Showing posts with label අනම් මනම්. Show all posts
Showing posts with label අනම් මනම්. Show all posts

Wednesday, January 18, 2012

අවසානයට පෙර....

අවසානය යනු ආරම්බයකට අත්තිවාරමකි
අත්දැකීම් එය තවත් ශක්තිමත් කරනු ඇත.
මෙය
තවත් අවසානයකට පෙර කරන
සුදානමකි.



ඉතිරි ටිකත් බලමු...

Friday, January 13, 2012

Blogger එකට පින් සිද්ද වේවා.

හම්මෝ මම කොච්චර දුක් වින්ද්ද කොමෙන්ට් වලට රිප්ල්යි කරනකොට. ඔන්න බ්ලොග්ර් එක ඒකට විසදුමක් දීලා. පින් සිද්ද වෙච්චාවෙ කියල කියනවා ඇරෙන්න වෙන මොනා කියන්නද?
ඔය වගේ ගැජට් එකක් දාන්න මම වෙච්ච මහන්සිය. හැබැයි දාගන්න නම් බැරි උනා. :)) :)) :)) එක දැකලමද කොහෙද මෙක අපිට දීලා තියෙන්නෙ.
බලන්න ඔයාලගෙ බ්ලොගයෙත් ඒක තියෙනවද කියලා. ඒක කිව්වෙ ඔය පහලින් තියෙන ෆොටො එකේ විදියට කොමෙන්ට් වලට රෙප්ල්ය් කරන්න පුලුවන්ද කියලා.
එහෙනම් ගෝඩාක් ස්තුතියි...




ඉතිරි ටිකත් බලමු...

Tuesday, January 10, 2012

මැරෙන්න ලං වෙලා ලෙඩෙක් ආවත් තොපි ඕකමද කරන්නේ...

ඇත්තටම මේක ලියන්න හිතපු එකක් නෙවෙයි. එත් අද වෙච්ච සිද්දියක් නිසා ලියන්න හිතුනෙ. මේක ඇත්තටම හිතේ දුකටත් වඩා හිතේ තියෙන තරහට ලියන එකක්. මේකයි සිද්දිය.

අද උදේ තාත්තා අම්මව ඉස්කොලෙට දාන්න යද්දි පොඩි අක්සිඩෙන්ට් එකක් වෙලා. එත් තාත්තගේ එක කකුලක පොඩි ඇගිල්ල අනිත් හැප්පිච්ච බයික් එකෙ වැදිලා. වැදුනු පාරට ඒ ඇගිල්ලයි අනිත් ඇගිල්ලයි අතරින් ඉරිල තුවාල වෙලා. ඒපාර ගෙදර ගිහින් තුවාලෙ ඔතාගෙන අපේ ගමේ තියෙන ඉස්පිරිතාලෙට (ආදපාන ඉස්පිරිතාලය එහෙම නැත්නම් Kamburupitiya General Hospital)ගිහින් වැඩි හොඳට මොකද ඇගිල්ල වැදුනු වෙලේ ඇගිල්ල නැවිලා ගොඩක්. ඒ පාර්ට කැඩිලද දන්නෙ නැති නිසා. තුවලෙ රිදීමට එක තෙරෙන්නෙ නැතිලු.



මේ සිද්දිය වෙලා තියෙන්නෙ 7ට විතර හොස්පිටල් එකට යනකොට 7.30 විතර වෙලා. ඒතන ඉඳලා මේ වෙනකම් (දැන් වෙලාව 10.30) තාම ඩොක්ටර් කෙනෙක් බලල නෑ. ඩොcටොර් කෙනෙක් බලනකම් තත්තට වාඩි වෙලා ඉන්න කිව්වලු. එතන ලෙඩ්ඩු පෝලිමේ ඉන්නවලු ඩොක්ටර් කෙනෙක් එනකම් එයාලව බලන්න.

