොස්ටල් එක බලන්න ගියේ නැත්නම් සමහර විට මේ කියන සිද්දිය වෙන වෙලාවෙ අපි එතන ඉන්නත් තිබුනා. ඔන්න අපි හොස්ටල් එක බලලා ආයිත් ඇවිත් බස් එකට නැග්ගා ගල්කිස්සට එන්න. අපිට හෝල්ට් 2ක්වත් එන්න බැරිඋනා පොලිස් වාහනයක් ඇවිත් වාහන ඔක්ක්ම නවත්තන්න කිය කිය ගියා. පස්සෙ බලන කොට එදා බෙලෙක් කඩෙ හන්දිය ගාවදි ගුවන් හමුදා බස් එකකට මරාගෙන මැරෙන බොම්බ ප්රහාරයක් එල්ල කරලා. පස්සෙ දැන ගත්ත විදිය එදා හමුදාවෙ ගොඩක් දෙනෙක්ට හානි උනා. පස්සෙ කරන්න දෙයක් නැත් තැන අපි බස් එකන් බැහැලා පයින්ම අගුලානෙ ඉදලා ගල්කිස්සට යනකම් ගියා. එදා ලේ උඩින් ගිය ගමන මට තාම මතක්යි. ඇස් දෙක පියාගෙන (මට තාමත් ලේ බලන්න බෑ. ඔලුව කැරකෙනවා) තාත්තගෙ අතෙ එල්ලිල ගිය හැටි තාම මතකයි.

එදා අයියලගෙ Rag එකෙන් බෙරුනට කොටි මෙ කරපු වැඩේ නිස මට හොද දුරක් පයින් යන්න උනා. එකයි මම මේ පොස්ට් එක කොටි මට දීපු Rag එක කියල නම් කලේ. එදා උන් කරපු ඒ වැඩේ නිසා මම පහුවදා හොදට අහගත්තා අයියලගෙන් රැව්ල කපන්න බැරි වෙලා ගිය නිසා. ඇයි ඉතින් පයින් ගාටපු නිසා එව්වා මුකුත් ගන්න බැරි උනා. x( x(
ඔන්න ඔහොම තමයි කොටි මට Rag එක දුන්නේ. තමත් මට අමතක නොවන සිද්දි අතර එක සිදුවීමක්. එහෙම සිද්දි කීපයක් තියෙනවා. එවත් ඉඩ තියෙන වෙලාවට දාන්නම්.

ප.ලි.
කතාව මට උපරිමයෙන් ලිව්වා. ඒත් එච්චරම රසවත්ව ලියන්න නම් බැරි උනා. :)) :)) (හරියට මීට කලින් පට්ටෙටම ලියලා තියෙනවා වගේ ;) :) ;;) )


ඉතිරි ටිකත් බලමු...

Tuesday, December 13, 2011

පොඩි උදව්වක් ඕනේ plssssssssss....

අද උදේ ඉන්දලා මගේ blog design page එකෙ මෙන්න මේ වගේ error එකක් තියෙනවා පුලුවන් නම් මේකට මොකද කරන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙනවද


ඉතිරි ටිකත් බලමු...

මම 1 වසරේ පොඩි එකකු තරම් හපනෙක් නොවේ.



එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.

විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩ්ඩා : හරි, මම කැමතියි.

විදුහල්පති : 3x3 කීයද?
පොඩ්ඩා : 9

විදුහල්පති : 6x6 කීයද?
පොඩ්ඩා : 36

විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.


ඒත් ඉතින් ගුරුතුමීට පොඩ්ඩක් වැඩෙට අවුල් ඇයි ඉතින් මේ 1 පන්තියෙ හොටු කොල්ලෙක්ට පැරදෙන්න පුලුවන්ද. ඉතින් ගුරුතුමී ප්‍රින්සිපල්ගෙන් මෙහෙම ඇහුවා.




ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.

