Friday, January 6, 2012

පොඩි පොඩි ජොලි කතා 03

පොඩි පොඩි ජොලි කතා 01
පොඩි පොඩි ජොලි කතා 02

============================================================



පලමු අදියර...
ඔන්න අලුත් අවෘදු පර්ටි එකකදි නිමල් සහ කමල් කතා කර කර ඉන්න ගමන්
කමල්:- මචන් මට සිගරට් එකක් දියන්...
නිමල්:- ඇයි දැන් උබ කිව්වෙ අලුත් අවුරුද්දෙ ඉඳන් උබ ඔක බොන එක නවත්වනව කියලා.

කමල්:- ඔව් බන් මන් නවත්වනවා.. දැන් මම ඉන්නෙ එකේ පලමු අදියරේ...
නිමල්: පලමු අදියරේ?

කමල්:- ඔව් බන් දැන් මන් සිගරට් සල්ලි වලට ගන්නේ නෑ බන්....


නිවුන්නු
ඔන්න අලුතෙන්ම ඉස්කොලෙට ගිය පොඩි ළමයෙක් අම්ම ගාවට ඇවිත් කියනවා අම්මෙ අම්මෙ අපෙ පන්තියෙ ඉන්නව එක වගේ යාලුවො දෙන්නෙක්. ආ පුතේ එයාලා දෙන්න එහෙනම් නිවුන්නෞ වෙන්න ඇති.

පහුවදා ගෙදර ආපු ගමන් පොඩි එකා අම්ම ගාවට දුවගෙන ඇවිත් කියනවා අම්මේ අම්මේ එයලා දෙන්නා නිවුන්නු විතරක් නෙවෙයි සහෝදරයොත් වෙනවා.


ඔයාට පොඩ්ඩක්වත් මිස් වෙලා නෑ...
නිමල් පාපන්දු පිස්සෙක්. ඔන්න හරියටම අලුත් අවුරුදු දවසේ පාපන්දු තරගයකුත් තිබුනා. දැන් මේක බලන්න සෙට් වෙනකොටම නෝනා ඇවිත් කිව්ව ඉක්මනට එන්න අවුරුදු දව්ල් කැම වේල ලෙස්ති කියලා.
මැච් එකද දවල් කැමද කියලා හිත හිත ඉන්දලා නිමල් කැම තෝරගෙන ගෙදර කට්ටිය එක්ක කෑම කාලා ඉවර වෙලා ඇවිත් මැච් එක බලන්න සෙට් උනා.
ඔන්න එතකොට නෝනා ඇවිත් මැච් එකෙ විස්තර ඇහුවා.
මැච් එකෙ පල්වෙනි half එක ඉවරයි ලකුනු 0-0 කියල දුකෙන් කිව්වා.ඉතින් අනේ ඔයාට මැචෙක පොඩ්ඩක්වත් මිස්වෙලා නෑනෙ. තාම 0-0යිනෙ කියලා නෝන කිව්ව.


නෝනා..
ඔන්න දවසක් බාර් එකකට ආව මනුස්සයෙක් ශොට් එකක් බොනවා පර්ස් එක බලනවා අයිත් ශොට් එකක් බොනවා පර්ස් එක බලනවා.
ඉතින් මේක දැක්ක බර් එකෙ හිටපු මනුස්සයෙක් ඇහුව ඇයි හැමතිස්සෙම පර්ස් එක බලන්නෙ කියලා. ඉතින් අර මනුස්සය කියනවා

"නෑ මේකෙ මගේ නොනගෙ ෆොටෝ එක තියෙනවා එක ලස්සනට පේන්න ගන්නකොට මම බොන එක නවත්තලා ගෙදර යනවා."


බුරුවො...
දවසක් මනුස්සයෙක් ඩොක්ටර් කෙනෙක් ගාවට ඇවිල්ල කියනවා. ලෙඩා:-ඩොක්ටර් ඩොක්ටර් මට මගේ වටේටම නිල් පාට බුරුවෝ පේනවා..
ඩොක්ටර්:- හරි හරි බය වෙන්න එපා දැන් ඔයාට ඉස්සරහ ඉන්නෙ කවුද?
ලෙඩා:- නිල්පාට බූරුවෙක් ඩොක්ටර්.