මේක ආන්ඩුවෙ ඉස්පිරිතාලයක්. ගොඩක් මිනිස්සු එනවා බේත් ගන්න. 10.30 වෙනකම් ඩොක්ටර් කෙනෙක් නෑ ලෙඩ්ඩුන්ට බේත් දෙන්න.තාත්තනම් කියන්නෙ දැන් ලේ එන එක නැවතිලා කියලා. තුවාලයක් තියෙනවද කියලා දැනෙන්නෙවත් නෑ කියලා. යකෝ මෙහෙමත් ඉස්පිරිතාලයක් ලෙඩෙක් බලන්න ඩොක්ටර් කෙනෙක් නැති හැටි. යකාගේ ඉස්පිරිතාලයක් තමයි. මම දන්න විදියට මේකෙ ගොඩක් ඩොක්ටර්ස්ල ඉන්නවා මොකද මේක ලඟදි ගොඩක් දියුනු කරපු හොස්පිටල් එකක්.

මට අන්තිමට අහන්න තියෙන්නෙ මෙච්චරයි. මුන් මැරෙන්න ලඟ මිනිහෙක්ව අරන් ආවත් මෙහෙමද යකෝ සලකන්නේ. ඩොක්ටර් කෙනෙක් එනකම් ඇඳකට දාල තියයි මැරෙනකන්.


ඉතිරි ටිකත් බලමු...

Monday, January 9, 2012

64=65 ද? පහල බලලම තීරනය කරන්න....

මතකනෙ මම අර කලින් දාපු පොස්ට් එකක් තිබ්බේ 25/5= 5 ද නැත්නම් 25/5= 14 ද? කියලා. මේකත් ඒ වගේ සීන් කෝන් එකක් ගිහින්ම බලන්නකෝ.

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
V


image=http://gifs.gifbin.com/022010/1265701011_64-65.gif


ඉතිරි ටිකත් බලමු...

Wednesday, January 4, 2012

එක එක රටවල් අලුත් අවුරුදු උදාව සැමරු හැටි....

අලුත් අවුරුද්දක් ලැබුවා. ගොඩක් රටවල් මේක ගොඩක් ඉහලින් සමරනවා. ඔය අතර මල්වෙඩි වලට ලැබෙන්නෙ ගොඩක් ලොකු තැනක්. ඉතින් ලොකෙ තියෙන ප්‍රදාන රටවල් කිහිපයක් අවුරුදු උදාව සැමරූ අකාරය තමයි පහල තියෙන්නෙ. ගිහින් බලන්න. එවා කොච්චර ලස්සනද කියලා...

ලන්ඩන්....(එන්ගලන්තය)




සිඩ්නි (ඕස්ට්‍රේලියා)



ඩුබායි




ඉතිරි ටිකත් බලමු...

Tuesday, December 13, 2011

පොඩි උදව්වක් ඕනේ plssssssssss....

අද උදේ ඉන්දලා මගේ blog design page එකෙ මෙන්න මේ වගේ error එකක් තියෙනවා පුලුවන් නම් මේකට මොකද කරන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙනවද


ඉතිරි ටිකත් බලමු...

Saturday, December 3, 2011

ඩොටේ යන්න කියලා.....




අද ගෙද්ර යන්න කියලා.
පැය 5ක් 6ක් යන්න එපයි බස් එකේ.
මත වෙනකොටත් ඇග සීතල වෙනවා.
අපෙ උන් නම් කියන්නෙ ඩොටේ ඉන්නෙ කියලා.
එත් ඉතින් උන්ගේ නගර බද ගෙවල් වලට යන්න ගියාම තමයි ඉතින්...
අයිත් කියන්න ඔන නෑ.
නගරෙන් බැහැලා තව ඉටිපන්දම් 2ක 3ක දුර පයින් යන්න ඕන.
පැය 2න් විතර අපිටත් දැන් ගෙදර යන්න පුලුවන්.
ඉස්සරහට දක්ෂින අධිවේගී මාර්ගය මාතරටම හදලා ඉවර උනාම.
එහෙනම් ඕං අපි ගියා. පුලුවන් උනොත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්නම්.
ජය වේවා....
:) :)) ;) ;;)


ප.ලි.
අපේ ගමේ නම එහෙම හැදුනු හැටි වෙන පොස්ටුවකින් බලාපොරොත්තුවන්න...


ඉතිරි ටිකත් බලමු...

Friday, December 2, 2011

අධිවේගී මාර්ගවල යාමට උපදෙස්

කියවීමට පින්තූරය මත click කරන්න. ඊයකින් ආපු උපදෙස් ටිකක් කාට කාටත් වැදගත් වෙන නිසා දාන්න හිතුවා










ඉතිරි ටිකත් බලමු...