මෙන්න මේවා තමයි ගුරුතුමී අහපු ප්‍රශ්න ටික. උත්තර පහලින් බලන්න කලින් කට්ටිය මුලින් උත්තර දීලම ඉන්නකොඉ. ඊට පස්සේ ඔයාලගෙ උත්තර පොඩි එකාගෙ ඒවත් එක්ක බලන්න.

1. එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
2.ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
3.
පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
4.
ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
5.මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
6.F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
7.F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
8.ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
9.මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?

|
|
|
|
|
|
|
|
|
V

ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
පොඩ්ඩා : කකුල්

ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
පොඩ්ඩා : සාක්කු

ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
පොඩ්ඩා : අතට අත දීම.

ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
පොඩ්ඩා : සූදානම්

ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
පොඩ්ඩා : කසාද මුද්ද

ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
පොඩ්ඩා : නහය

ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
පොඩ්ඩා : Firework

ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
පොඩ්ඩා : Fork

ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
පොඩ්ඩා : වාසගම

ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
පොඩ්ඩා : හදවත

ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 4 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා.

ප.ලි.

මේ කතාව මම මට ආපු ඊයකින් කියවපු එකක්. සමහර විට කට්ටිය කියවලත් ඇති. මොකද කට්ටියම හිතන්නේ ඔයාලත් 1 වසරෙ පොඩි එකකු තරම් හපනෙක්ද?
නැතනම් හයියෙන් තුන් පාරක් මේ පොස්ට් එකෙ මතෘකාව කියවන්න... :P :P :P :P :)) :)) :)) :))


ඉතිරි ටිකත් බලමු...

Monday, December 12, 2011

කොසොල් රජතුමාගේ සිහින 4

=========================================
සිහින 01||||||සිහින 02||||||සිහින 03
=========================================
කොසොල් රජතුමා:-
"භාග්‍යවතුන් වහන්ස, ගැල් අදනා ගොනුන් පේළියේ ඉදිරි රථවල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල්වල ජවබල සම්පන්න ශක්ති සම්පන්න ගොනුන් බැඳ තිබුණා. ඉතින් ඉදිරියේ බැඳි ගොනුන්ට ගැල් ඇද ගන්න බැරි නිසා ගැල් ටික ඔක්කොම නතර වෙලා තිබුණා."

බුදුරජානන් වහන්සේ:-
"මහ රජ මේ සිහිනයෙන් කියවෙන්නේ අනාගත පාලකයෝ අත්දැකීම් තිබෙන බුද්ධිමතුන්ට ඇමතිකම්, නිලතල ආදිය නොදී ඔවුනට විරුද්ධව බාලයන්ට තනතුරු හා වගකීම් දීම නිසා පාලනය අවුල් කරගන්නා බවයි. ඔබට මේ හීනයෙන් එහෙම විපතක් වෙන්නේ නැත. මෙය අනාගතයේ සිදුවන දෙයක්."


ඉතිරි ටිකත් බලමු...

Wednesday, December 7, 2011

පිස්සු කතා....


මුලින්ම කට්ටිය සොරි වෙන්න ඕන මට කොටි දුන්න RAG එකෙ තුන්වෙනි කොටස දාන්න බැරි උනාට. එක මං ලිව්ව ඩොක් එක SAVE නොකර close උනා. ආයිත් ලියන්න ටිකක් කම්මැලි හිතුනා. ඉක්මනටම ඒක දාන්නම්. අද මං කියන්න යන්නෙ පොඩි කතා 2ක් තුනක්. ටිකක් විතර පිස්සු කතා. සමහර් විට කට්ටිය මේව අහලත් ඇති. එත් ඉතින් මක්කයි කොරන්නෙ. ඕං එහෙනම් කියවලා බලන්නකෝ.