කාටද කියන්නේ....
දවසක් මනුස්ස්යෙක් ඔපරේශන් එකකට ඇවිත්. ඉතින් නර්ස් අර ලෙඩාගෙන ප්‍රශ්න අහල ෆොර්ම් එකක් පුරවන්වා.
නම ගම වයස වගේ එවා.

නර්ස්:- හදිස්සියක් උනොත් කාටද දැනුම් දෙන්න ඕන..
ලෙඩා:- එකියන්නෙ මට අමාරු උනොත්ද?
නර්ස්: ඔව් ඔව්...
ලෙඩ:- එහෙනම් කෙලින්ම ඩොක්ටර් කෙනෙක්ට කියන්න.


ඉතිරි ටිකත් බලමු...

Wednesday, January 4, 2012

එක එක රටවල් අලුත් අවුරුදු උදාව සැමරු හැටි....

අලුත් අවුරුද්දක් ලැබුවා. ගොඩක් රටවල් මේක ගොඩක් ඉහලින් සමරනවා. ඔය අතර මල්වෙඩි වලට ලැබෙන්නෙ ගොඩක් ලොකු තැනක්. ඉතින් ලොකෙ තියෙන ප්‍රදාන රටවල් කිහිපයක් අවුරුදු උදාව සැමරූ අකාරය තමයි පහල තියෙන්නෙ. ගිහින් බලන්න. එවා කොච්චර ලස්සනද කියලා...

ලන්ඩන්....(එන්ගලන්තය)




සිඩ්නි (ඕස්ට්‍රේලියා)



ඩුබායි




ඉතිරි ටිකත් බලමු...

Tuesday, January 3, 2012

පොඩි පොඩි ජොලි කතා 02

පොඩි පොඩි ජොලි කතා 01ට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුන නිසා තව පොඩි ජොලි කතා ටිකක් දාන්න හිතුවා. කියවලා බලන්න හොඳයිද කියලා.
===============================================
0 සිට 200ට තන්පර 6න්
ඔන්න නිමල්ට එයාගෙ වෙඩින් ඇනවසරි එක අමතක උනා කරුමෙට. ඔන්න ඉතින් එයාගෙ වයිෆ් මේකට හොඳට තරහ ගියා. අමතක වෙච්ච එකට නෙවෙයි තැග්ගක් ලැබිච්ච නැති එකට. ඒ පාර වයිෆ් දුන්නා මේ වගේ ඔඩර් එකක් දඩුවමක් විදියට.
දඩුවම තමයි හෙට උදේ එයා නැගිටින කොට ගෙදර දොර ඉස්සරහා තැග්ගක් තියෙන්න ඕන නිකම්ම නිකන් තැග්ගක් නෙවෙයි එක තත්පර 6ක් ඇතුලත 0 ඉඳල 200ට යන්න ඕන.
ඉතින් නිමල් මොකද කලේ පස්සෙන්දා උදේන්ම ගෙදරින් වැඩට පිටත් උනා. දැන් ඉතින් හොයපියකො අර කිව්ව තැග්ග. කොහොම හරි මිනිහා ඒක හොය ගත්තා.
ඔන්න ඉතින් වයිෆ් නැගිටලා බැලුවා නිමල් නෑ. උදෙන්ම මාරු වෙලා ගිහින් කියලා හොඳටම තරහ ගිහින් ගෙදර දොර ඇරියා. මෙන්න බොලේ ගෙදර දොර ගාව තැග්ගක්. ගෑනිට පට්ටම හැපී. එයත් ඉතින් ඉක්මනට තෑග්ග බැලුවා. ඔයාල හිතන්නෙ මොකක් කියලද.... ඔව් ඔව් ෆෙරාරි වගේ කාර් එකක් තමයි. පහලට ගිහින් බලන්නකෝ ලැබුනු තැග්ග...

|
|
|
|
|
|
|
|
|
|
V



පට්ට ෆෙරාරි එකනේ. හික්ස්.. :)) :))