Wednesday, November 23, 2011

සෙනෙහසින් ලියන වගනම් .....




ඩිල්ශාන් ප්‍රමුක අපේ ආදරණීය ක්‍රිකට් ටීම් එක වෙත,
සමහර විට ඔබ මෙම ලිපිය නොදකිනවා වෙන්න පුලුවන්. ඒත් අපෙ ක්‍රිකට් ටීම් එකට ආදරය කරන ක්‍රිකට් රසිකයෙක් විදියට මෙම මොහොතේ කට පියාගෙන සිටීම වැරදි යයි යන හැඟුමෙන් මෙම ලිපිය ඔබ සියලු දෙනා වෙත ලියනු කැමැත්තෙමි. පලමුව කීමට දෙයක් ඇත. මෙම ලිපිය ලියන්නේ ඔබ ගැන වෛරයකින් නොව අපේ ටීම් එක ගැන දුකෙනි.

ලෝක් ක්‍රිකට් අනු ශූරයන්වූ අපේ ටීම් එක එක දිගටම මෙසේ පැරදීම ගැන අපට ඇත්තේ කියගත නොහැකි දුකකි. හැමොටම හැමදාම මගුල් නැති බව දනිමි. ඒත් මෙසේ පැරදීම ගැන කීමට ඇත්තෙ තනිකරම වැරැද්ද ක්‍රීඩකයන් සහ පාලන අදිකාරිය වග කිව යුතු බවය.

කවදාවත් නැති විදියට මේවන විට අපේ ක්‍රිකට් ටීම් එකට Batting Coach කෙනෙක්, Balling Coach කෙනෙක්, Fielding Coach කෙනෙක් සහ Overall Coach කෙනෙක් සිටියදී මෙසේ පැරදීම ඇදහිය නොහැකි තත්වයකට පත්ව ඇත. මටනම් සිතෙන්නේ මෙච්චර පුහුනු කරුවන් සිටීමෙන් වී ඇත්තේ ආඩි හත්දෙනාගේ කැද හැලිය තත්වෙට පත්ව ඇති බවයි.

කෙසේ නමුත් ඔබට මේ තත්වයෙන් පැන යා නොහැක. මොකද කෝටි 2ක් වු ජනතාවක් නියෝජනය කිරීමට සිටින ඔබට නිදහසට කරුනු කිය කිය සිටීමෙන් පලක් නැත. කෙසේ හෝ මේ තත්වයෙන් ගොඩ ආ යුතුය.
මම ක්‍රිකට් ලොලියෙක් විදියට ඔබලාහගේ දකින වැරදි කිහිපයක් පෙන්වීමට කැමැත්තෙමි.

1. එකදු ක්‍රිඩයකුවත් තමන්ගේ වගකීම ගැන හරියටම දන්නේ නැත.
2. හැමෝම ලොකු ලොකු පහරවල් ගැසීමට සිතා සිටින නමුත් ලකුනු එක දෙක ලබා ගැනීමට උත්සහ නොකරයි.
3. පලමු කඩුලු 2, 3 බිද වැටුනු පසු ඉතුරු කඩුලු ටික ආරක්ශා කිරිමට උත්සහයක් නොගනී. නමුත් අනවශ්ය පීඩනයක් ගෙන ඉතුරු කඩුලු ටිකද ඉක්මනට දැවි යයි.
4. අවසන් පිතිකරුවන් 3දෙන ජීවිතෙට බැට් එකක් අල්ලා නැති බව පෙනේ. ඔවුන්ටද බැටින් පුරුදු කල යුතුය.

මා පන්ඩිතයකු ලෙස ඔබට පෙනෙනු ඇත. පුලුවන්නම් ඇවියත් කරල පෙන්නන්න කිය කියනු ඇත. සත්යකි මට ඔබට මෙන් ක්‍රිකට ගැසිමට නොහැක. ඒනිස තමයි පුලුවන් යයි හැගෙන ඔබලාව අප වෙනුවෙන් ක්‍රිකට් ගසන්නට තොරගෙන තියෙන්නෙ. අරයගෙ වැරැද්ද මෙයාගෙ වැරැද්ද සොයනු වෙනුවට තම තමන්ගේ වැරැදි සදා ගත යුතුව ඇත. එවිට ඔබ පැරදවීමට ජගතෙකු නොමැත.