පිස්සු කතා අංක 01:- මේ පාර කොහෙටද යන්නේ?
ඔය පිස්සන් කොටුවෙ ඉන්න පිස්සන්ව දවල්ට පොඩ්ඩක් එලියට දනවා ටිකක් අව්ව එහෙම තැපලා එන්න එහෙම කියලා. :) :)) ඉතින් මෙහෙම එලියට දාපුගමන් සෙට් එකම කරන්නෙ පිස්සන් කොටුවෙ තාප්පෙ අයිනට වෙලා පාර දිහ බලන් ඉන්න එක. ඉතින් මෙහෙම දවසක් ඉන්න කොට ඔය පාර දිගෛ යන්න ආව මනුස්සයෙක් සහ පිස්සෙක් අතර වෙච්ච් කතාව මෙහෙමයි.
මනුස්සයා:- මෙ මෙ මේ පාර කොහෙටෙයි යන්නේ?
පිස්සා:- දවල්ටනම් කොහෙවත් යන්නෛ නෑ හැබැයි රෑට යනවද දන්නෙ නෑ... ;) ;))

පිස්සු කතා අංක 02:- වැල කනවයි? (පොඩි ගොතපු එකක්)
මේක මේ ඔය පිට ගමකින් ආපු ප්‍රේම වන්තයකුට ගමේ සෙට් එකක් දාපු සීන් එකක්. ප්‍රේමවන්තයත් එසේ මෙසේ එකෙක් නෙවෙයි. මලමු කියවලා ඈ..

ගමෙ එකා:- අඩෝ උබ ආයිත් මේ පෑත්තෙ පස් පාගනවා නෙවෙයි.
ප්‍රේම්:- ඇයි අයියේ මොකො සීන් එක.

ගමෙ එකා:- උබ දෑන ගනින් ගමෙ වැල ගමේ කපුටන්ට කියලා.
ප්‍රේම්:- අයියෝ අයියා ම්ං වැල කන්නේ නෑ. වරකා විතරයි කන්නේ. අනික මම වැල කෑවෙ නෑනෙ...

ගමෙ එකා:- අඩො තොගෙ කට වැඩියි. දෙනව දෙකක් තොගෙ දත් ටික වැටෙන්න.
ප්‍රෙම්:- ඔකනෙ අයිය කියන්නෙ තම්න්ගෙ තරමට පුලුවන් එකෙක් එක්ක එපයි වාලියට එන්න.

ගමෙ එකා:- මොකද්ද #$%@& කිව්වෙ?
ප්‍රෙම්:- නෑ මම කිව්වේ මට නම් එක ශොට් එක් ඇති තමුසෙගෙ දත් 32ම වැටෙන්න ගහන්න.

ඔතනින් යන්න ආව ගමෙ රාලහාමිත් ඔන්න වැඩෙට සෙට් උනා.
රාලහාමි:- මොකද මොකද මෙතන වෙන්නේ?
ප්‍රෙම්:- බලන්න රාලහාමි මම බෑ කියද්දි මේ අයිය මට වැල කන්න කතා කරනවා.
ගමෙ එකා;- අඩො #$%^&*^%$#@ පුතා. තොගෙ කට වැඩියි.
ප්‍රෙම්:- කොටන කුකුලට මොන කොටුවත් එකයි අයිසෙ.
ගමෙ එකා:-උබ රාලහාමි නිසා බෙරුනා කියලා හිතාගනින්. අපි පස්සෙ බලාගමු.
ප්‍රෙම්:- පස්ස බලන්නෙ වැල කාල කලිසමෙම ගියාද... අඩො හු හූ...

පිස්සු කතා අංක 03:- ඕන පුකක්.
ඔන්න ගමෙ මනුස්සය්කුට දෙවියෙක් වර ගුලි තුනක් දුන්නලු. මනුස්සයට තියෙන්නෙ ඔන වරයක් හිතලා දෙවියො දිපු වර ගුලියක් උඩ දාන්න. ඉතින් මේ මනුස්සය්ත් කල්පනා කරනවලු මොනද වර තුනෙන් ගන්න ඔන කියලා. එක එක ඒවා මතක් වෙනවලු සල්ලි ගෙවල් දොරවල් යාන වාහන හොද බිරිදක්.. අන්තිමට එපා වෙලා ඕන පුකක් කියලා උඩ දැම්මලු. එ පාර මනුස්සයගෙ ඇගෙ එක එක ජාති පුකවල් මැව්නලු. හා, නරි බලු, අලි පුකවල් එනහෙඅම :)) :)) ඉතින් මනුස්සයට එලෝ පොල් පෙනිලා එක පුක්වත් එපා කියලා තව ගුලියක් උඩ දැම්මලු. ඒ පාර තිබ්බ එකත් නැති වෙලා. අන්තිම ගුලිය උඩ දාලා යන්තම් තිනබ්බ එක ගෙන්නව ගත්තලු. ;;)



ඉතිරි ටිකත් බලමු...

