Monday, October 31, 2011

෴෴෴සිහින කොදෙව්ව෴෴෴

All our dreams can come true, if we have the courage to pursue them.
Walt Disney



෴෴෴෴෴෴෴෴෴සිහින෴෴෴෴෴෴෴෴෴෴
අපි හ‍‍‍‍‍‍‍‍‍‍‍මෝම හීන වලට ආසයි. අපි හැමෝම ලඟ අඩු වැඩි වශයෙන් හීන තියෙනවා. ඒව හැබැකරගන්න අපි ගොඩක් මහන්සි වෙනවනේ.. අපි වෙනුවෙන් අපෙ අම්මල තත්තලත් ගොඩක් හීන දකිනවා. ඒවා ඉටු කරන්න ඒ ගොල්ලො ගොඩක් මහන්සි වෙනවා....
ඉතින් අපි ඉපදුනු දවසෙ ඉදන් අපි ජිවත් වෙන්නේ ඒ හීන තුල. අපි ඉපදෙන කොට අපිට තෙරුමක් නැති උනත් අපේ අම්මල තත්තල හීන දැක්ක අපෙ අනාගතය ගැන.. ඉතින් අපි ඉපදුන දවසෙ ඉදන් මැරෙන මොහොත දක්වාම අපි ජිවත් වෙන්නෙ ඒ හින තුල...
 මේ කතා කරන මමත් හින දැක්කා තමත් දකිනවා... සමහර ඒව හැබෑ වෙනවා තවත් සමහර එවා හීන විතරක්ම වෙනවා... එත් අපි කවදාවත් හීන දකින එක නවත්වන්නේ නෑ... එක තමයි ලෝක සොභාවය.
මේ බ්ලොග් පිටු අතර කොච්චර නම් හීන ලොක තියෙනවද.... මගෙ යලුවෙක් කරන හරීගෙ හිනලන්තය එයින් එක උදාහරණයක්....තව කොච්චරනම් සිහින ලෝක මේ බ්ලොග් පිටු අතර සැගවිලා තියෙනවද.. අපි කොච්චරනම් හීන වලට ආසද....
කට්ටිය බලනවා ඇති මොකෝ මෙ මූට වෙල තියෙන්නෙ කියල... මං තුමටත් හිතුනා මෙ බ්ලොග් එක හින පිටු අතරට ගෙනියන්න... ඒ කිව්වේ මෙ බ්ලොග් එක Jeewantha's Note Book(ජීවන්තගේ සටහන් පොත) එන මාසේ ඔව් ඔව් ලබන නොවැම්බර් ඉදලා Jeewantha's Dream Island (ජීවන්තගේ සිහින කොදෙව්ව) කියල නම් කරලා අලුත් විදියකට අරන් එන්න....
මං හිතනවා ඔයලා හැමෝම මාත් එක්ක දිගටම ඉදී කියලා....

එහෙනම් අලුත් විදියකට අලුත් වෙනසකින් අලුත් හීන ගොඩක් එක්ක හමු වෙමු. එතකම් ඔබ සැමට ආයුබෝවේවා!!!

අවසරයි ඉතින් මට මගේ හීන ලෝකයේ සැරිසැරීමට

එන්න මාත් එක්ක පිය මනින්න මගේ සිහින කොදෙව්ව තුල...

සිහින දකින්න...
සිහින එක්ක ජිවත් වෙන්න....
සිහින හැබෑ කරගන්න...
හීන බෙදාගන්න...
හීන අත්විදින්න...
හීන ලොකයේ අතරමන් වෙන්න...

හීන අතර මාත් එක්ක පිය නගන්න එන ඔබ සැමට...

෴෴෴෴෴෴෴ආයුබෝවේවා!෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ලඟින් යන එව්වා... කියවලා බලමු...