අවසානයට ඔබ සියලු දෙනාටම කියනු කැමති දෙයක් ඇත. එනම් ඔබ සියලු දෙනා දෙවියන්ට ස්තුති කල යුතුව ඇත. මක් නිසාද යත් ඔබ ඉන්දියාව වෙනුවෙන් සෙල්ලම් නොකරන් බැවිනි. එසේ උනානම් ඉතුරු ටික ඔබටම සිතා ගත හැකිවනු ඇත.

එළබෙන දකුනු අප්‍රිකානු තරගාවලිය සදහා දැන්ම සිට පුහුනු වී එය ජය ගැනීමට පිඹුරු පත් සකස් කිරීමට දැන් කාලයයි. පරන දේවල් අමතක කර එම තරගාවලිය දිනීමට දැන්ම සිට කටයුතු කරමු.
ශ්‍රි ලංකාව දිනවීමට ඔබ සැමට ශක්තිය දෛරය ලැබේවා. ජය වේවා.

මීට,
ඔබ සැමට ආදරය කරන,
ක්‍රිකට් ලොලියෙක්.


ඉතිරි ටිකත් බලමු...

Monday, November 7, 2011

බූරුවා..... වඳුරා....


මේක මට ඊයකින් ආපු එකක්. එකෙ සින්හල පරිවර්තනයක් කල කොහොම වෙයිද දන්නේ නෑ. කියවලම බලන්නකෝ.
එකොමත් එක දවසක මනුස්සයෙක් තමන්ගෙ වාහනේ(නැතුව ඉතින් අනුන්ගෙ එව ගෙනියන්න හොරෙක් නෙවෙයි නේ :)) :)) ) එලවගෙන (පස්සෙන් නෙවෙයි ) යනකොට දැක්ක ගෑනු කෙනෙක් විරුද්ද පැත්තට එලව්ගෙන යන කාර් එකක්. මනුස්සය මොකද කලේ වීදුරුව පහත් කරලා හයියෙන්


බූරුවා... බුරුවා...                              කියල කෑ ගැහුවා.


ගැනිට මේකට මල හොඳටම.. ඇයි යකෝ බූරුව කිව්වම මල පනින්නේ නැද්ද.. ගෑනි මොකද කලේ හැරෙන තැපෑලෙන්විදුරුව පහත් කරලා

වදුරා... වදුරා... කියලා හයියෙන් කෑගැහුවා.



දැන් ඉතින් ගෑනිට පට්ටම සැටිස් ඇයි ඉතින් ආයි ඉතින් රිටර්න් එක දුන්නනේ වෙඩි වගේ... 
අනේ ඉතින් මෙහෙම රිටර්න් එක දීලා ටික දුරයි යන්න ලැබුනේ...........
ඉතුරු හරිය පහලට ගිහිල්ලම බල්න්නකෝ....



                                                        |
                                                        |
                                                        |


                                                        |
                                                        |
                                                        |



                                                        |
                                                        |
                                                        |

                                                        |
                                                        |
                                                        |

                                                        |
                                                        |
                                                        |

                                                        |
                                                        |
                                                        |
                                                       V


Moral: 
"Women never really understand what men are trying to say them."



ඉතිරි ටිකත් බලමු...

Thursday, November 3, 2011

අම්මෝ මාගේ පපුව... මට US$ 2,500,000.00 ක් ඇදිලා....

මේක අද දාපු දෙවෙනි පොස්ට් එක කලින් එක මෙතනින් බලන්න...෴෴සිහින කොදෙව්ව෴෴Dream World෴෴ and Half Century෴෴
අද ඉතින් වැදගත් දවසක්නේ පොස්ට් 50ක් කියලා ඉවර කරල ඉන්න වෙලාවක්නේ....