Tuesday, December 6, 2011

කොසොල් රජතුමාගේ සිහින 3

=========================================================
සිහින 01 |||||||||| සිහින 02
=========================================================

කොසොල් රජතුමා:-
"භාග්‍යවතුන් වහන්ස, මා දුටු තෙවෙනි සිහිනය මෙසේයි.
මම දැක්කා ස්වාමීනී, තමන්ගෙන් එදිනම ඉපදුනු වහුපැටියගෙන් මහ වැස්සියකිරි බොනවා. මේ වගේ දෙයක් වෙන්න පුලුවන්ද ස්වාමීනී?"

බුදුරජානන් වහන්සේ:-
"මහ රජතුමනි, මේ හීනෙන් කියවෙන්නේ අනාගතයේදී දූ දරුවෝ දෙමාපියන්ට වැඩිහිටියන්ට ගරු සැලකිලි නොදක්වන බවයි. ඒ වගේම තම දරුවන් ලඟ දාසයන් මෙන් මෙහෙවර කොට ඔවුන්ගෙන් යැපෙන්න්ට සිදුවෙනවා. තමන්ට එහෙම උදව් කරන්නේ නැත්නම් දරුවන් තම මහලු දෙමාපියන්ට සලකන්නෙත් නැහැ. ඒකයි මේ සිහිනයේ අනාගත තේරුම."


ඉතිරි ටිකත් බලමු...

Monday, December 5, 2011

නිදහස සොයන අපි....(එලුවගෙ මොකද්ද එක වැටෙනකම් පස්සෙන් ගිය නරියා වගේ)




3,4,5 වසර වලදී.....
සෙල්ලම් කරන විට, TVබලන විට...
අම්මා කියයි, තාත්තා කියයි...
ශිෂ්‍යත්තේ,ශිෂ්‍යත්තේ...
ඒක ඉවර උනාම බැරියයි...
ඕන තරම් සෙල්ලම් කරන්න, TVබලන්න...
අනේ ඉතින් අපි ඒ නිදහස වෙනුවෙන් කැප වෙනවා...
ශිෂ්‍යත්තේත් ඉවරවුනා...
ඒත් අපි නිදහස් උනාද????
නෑ...
ඊට පස්සේ අර class මේ class

O/L කර ගත්තොත් ඕන තරම් නිදහස තියෙනවා...
කවුද කියන්නේ...
අම්මයි තාත්තයි ගුරුවරුයි..
ඉතින් අපි ඒ නිදහස පස්සේ දුවනවා....
එතකොට ශිෂ්‍යත්වෙන් පස්සෙ ලැබෙන නිදහස...
ඒක යකාට ගිය දෙන් O/L පස්සෙනේ මරු නිදහස...

ඉතින් පුලුවන් දෛර්ය දාලා වැඩ දාලා O/L කරන්වා...
එකත් කරලා නිදහසේ ආතල් එකේ ඉන්න හදනවත් එක්කම
පටන් ගන්නවා A/L class...
විභාගෙ pass ඇති කියල හිතාගෙන
result out වෙන්නත් කලින් ඉඳලා අපි දුවනවා A/L class..

ඉතින් ඔන්න ආයිත් අර මන්තරේ...
A/L ගොඩදාගත්තොත් campus ගියොත් පුල්වන් වෙයි
නිදහසේ ඉන්න...
A/L කෙල උනොත් ඔක්කොම කෙල වෙනවා..
මදැයි කොලා ඔන්න ඉතින් හති දාගෙන
කන්නෙ බොන්නේ නැතුව පලමු දෙවෙනි තුන් වෙනි සැර වලින්
A/L ගොඩ දා ගෙන අපි යනවා කොහෙද campus campus....