ගැහැනු හෝමෝන...
ඇමරිකාවෙ විද්‍යාඥයෝ සෙට් එකක් පට්ටම හොයා ගැනීමක් කරලා. ඒකට අනුව බියර් වල ගැහැනු හෝමෝන චුට්ටක් අඩංගු වෙලා තියෙනවා කියලා ඔප්පු වෙලා. ඉතින් මේක ඔප්පු කරන්නත් එපයි ඉතින් මොකද කලේ මින්ස්සු 25ක් ගෙන්වලා හෑමොටම බියර පයින්ට් 12 ගනනෙ පොවලා.
ඉතින් ප්‍රතිපලය ඇස් පනාපිට ඔප්පු වෙලා. කොහොමද දන්නවද කට්ටිය වැඩ කරන එක පැත්තක තියලා අනම් මනම් වල් පල් දොඩවන්න අරගෙන.

මේ සැරේ ඔයා...
ඔන්න එක්තරා පාර්ක් එකක තිබුනා මුහුනෙන් මුහුන බලාගෙන ඉන්න ජොඩුවකගේ පිලිමයක්. ඉතින් දවසක් මේ පාර්ක් එකේ ගසකට අරක් ගත්ත දෙවියට මේ පිලිම දෙක ගැන දුක හිතිලා ඇවිත් කිව්වා මම ඔයාල දෙන්නට පණ දෙන්නම් හැබැයි පැය 1/2කට විතරයි ඊට පස්සෙ ආයිත් පරන විදියටම පිලිම දෙකක් කරනවා කියලා.
එහෙම කියලා ඔන්න්න දෙන්නට පන දුන්නා. දුන්නා විතරයි මොකද කලෙ ටක් ගලා ගිහින් පාර්ක් එකේ තිබ්බ පඳුරක් අස්සට රිංගුවා. ඔන්න ටික වෙලාවකින් පඳුර හෙලවෙනවා. එක එක සද්ද එහෙමත් ඇහෙන්න ගත්තා (දන්නො දනිති :)) ). දැන් ඉතින් දෙවියටත් පට්ටම හැපී ඇයි ඉතින් ලොකු පින් කමක්නේ කර ගත්තෙ. ඔන්න විනාඩි 15කට පස්සෙ දෙන්නා සතුටෙන් අත්දෙක අල්ලගෙන පඳුර යටින් එලියට ආවා. ඉතින් දෙවියන්ටත් පට්ටම අව්ල් ඇයි ඉතින් තව විනාඩි 15ක් ඉතුරුයි නේ.
ඉතින් දෙවියො කිව්වා තව විනාඩි 15ක් ඉතුරුයි ඉතින් ඒ විනඩි 15ත් සතුටු වෙන්න කියලා. ඒ පාර ගැහැනු පිලිමේ පිරිමි එකට කියනවා එහෙනම් ඔයා මේ පාර පරවියාව අල්ලගෙන ඉන්න මම ඉතුරු ටික බලාගන්නම් කියලා. :)) :)) ;;) ;;)

