Monday, January 2, 2012

කොසොල් රජතුමාගේ සිහින 7

හරීගේ හීනලන්තය ලියන හරීන්ද්‍ර කියන මගේ යාලුවා අහල තිබුනා කොමෙන්ටුවක් දාලා මේ සිහින 16 ගැන විස්තරයක් කියන්න කියලා. ඉතින් මුලින්ම දන්නෙ නැති අය වෙනුවෙන් මේ සිහින 16 ගැන පොඩි හැඳින්වීමක් කරලම 7 වෙනි සිහිනය කියන්නම්.

පසේ නදී කොසොල් හෙවත් කොසොල් රජතුමා කියන්නෙ බුදුහාමුදුරුවන්ගෙ දායක රජතුමෙක්. එතුමා බුදුහාමුදුරුවො ගොඩක් ලගින් ආස්‍රය කාලා. ගොඩක් බන එහෙමත් ඇහුවා. ඉතින් දවසක් රෑ මේ රජතුමා අමුත් හීන 16ක් දැක්කා. ඔක්කොම අමුතුම අමුතුයි. ඉතින් රජතුමා උදෙන්ම ගිහින් බුදුහාමුදුරුවෝ මුන ගැහිලා තමන් දැකපු සිහින 16 ගැන විස්තර කලා. මම මේ සිහිනයෙන් සිහිනය දාන්නේ රජතුමා දැකපු සිහින සහ ඒවා බුදුහමුදුරුවෝ විස්තර කල ආකාරය. මේ හැම සිහිනයකම තේරුම එදාට වඩා ගැලපෙන්නේ අදට.

ඉතින් ඔයාලත් මේ සිහින ටික කියවලා බලලා තීරනය කරන්න මේ සිහින වලින් කීයක් දැනටම ඇත්ත වෙලා තියෙනවද කියලා. හරි ඔන්න මම හිතනව හැමෝටම මේ සිද්දියේ වට පිටාව දැනටම තේරෙනවා කියලා. ඔන්න එහෙනම් දැන් ඔය වම් පැත්තෙ තියෙන ගැජට් එකෙ තියෙන ලින්ක් වලින් ඔයාලට මෙතෙක් මම දාපු සිහින 6 බලන්න පුලුවන්. එහෙනම් දැන් බලමු 7වෙනි සිහිනය.


කොසොල් රජතුමා:-
"භාග්‍යවහුන වහන්ස, මිනිසෙක් අසුනකට වී සම් පටක වලින් ලනුවක් අඹරද්දී එම අසුන යට සිටින හිවල් ධේනුවක් එම මිනිසා අඹරනලද ලනුව කා දමන ආකාරය මම දුටුවා.
"


බුදු හාමුදුරුවෝ:-
"මහ රජතුමනි, මෙයටද බියවීමට හේතුවක් නෑ. අනාගතයේදී මිනිසුන් අතර කාම මිථ්‍යාචාරය ද බහුල වෙනවා. ස්වාමි පුත්‍රයන් උපයන දෑ විනාස කරමින් සොර සැමියන් සමග දුරාචාරයේ යෙදෙන ස්ත්‍රීන් ගැනයි මේ සිහිනයෙන් කියවෙන්නෙ."


ප.ලි. මට නම් හිතෙන්නෙ මේ සිහිනයේදි බුදුහාමුදුරුවෝ ස්ත්‍රීන් ගැන විතරක් නෙවෙයි. හොර බිරිදන් ලඟට යන පිරිමි ගැනත් කියනවා. මොකද මැදපෙරදිග ගිහින් දුක්විඳලා හම්බකරලා එවන සල්ලි වලට (උදාහරනයක් )සමහර පිරිමි කරන දේත් ඔකමනේ.






2 comments:

  1. බොහොම ස්තුතියි පොඩි විස්තරයක් කළාට...
    ඒ කියන්නෙ බුදුදහමේ විශ්වාස කරෙනවා හීන තුලින් අපේ අනාගතය පේනවා කියලා...
    බයිබලයේත් ඔය හීන ගැන ගොඩක් විස්තර තියෙනවා... එක එක අය දැකපු හීන හා ඒවල තේරුම් ගැන..ඒත් පරණ ගිවිසුමේ විතරයි අලුත් ගිවිසුමේ නෑ...
    හීන වලින් පේන දේවල් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවාද සහෝ....?

    ReplyDelete
  2. @හරී
    එකනම් මචන් මම හරියටම දන්නේ නෑ. බොරු කියන්න ඕන නෑනෙ. අපි සිහින විස්වස කරනවද නැද්ද කියන එක ගැන මට නම් මුකුත් කියන්න නෑ. බුදු දහමේ එහෙම කියල තියෙනවද කියලා ඇත්තටම මම දන්නෙ නෑ. ඒත් මේ සිහින 16නම් මම ගොඩක් තැන් වලදි අහල තියෙනවා.

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...