එත් කො ඒ සිහින බලාපොරොත්තු කෝ නිදහස...
මොන පිස්සුද Assignmentද projectද examද
ඔවා කරලා කරලා පන ගිහින් අපි එනවා ජොබ් කරන්න
අනෙ අපෙ නිදහස ආතල් ගැනීමේ බලාපොරොත්තු...
එකත් හරියට මෙන්න මේ වගේ...
එලුවගෙ මොකද්ද එක වැටෙනකම් පස්සෙන් ගිය නරියා වගේ
:D :D :D :D
>

ප.ලි.
හිතට ආපු නිසා ලිව්වා. හැමෝම නැතත් ගොඩක් අයට මේ දේ අඩු වැඩි වශයෙන් ලැබිලා ඇති. මං තුමානන් ඕවා ඕනතරම් අහලා ඕවා පිලිපැදලා ඉන්නේ... :) :)


ඉතිරි ටිකත් බලමු...

Saturday, December 3, 2011

ඩොටේ යන්න කියලා.....




අද ගෙද්ර යන්න කියලා.
පැය 5ක් 6ක් යන්න එපයි බස් එකේ.
මත වෙනකොටත් ඇග සීතල වෙනවා.
අපෙ උන් නම් කියන්නෙ ඩොටේ ඉන්නෙ කියලා.
එත් ඉතින් උන්ගේ නගර බද ගෙවල් වලට යන්න ගියාම තමයි ඉතින්...
අයිත් කියන්න ඔන නෑ.
නගරෙන් බැහැලා තව ඉටිපන්දම් 2ක 3ක දුර පයින් යන්න ඕන.
පැය 2න් විතර අපිටත් දැන් ගෙදර යන්න පුලුවන්.
ඉස්සරහට දක්ෂින අධිවේගී මාර්ගය මාතරටම හදලා ඉවර උනාම.
එහෙනම් ඕං අපි ගියා. පුලුවන් උනොත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්නම්.
ජය වේවා....
:) :)) ;) ;;)


ප.ලි.
අපේ ගමේ නම එහෙම හැදුනු හැටි වෙන පොස්ටුවකින් බලාපොරොත්තුවන්න...


ඉතිරි ටිකත් බලමු...

Friday, December 2, 2011

අධිවේගී මාර්ගවල යාමට උපදෙස්

කියවීමට පින්තූරය මත click කරන්න. ඊයකින් ආපු උපදෙස් ටිකක් කාට කාටත් වැදගත් වෙන නිසා දාන්න හිතුවා










ඉතිරි ටිකත් බලමු...

Thursday, December 1, 2011

කොසොල් රජතුමාගේ සිහින 2

සිහින 1
========================================

කොසොල් රජතුමා:-
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මම දැකපු දෙවෙනි සිහිනය මෙසේයි. රජමාලිගාවේ මිදුලේ වියතක් දෙකක් පමන උස පුංචි ගස්වල මල් පීදිලා. ලොකු ලොකු ගෙඩි හටගෙන.මට තේරුම් ගන්න බෑ මේ අරුම සිහිනය."

බුදුරජානන් වහන්සේ:-
"රජතුමනි, අනාගතයේ මිනිසුන්ගේ කාමාශාව වැඩි වෙනවා. ඔවුන් කුඩා කාලයේදීම පෙම් බැඳ විවාහ වෙනවා. ඔවුන්ගේ ආයුෂත් අඩුවෙනවා. ළදරු වියේදී ගැබ් ගෙන දරුවන් බිහි කරනවා. මයයි මේ සිහිනයේ ප්‍රතිඵලය. මෙය අනාගතයේ සිදුවන දෙයක්."


ඉතිරි ටිකත් බලමු...