ඒ තිබ්බෙ Interview එක...
ඔන්න ඉතින් ඔය විධායක ශ්‍රේණියේ සිංහලෙන් එකෙ වැඩ කරපු නොනා කෙනෙක් මැරිලා දිවිය ලොකේ ඉපදුනා. කරපු වැඩ හැටියට කොහොමවත් දිවිය ලොකෙ එන්න බැරිලු. එත් ඔය පොඩි පිනක් පල දීලා තමයි දිවිය ලොකෙට ඇවිත් තියෙන්නෙ. ඉතින් මුර දෙවියො මෙයාට සිද්දිය කියලා අපි ඔයාව දවසක් අපායෙයි දවසක් දිවිය ලොකෙයි ඉන්න දෙනවා ඊලඟ දවසෙ ඔයාම තීරනය කරන්න වැඩියෙනම කැමති කොහේ ඉන්නද කියලා. ගැනු කෙනත් ඒකට කැමති වේලා.
ඉතින් ඔන්න අර නෝනව මුලින්ම අපායට යැව්වලු. අප්පා ඒක අපායක් කියලා කියන්න බැරිලු. මොකද පිහිනුම් තටාක, ගොල්ෆ් පිට්ටනි, අරවද මේවද නැති දෙයක් නැතිලු. ඉතින් ගැනු කෙනත් දවස සිරාවටම ගෙවලා පස්සෙන්දා දිවියලොකෙට ආවලු එහෙ දවස ගෙවන්න. ඉතින් දවසෙම වලාකුලු අස්සෙ පැන පැන සතුටෙන් හිටියලු. තුන්වෙනි දවසේ ඔන්න අර මුර දෙවියො ඇහුවලු කොහෙටද කැමති කියලා. ඉතින් අර නෝනත් අපායයි දිවිය ලොකෙයි තරදියක දාල එහෙම බලල් කිරලා කිව්වලු අපායට තමයි කැමති කියලා. මොකද දිවිය ලොකෙ අපායෙ තිබ්බ මුකුත් නෑ නේ.
ඔන්න අර දෙවියොත් හා හොඳයි කියලා ගැනිව අපායට එව්වලු. මොන කලින් තිබ්බ මුකුත් නැතිලු. ඔක්කොම මඩවලුයි කුනුයි විතරලු. රියල් අපායක්ලු. දැන් ගෑනිට පස්ටම අප්ශට් වැඩෙට. ඉතින් ගිහින් මේ ගැන ඇහුවම අපායේ එකෙක් කිව්වලු ආ එක වැඩිය ගනම් ගන්න එපා එකත් ඔයා එහෙදි කල වගේ interview එකක් තමයි කියලා.

ඉතින් මමත් එහෙමයිනේ...
ඔන්න දවසක් බාර් එකට ආපු මිනිහෙක් එතන බිබි හිටපු කෙනෙක්ට කිව්වලු එයාටත් ශොට් එකක් අරන් දෙන්න කියලා. ඉතින් අර මනුස්සයත් කැමති වෙලා පලවෙනි ශොට් එක අරන් දුන්නලු.ඒක බීල යන්න හදනකොට අර අරන් දීපු කෙනා(A) සහ අනිත් කෙනා(B) අතර වෙච්ච කතාබහ තමයි පහල තියෙන්නෙ.
A:- තමුසෙ කොහෙ කෙනෙක්ද?
B:- මම අයර්ලන්තෙන්
A:- අප්පට සිරි මමත් අයර්ලන්තෙන් ගන්නව ගන්නව තව ශොට් එකක්

A:- අයර්ලන්තෙ කොහෙද?
B:- ඩබ්ලින් වල
A:- විස්වාස කරන්නත් බෑ මමත් එහෙනෙ. ගනව හලො තව ශොට් එකක්.

A:- මොන ඉස්කොලෙටද ගියේ?
B:- Saint Mary's එකට ගියෙ 62දි තමයි out උනේ
A:- පිස්සු හැදෙනව මත් ඒකට තමයි ගියේ 62දී තමයි out උනේ ගමු ගමු තව ශොට් එකක්.

ඔය අතරේ එතනට ආව කෙනෙක් මේ සීන් එක දැකලා බර් එකෙ සෙවකයෙක්ගෙන් මේක ගැන ඇහුවා. අහ්හ් ගනන් ගන්න එපා සර් ඔය නිවුන්නු දෙන්නා ඔහොමම තමයි කියලා...


ඉතිරි ටිකත් බලමු...

Monday, January 2, 2012

කොසොල් රජතුමාගේ සිහින 7

හරීගේ හීනලන්තය ලියන හරීන්ද්‍ර කියන මගේ යාලුවා අහල තිබුනා කොමෙන්ටුවක් දාලා මේ සිහින 16 ගැන විස්තරයක් කියන්න කියලා. ඉතින් මුලින්ම දන්නෙ නැති අය වෙනුවෙන් මේ සිහින 16 ගැන පොඩි හැඳින්වීමක් කරලම 7 වෙනි සිහිනය කියන්නම්.