 මට විස්වාස කරන්නත් බෑ. මට මෙච්චර සල්ලි ගොඩක් ඇදිල කියලා. මුන්ට පිස්සුද අප්පා මට නිකන් සල්ලි දෙන්න. ඇයි යකෝ මන් මුන්ට මොනා කරාටද මට මෙච්චර සල්ලි දෙන්නේ.
අව්ලක් නෑ නික්න් නෙ දෙන්නේ. දැන් බලමු මන් මේ සල්ලි වලින් මොනද කරන්නේ කියලා..
හ්ම්ම්ම්ම්...
හී..හී..හී
:) :)) :))

මේ වගෙ ඊයවල් ගොඩක් මට එවනවා..අම්මප මුන් කොහෙන් මේවා හොය ගන්නවද කියල. අපි අහුවෙයි ඕවට. :)) :)) :)) :P :P

මට තියෙන අව්ල මේවගෙ ඒවට අහුවෙන අය මෙච්චර තාක්ෂනේ දියුනු කාලෙක ඉන්නවද කියල...
ලේසි පහසු නෑ. Toyota එකෙන් තමයි මට ගෙවන්නේ. කොහොමද වැඩේ.
මේ තමයි මට ආපු ඊය. කියවල බලන්නකෝ....






CONGRATULATION !!!

TOYOTA CAR LOTTERY INTERNATIONAL PROMOTIONS THAILAND,                                             
CUSTOMER SERVICE DEPARTMENT TOYOTA                              
MOTOR CORPORATIONS, THAILAND. 92/48                                   
SATHON NUA RD. FL 17 SATHORN THANI 2                         
BLDG SILOM, BANG RAK, SILOM,                       
BANGKOK 10500, THAILAND.                                 
Customer Service Department
Dear Email Owner,
This is to inform you that you have won a sum of US$ 2,500,000.00 United States Dollars Only for the email user this 2011 Prize promotion which is organized by TOYOTA ONLINE CYBER LOTTERY THAILAND, Participants were selected through a computer ballot system drawn from 2,500,000 email addresses of individuals and companies from all part of the world as part of our electronic business Promotions Program. Among the (2,500,000.00) that subscribed to MICROSOFT, HOTMAIL, YAHOO, GMAIL Companies domains and few from other e-mails providers, 12 people are selected yearly to benefit from this promotion and you are one of the Selected Winners this year 2011.
Your email address has therefore been approved to claim a total sum of (US$ 2,500,000.00 UNITED STATES DOLLARS) in cash with the following reference numbers:
Ticket Number 4500542188(TMPWAYZ20051).
Serial Number MH4710019
Reference Number: FLS433/453L/GMSA.
Bonus Number VXT55
INSURANCE Number is: WIF0050770
Note: your e-mail address qualified for the draw, as a result of your visiting various websites we are running the e-business promotions for. You/Your Company email address, attached to ticket number 4500542188(TMPWAYZ20051), with serial number MH4710019 drew the Reference Number: FLS433/453L/GMSA. And Bonus number 1 and consequently YOU HAVE won in the Second Category. To begin your claim:-
FILL UP THE BELOW FORM:
1. Your Full Names:
2. Your Country:
3. Telephone Number:
4. Occupation:
5. Age:
6. Sex:
For further clarification please call and send mail to your claim agent (Dr. Yousef Vugar) in order to process your claims with our payee bank:-
Dr. Yousef Vugar. David   Idan
Claim Agent,
Toyota Lottery Thailand Branch.
Email:toyotalottreypromo@yahoo.co.jp
Phone Contact :+66871987848
*************************************
WARNING: Keep your winning information’s confidential until your claims are processed and your fund remitted to you in your bank account. This is part of our precautionary measure to avoid double claiming and unwarranted abuse of this program by some unscrupulous elements.
Congratulations once again,
Yours faithfully,
DR.YOUSEF VUGDAR
(V.P FINANCE)
TOYOTA MOTORS CORPORATION LTD.
www.Toyota.co.th

ප.ලි.
මේ වගේම එන තව ඊයක් තියෙනව. ඒවගෙ එකක් මන් ගාව නෑ. ඒත් ඒ ගැනත් වෙනම පොස්ට් එකකින් දාන්නම්.
වෙලාවකට හිතෙනව ජොලියට වගෙ මෙයින් එක්කට reply කරල බලන්න... හැක් කලත් අපේ mail එකෙන් මොනා හොරකම් කරන්නද... :)) :)) :))


ඉතිරි ටිකත් බලමු...

Sunday, October 30, 2011

ලිබියානුවන්ට පිස්සුද.......

අද දවසට දාපු දෙවෙනි ලිපිය. පලමු ලිපිය මෙතනින් බලන්න.