කොටි මට දීපු RAG එක (2වෙනි කොටස)



කතාව පටාන් ගන්න කලින් පොඩි පැහදිලි කිරීමක් කරන්න ඕන. සමහර යාළුවන්ට කොටි කියන්නේ කව්ද කියලා තෙරුනේ නෑ කියල තිබුනා. ඒක නිසා මුලින්ම ඒගැන කියන්නම්කෝ. මේකේ මම කොටි කිව්වේ කකුල් දෙකේ කොටි ගැන. මීට අවුරුදු 2කට විතර කලින් අපේ රටින් නැතිවෙලාම ගිය ඒත් දැනටත් පිටරට ඉඳන් කෑගහන කකුල් 2කේ කොටි ගැන තමයි මම මේ කියන්නේ. හරි පූර්විකාව ඉවරයි ඔන්න ඉතින් කතාව.

කොටි මට දීපු RAG එක (1වෙනි කොටස) කියවල නැති අය කියවලම එන්නකෝ.


දිනය 2007 මැයි 28 සදුදා දවසක්.
උදේ පාන්දර 2.30ට විතර ගෙදරින් පිටත් වෙලා 7 විතර වෙනකොට කටුබැද්දට සෙන්දුඋනා. එදා තමයි මගේ ජිඉවිතයෙ තවත් වැදගත් දවසක්. මම campus යන මුල්ම දවස. තාත්තත් එක්ක ආපු නිසා හිතේ පොඩ්ඩක්වත් බයක් තිබ්බේ නෑ. අනික මොකට බයවෙනවද moratuwa campus eke RAG නෑනේ. :D ඔන්න ඉතින් මමත් බෝට්ටුවෙන් IT faculty එකට තෙරිලා නිසා මොරටු කැම්පස් එකට ආවා. මගේ ඉන්ජිනේරු හීනය බොද වෙලා ගියත් මම පස්සේ හිතුවේ අනේ මට මොරටුවට යන්න පුලුවන් වේවා කියලා. එත් මම select වෙලා තිබ්බේ UCSC එකට. ඉතින් මගේ ඒ හිනෙත් බොද වෙලා ගිහින් තිබ්බ ඒ හීනය සැබෑ වෙන්නෙ 2007 මැයි 25 වෙනිදා උදෙ 10 ට විතර ගෙදරට ආපු ලියුම් අරන් එන ලියුම් මහත්තයා දීපු ලියුමෙන්.
එකෙ තියෙන විදියට මම පුරප්පාඩු පිර වීම (කවුරුත් දන්න බෝට්ටු වෙන් තමයි ) සදහා IT Faculty එකට Select වෙලා. register වෙන්න 28 සදුදා උදේ 8.30ට campus එකෙ education department එකට එන්න කියලා තිබ්බා. මට ඉතින් අදහා ගන්නත් බෑ මොකද මගේ 2වෙනි හීනය සැබෑ වෙච්ච නිසා. ඔන්න ඔහොම තමයි මම IT Faculty එකට එන්නේ. ඉතින් තාත්තයි මමයි සදුදා උදේ පන්දරින්ම ගෙදරින් පිටත් වෙලා කැම්පස් එකට ආවා register වෙන්න. මම මොරටුවට එන්න තවත් කැමති උනේ එකේ RAG නැති නිසා. :D අපි දන්න විදියට මොරටුව කියන්නේ RAG නැති කැම්පුස් එකක්. ඒ වගේම තමයි ඒකෙ ඕක නෑ. තියෙන ඒවත් අනික් කැම්පස් එක්ක බලන්කොට Rag කියලා කියන්නත් ලැජ්ජයි. ;)) ;)).
ඉතින් මමයි තත්තයි හා හා පුරා කියල උදේ පන්දර කුකුලත් අතින් අරන් 7.30 විතර වෙන කොට කැම්පස් එකට සේන්දු උනා. security එකෙ හිටපු අය අපිව පැයක් විතර front එකෙ තියාගෙන 8.30ට විතර නියම තැනට එක්ක ගියා.ඊට පස්සේ එයාල මාව register කරගෙන මගෙ UCSC එකට යවපු document ගෙනත් දෙනවා කියලා ලියුමකුත් ලියවගෙන මගේ register කරන වැඩේ ඉවර කලා.
