Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Wednesday, January 9, 2013

කලකට පස්සේ බ්ලොගයට බැස්සේ...

හම්මේ බ්ලොග් එකෙ හැටි... අව්රුද්දකට ආසන්න කාලයක් නිහඩවම ගියා. බ්ලොග් එකේ 4 මායිමේවත් එන්න බැරිඋනා. වැඩත් එක්ක busy ගොඩක් උනා.

ඉතින් කොහොමද යාලුවනේ කට්ටියම හොන් කියල හිතනවා. නිශ්ශබ්දව හිටිය කාලෙ වෙච්ච ගොඩක් කතා තියෙනවා. එවත් එක්ක නැව්තත් ඔයාලව මුන් ගැහෙන්න හිතුවා.

වෙච්ච කතා ගොඩයි එවයින් කිපයක් තමයි පහත තියෙන්නෙ කට්ටිය කැමති විදියට ඒව ඔයලත් එක්ක බෙදා ගන්නම්.

1) මගෙ පලවෙනි රිය අනතුර
2) කුඩ්ඩෙක් සමග පැයක්.
3) පලමු සුපිරි පන්තියේ හොටලෙකින් කෑමක්
4) පලමු තරු 7 හොටලයක රාත්‍රිය...
5) මගේ පලමු පඩියෙන් කරපු කියපු දේවල්...

තව ඔය වගේ කතා ගොඩයි..... මේ කලය තුල වෙච්ච හොද හොද අත්දැකීම් එක්ක ඉක්මනට හම්බෙමු. එතෙක් ජය වේවා.


ඉතිරි ටිකත් බලමු...

Wednesday, November 9, 2011

ජීවිතය දුශ්කරයි.... ඒත්...




පොඩි කතාවක් දාන්න හිතුවා. මෙක අපි හැමෝටම වැදගත් කියල හිතුනු නිසා. කියවල බලන්න. හොඳයි කියල හිතෙනවනම් අදහස් දක්වල යන්නකෝ.... :) :) :)

මේක සිද්ද උනේ මෙඩිකල් ෆැකල්ටි එකක පලමු වසරේ සිසුන්ට. ඒ අයට තියෙනවනේ ඔය subject එකක් anatomy කියලා. අන්න එකෙදි තමයි මේක වෙලා තියෙන්නේ. ඔන්න දැන් කට්ටියම  ක්ලස් එකෙ මැද තිබ්බ මල මිනියක්වටේ වට වෙලා ඉන්නවා.
දැන් උගන්වන්න ආපු professor උගන්වන්න ඉස්සෙල්ලා පොඩි උපදෙස් ටිකක් දෙනවා. උපදෙස් කිව්වට මහ ගොඩක් නෙවෙයි උපදෙස් 2යි.  එවා ඩොක්ට කෙනෙක්ට ගොඩාක් වදගත් වෙනව කියලත් කිව්වා


1 වෙනි එක තමයි ඩොක්ට කෙනෙක් කවදාවත් මිනිස් ශරීරය පිලිකුල් කරන්න එපා කියන එක.

එහෙම කියපු  professor මොකද කලේ අර මිනියෙ කට ඇතුලට ඇගිල්ල දාල ලෙව කැවා.
ඒ මදිවට ලමයි ඔක්කොටම ඒක කරන්නත් කිව්වා. කට්ටිය දැන් ඩිම් වෙලා ඇඉ අප්පා කොරන්න පුලුවන් දෙයක්ය කිව්වේ. ඩොකෙක් තියා මොකෙක් වෙන්න ආවත්. ඊත් ඉතින් මොනා කරන්නද කියල කට්ටියම ඉතින් වැඩේ කලා. කට්ටියට දැන් වමනෙට වගේ ඇයි ඉතින් අප්පිරිය වැඩේනේ.

කට්ටියම කරල ඉවර උනට පස්සෙ professor කරය එයගෙ දෙවෙනි උපදේශය දුන්නා එක තමයි.
2වෙනි ගුනාංගය තමයි ඩොක්ට කෙනෙක් වෙනවනම් එයාට හොඳ නිරීක්ශන හැකියවක් තියෙන්න ඕන කියන එක.
දැන් කට්ටියටම හෙනම අප්ශට් වැඩෙට ඇඉ ඉතින් දිපු උපදෙස කොහොමද ගලපගන්නෙ කියලා. ඇගිල්ල ලෙවකාපු එකයි 2වෙනි උපදේශයයි අහසයි පොලවයි වගේනේ.
ටික වෙලාවකින් professorම විස්තර කලා ඒක කොහොමද මෙතනට වැදගත් වෙන්නේ කියලා.
මොකද කරල තියෙන්නේ එයගේ දබර ඇගිල්ල මිනියේ කටට දාලා ලෙව කාලා තියෙන්නේ මැද ඇගිල්ල.
කාල වරෙන්කො කාටවත් මේක මීටර් වෙලා නෑ.ඉතින් එක තමයි professor කියල තියෙන්නෙ 2වෙනි උපදෙශය විදියට නීරික්ශනය ඩොකෙක්ට ගොඩාක් වැදගත් කියලා
දැන් මෙකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි...

Life is tough but it’s a lot tougher when you are not paying attention




ප.ලි.
ඔයාලට හිතෙන දේ කොමෙන්ට් එකක් විදියට දාලම යන්න.


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...