මේක මට ඊයකින් ලැබුනු එකක් ගඩාෆි ගැන. මේක කියවපුවම මට මුලින්ම හිතට ආපු දෙ තමයි පොස්ට් එකෙ නමට දැම්මේ. මේ තියෙන්නෙ ගඩාෆි ලිබියාව වෙනුවෙන් කරපු දේවල් ලු.. මමනම් දන්නේ නැ මේව අත්තද කියලා. එත් ඇත්තනම් ලිබියවේ එවුන් තරම් හරක් ටිකක් තවත් නෑ... ඇඉ යකෝ මෙච්චර කරපු මිනිහව නේද අර බල්ලෙක් වගෙ පරෙ තියල මරල දැම්මෙ. බලලා කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ.




ඉතිරි ටිකත් බලමු...

Saturday, October 29, 2011

Agriment එකක් ගහමුද දෙවියනේ........

වැස්ස වලාහක දෙවියන් වෙත,

මා මේ ලිපිය ලියන්නේ මා මෙන්ම මේ දිනවල වැස්සෙන් හෙම්බත්වු සුවහසක්  ජනතාව වෙනුවෙනි. මේ දිනවල සවස් කල්යේ පටන් ගන්නා වර්ශාව අප හට ඉතාමත් කරදරයක් වග ලිය දන්වනු කැමත්තෙමි.
උදේට වැස්සක පාටක්වත් නැති උනත් හවස ඇදවැටෙනා මෙ වැස්ස අප හට ඉමහත් කරදර ඇතිකරයි. උදේ සිට වෙහෙස මහන්සිවී ගෙදර යැමට පාරට එන අප හට මෙ ඇද වැටෙනා වැස්ස මහත්වු කරදරයකි.
එම නිසා මම ඉල්ලා සිටින්නෙ ඔබ වහන්සේගෙන් අප් කෙරේ අනුකම්පාවෙන් මෙම වැස්ස රාත්‍රි කාලයේදී වස්සවන ලෙසයි. එවිට අපටද... ඔබ වහන්සේටද (වැස්ස නැතත් ඇතත් බැනුම් අහන්නේ ඔබ වහන්සෙ වන බැවින්) කරදරයක් නොවන බව කරුනිකව දන්වා සිටී.

මීට,
කරදරයට පත්,
වැසියෙක්.

ප.ලි.
නිවාඩු දින දෙක වන සෙනසුරාදා හා ඉරිදා දින දෙකද වැස්ස නොමැතිනම් එය තවත් හොඳ බව කාරුණිකව දැනුම් දීමට කැමති.


ඉතිරි ටිකත් බලමු...

Tuesday, September 27, 2011

දයාබර google.....

දයාබර google.....




13 වියට පාතබන ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා.... !
ඔබ නොතිබුනානම්....
එවන් ලොකයක් සිතිමට පව නොහැක.....

ඔබ නැති ඌවනම්.....
කියා දෙයක් නොමැති විමට තිබිනි....
ඉතින් ඔබට තවත් චිරාත්කලයක් අපි සමග සිටිමට දිගාසිරි පතමි.....
ඔබට ජය....
තව නව නව දේවල් අපට ලභා දීමට හැකි වේවා.... :)


ඉතිරි ටිකත් බලමු...

Thursday, August 11, 2011

මේ රජතුමා ගැන දන්නවද???????

මේක අද උදේම දැක්කේ....
මෙන්න මේ රජතුමා දන්නවද බලන්න....

දකුණු පැත්තේ උඩම තියෙන රතුපාට යටින් ඉරි ගහලා තියෙන්නේ අන්න ඒ රජතුමා...


ඉතිරි ටිකත් බලමු...

Tuesday, August 9, 2011

අම්මෝ ඇති යන්තම්....ආලොකෝ උදපාදි උනා...



දැන් දවස් ගානක ඉඳන් දැගලුවා java and MATLAB interface කරගන්න. මට එපා වෙල හිටියේ.. 8-} 8-}
අන්තිමට බොරුවක් කරන්න හිතන් හිටියේ... ~x( ~x( ~x(  :( :(
එත් අද උදේ ඉඳන් නැහිල නැහිල වැඩේ ගොඩ දාගත්තා...
අන්තිමට ආලොකෝ උදපාදි උනා...:)) :)) ;;) ;;)
මෙක කරන්න මන් වින්ද දුකක්.... අම්මෝ මතක් වෙනකොට ඇඟ පන නැති වෙනවා...