පසේ නදී කොසොල් හෙවත් කොසොල් රජතුමා කියන්නෙ බුදුහාමුදුරුවන්ගෙ දායක රජතුමෙක්. එතුමා බුදුහාමුදුරුවො ගොඩක් ලගින් ආස්‍රය කාලා. ගොඩක් බන එහෙමත් ඇහුවා. ඉතින් දවසක් රෑ මේ රජතුමා අමුත් හීන 16ක් දැක්කා. ඔක්කොම අමුතුම අමුතුයි. ඉතින් රජතුමා උදෙන්ම ගිහින් බුදුහාමුදුරුවෝ මුන ගැහිලා තමන් දැකපු සිහින 16 ගැන විස්තර කලා. මම මේ සිහිනයෙන් සිහිනය දාන්නේ රජතුමා දැකපු සිහින සහ ඒවා බුදුහමුදුරුවෝ විස්තර කල ආකාරය. මේ හැම සිහිනයකම තේරුම එදාට වඩා ගැලපෙන්නේ අදට.

ඉතින් ඔයාලත් මේ සිහින ටික කියවලා බලලා තීරනය කරන්න මේ සිහින වලින් කීයක් දැනටම ඇත්ත වෙලා තියෙනවද කියලා. හරි ඔන්න මම හිතනව හැමෝටම මේ සිද්දියේ වට පිටාව දැනටම තේරෙනවා කියලා. ඔන්න එහෙනම් දැන් ඔය වම් පැත්තෙ තියෙන ගැජට් එකෙ තියෙන ලින්ක් වලින් ඔයාලට මෙතෙක් මම දාපු සිහින 6 බලන්න පුලුවන්. එහෙනම් දැන් බලමු 7වෙනි සිහිනය.


කොසොල් රජතුමා:-
"භාග්‍යවහුන වහන්ස, මිනිසෙක් අසුනකට වී සම් පටක වලින් ලනුවක් අඹරද්දී එම අසුන යට සිටින හිවල් ධේනුවක් එම මිනිසා අඹරනලද ලනුව කා දමන ආකාරය මම දුටුවා.
"


බුදු හාමුදුරුවෝ:-
"මහ රජතුමනි, මෙයටද බියවීමට හේතුවක් නෑ. අනාගතයේදී මිනිසුන් අතර කාම මිථ්‍යාචාරය ද බහුල වෙනවා. ස්වාමි පුත්‍රයන් උපයන දෑ විනාස කරමින් සොර සැමියන් සමග දුරාචාරයේ යෙදෙන ස්ත්‍රීන් ගැනයි මේ සිහිනයෙන් කියවෙන්නෙ."


ප.ලි. මට නම් හිතෙන්නෙ මේ සිහිනයේදි බුදුහාමුදුරුවෝ ස්ත්‍රීන් ගැන විතරක් නෙවෙයි. හොර බිරිදන් ලඟට යන පිරිමි ගැනත් කියනවා. මොකද මැදපෙරදිග ගිහින් දුක්විඳලා හම්බකරලා එවන සල්ලි වලට (උදාහරනයක් )සමහර පිරිමි කරන දේත් ඔකමනේ.







ඉතිරි ටිකත් බලමු...

Sunday, January 1, 2012

මෙම වසරේ මගේ පැතුම.....



අලුත් අවුරුද්දක්
අලුත් බලාපොරොත්තු
අලුත් අදහස්
අලුත් සිහින
මේ වසරේ
මගේ පැතුම
ඔබ සැමට සහ
මගේ රටට
සාමය සතුට පිරි,
සෞභාග්‍යමත්,
සියලු බලාපොරොත්තු,
සියලු සිහින,
ඉටුවන
සුබම සුබ
නව වසරක් වේවා...
ඔබ සැමට තෙරුවන් සරණයි.
දලදා සමිදු පිහිටයි.
ආයුබෝවේවා!
:) :) ;) ;)

image:-https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjy31ri2SvAqQ4Lyg4SVr7x2ioWWT-EGAuNOpfnJJXH_Zb6mRR6B3FNGJqa-iJm4CVSCd2oSmIKg-RDycJkfy2TZWYQ6hIP0XVLbZclBcckQgJXV1jTl44dOhxRBERLOIzpFaPLM-AEbzk/s1600/AWA.jpg


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...