ඉවර උනාට පස්සේ මම ඇහුවා කවද ඉදන්ද මම එන්න ඕන කියලා. ඒ පාර කට්ටිය ඔක්කොම හිනා වෙලා කියනවා අද ඉදලා lectures පටන් ගන්නවා Orientation ඉවරයි. ඒ නිසා දැම්මම
lectures වලට යවනව කියලා. කාලා වරෙන්කෝ. register කරන්වා කිව්වට lectures යන්න වෙන කතාවක් ලියුමේ තිබ්බෙ නැති නිසා මම ඇදුම් මුකුත් ගෙනාවේ නෑ. ඉතින් මම කිව්වා මම නවතින්න බලන් ආවෙ නෑ ඒ නිස ගෙදර ගිහින් ලබන සතියෙ ඉදන් එන්නම් කියලා. අනික ඒ වෙන කොට මට බෝඩිමක් හොයාගෙන තිබ්බෙත් නෑ.
මොකද සිකුරාදානෙ ලියුම ලැබුනේ. ඒ පාර කියපි එහෙම බෑ 80% බලනවා ඒ නිසා අද ඉදලම
lectures යන්න ඕන කියලා. අදුම් නැත්නම් කඩේකින් ගන්න කිව්වා. බලන්න කොච්චර සිම්ප්ල් ප්ලෑන් එකක්ද කියලා. ඒ පාර තාත්ත කිව්වා මට lectures යන්න අනිත් වැඩ ටික එයා බලන්නම් කියලා. මම තාත්ත ගැන ගොඩාක් ආඩම්බර වෙනවා මොකද ඔය වගේ වෙලාවට කරන්න ඔන දේවල් තත්තා කරන්න දන්නවා. වැරදිලා හරි මම තනියම ආවනම් අද මේ කතව ඔයාලට අහන්න ලැබෙන්නේ නෑ මොකද මම අනිවා ගෙදර යනවා දමලා ගහලා.
ඔන්න ඉතින් මාව lectures දාන්න ඉස්සෙල්ලා අපේ AR ට මට කතා කරන්න ඕන කිව්වා. ඔන්න ඔතනදි තමයි මාව RAG උනේ.හොව් හොව් බයවෙන්න එප පොඩි එකක් තමයි ලැබුනේ හැබැයි එක හිතලා කාපු දෙයක් නෙවෙයි. ඒක එයගෙ ජොබ් එක නිසා වෙච්ච දෙයක්.
ඔන්න මමත් ගිහින් තත්තත් එක්ක ගිහින් එයාව හම්බුනා. ටිකක් විස්තර කතා කරලා මට කියනවා එයාලට පොඩි ආරන්චියක් තියෙනවා faculty එකෙ RAG එක තියෙනව කියල . එහෙම දෙයක් උනොත් එයාට ඇවිත් කියන්නලු.අයියෝ මගේ පපුව.. මදයි RAG නැති campus එකකට ආවා. කාලා වරෙන්කෝ ඉතින්. මම මාස 3කට විතර පස්සෙනෙ ආවෙ. Rag තියෙනවනම් මට මාස තුනේම ඒවා තනියම කන්න වෙනවා. අනේ අපොයි.ඔන්න ඔහොම බය කරලා තාම්යි අපෙ AR මාව RAG කලේ.:)) :)) ;) ;)
ඊට පස්සෙ උනේ මොකද්ද කොහොමද කොටි මට Rag එක දුන්නෙ කියලා ඊලග පොස්ට් එකෙන් දාන්නම්. හොන්දයි කියල හිතෙනවනම් comment එකක් දාල හරි වැරදි කියනවනම් ගොඩක් සතුටුයි.

image source:-https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMKD-OTmNEGBjoJgYMYuMeYRCJHRrWBru8mzLk5HD1bmzlgLWTVIYIlUsipVeWe3-HkHio8VHV3Wn1zqOMVeyk-U_Qdiit6nNP19nifBNT-XltS3T0D7ni5Kh2yI3awdfuYgNllaKjMHZs/s1600/rag+5.jpg


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...