මේක කරන විදිය දැනගන්න ඕන අය ඉන්නවනම් කියන්න... මන් post එකක් දාන්නම්...


ඉතිරි ටිකත් බලමු...

Friday, July 29, 2011

අලුතෙන් වැඩ පටාන් ගන්න යන්නේ...

අලුතෙන් වැඩ පටාන් ගන්න යන්නේ...
කට්ටිය බලන්න ඇති මොකද මං එක සැරෙටම නිශ්ශබ්ද වෙලා ඉන්නේ කියල....
එක එක ප්‍රශ්න අප්පා එකයි...
එහෙන් exam, අරහෙන් project, තව jobනැති ප්‍රශ්න.....
එව්වද මෙව්වද රටේ නැති ප්‍රශ්න අප්පා....
එපා වෙනවා...
එත් ඉතින් ප්‍රශ්න නැති ජිවිතෙ ඇති වැඩකුත් නෑනේ නේද?
ඕන්න ඉතින් ඔය හැම දේම විසඳගෙන අඉත් වැඩ පටාන් ගන්න හිතුව අලුත් විදියට.
මන් හිතනව ඔයල මත් එක්ක දිගටම ඉඳී කියලා....
එහෙන්ම් ඔන්න කට්ටියට ආයුබෝවේවා කියල කිව්වා...
දැන් ඉතින් හැමදාම මොනව හරි අලුතෙන් හිතල මතල දාන්නම්...
:)) :) ;) ;))


ඉතිරි ටිකත් බලමු...

Thursday, July 21, 2011

දැන්වීමයි...



මේකයි මේක ජීවන්ත මට ඔයාලට කියන්න කිව්වේ...
එයාට මේ දවස්වල මාව බලන්න එන්න වෙන්නෙ නැතිලු...
ඉතින් කට්ටියට කියන්න කිව්වා තරහ අවසර කියලා....
uni එකේ අන්තිම විභාගය නිසා මාරම busyලු man....
මීට,
ජීවන්තගේ සටහන් පොත..




ඉතිරි ටිකත් බලමු...

Friday, July 15, 2011

Google+ vs Facebook


                                Vs







Google+ අලුතෙන්ම ආව social Network site එක. ඒකත් Facebook වගෙම තමයි. මාත් ඉතින් නිකං ඉන්න බැරි කමට ගිහින් account  එකක් හදා ගත්තා....

එත් එකට ගියාම තමයි දැනුනෙ එක මාරම userfriendly කියලා.. gmail log වෙලා ඉන්න කොට එහෙම notification එනව එකට. අපිට බ්ලොග් එකත් මේකෙ ඉඳන් කරන්න පුලුවන් නම් මාරම ලේසි වෙයි.
සමහර විට තියෙනවද දන්නෙත් නෑ. මාත් තාම අලුත් නේ හොය ගත්ත කෙනෙක් ඉන්නවනම් දන්න...

හැබයි ඉතින් FB copy කරපු එක නරකයි නෙද?....



ප.ලි.
පුලුවන් නම් කට්ටියම account එකක් හදාගෙන බලන්න.... කියන්න දෙයක් නැතුව ඇති මේ වෙනකොට හදලත් ඇති.... හදල තියෙනවනම් මාවත් add කර ගන්නකෝ... jeewantha tharaka කියල search කරන්න...

ප.ප.ලි.
මෙතනින් ගිහින් බලන්න ලංකාවේ අපේ වැඩ... ශ්‍රී ලංකාව ටොප් 10 රටවල් අතර ඉන්නවා... කාටද ඉතින් ආඩම්බර...


ඉතිරි ටිකත් බලමු...

Wednesday, July 13, 2011

1st in final......




අද ජිවිතේ තවත් එක් දවසක්....
ඒත්...
මොකද්දෝ අමුත්තක් හිත තුල....
ඇයි ඒ...

අද තමයි...
1st Paper...
In Final Exam....
In Uni Life.....
අවුරුදු 4 1/2 ක් ජිවිත කාලය....
අවසන් වෙන්න ලං වෙන්වා.....
කුමක් කරන්නද....
සැම දේ දමා යන්න කාලයක් එනවා....

ඉතින් හැමෝටම Good Luck....

මගේ ආදරණීය...
B7 සොයුරු සොයුරියනි ඔබ සැමට.....


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...