Tuesday, January 3, 2012

පොඩි පොඩි ජොලි කතා 02

පොඩි පොඩි ජොලි කතා 01ට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුන නිසා තව පොඩි ජොලි කතා ටිකක් දාන්න හිතුවා. කියවලා බලන්න හොඳයිද කියලා.
===============================================
0 සිට 200ට තන්පර 6න්
ඔන්න නිමල්ට එයාගෙ වෙඩින් ඇනවසරි එක අමතක උනා කරුමෙට. ඔන්න ඉතින් එයාගෙ වයිෆ් මේකට හොඳට තරහ ගියා. අමතක වෙච්ච එකට නෙවෙයි තැග්ගක් ලැබිච්ච නැති එකට. ඒ පාර වයිෆ් දුන්නා මේ වගේ ඔඩර් එකක් දඩුවමක් විදියට.
දඩුවම තමයි හෙට උදේ එයා නැගිටින කොට ගෙදර දොර ඉස්සරහා තැග්ගක් තියෙන්න ඕන නිකම්ම නිකන් තැග්ගක් නෙවෙයි එක තත්පර 6ක් ඇතුලත 0 ඉඳල 200ට යන්න ඕන.
ඉතින් නිමල් මොකද කලේ පස්සෙන්දා උදේන්ම ගෙදරින් වැඩට පිටත් උනා. දැන් ඉතින් හොයපියකො අර කිව්ව තැග්ග. කොහොම හරි මිනිහා ඒක හොය ගත්තා.
ඔන්න ඉතින් වයිෆ් නැගිටලා බැලුවා නිමල් නෑ. උදෙන්ම මාරු වෙලා ගිහින් කියලා හොඳටම තරහ ගිහින් ගෙදර දොර ඇරියා. මෙන්න බොලේ ගෙදර දොර ගාව තැග්ගක්. ගෑනිට පට්ටම හැපී. එයත් ඉතින් ඉක්මනට තෑග්ග බැලුවා. ඔයාල හිතන්නෙ මොකක් කියලද.... ඔව් ඔව් ෆෙරාරි වගේ කාර් එකක් තමයි. පහලට ගිහින් බලන්නකෝ ලැබුනු තැග්ග...

|
|
|
|
|
|
|
|
|
|
V



පට්ට ෆෙරාරි එකනේ. හික්ස්.. :)) :))


ගැහැනු හෝමෝන...
ඇමරිකාවෙ විද්‍යාඥයෝ සෙට් එකක් පට්ටම හොයා ගැනීමක් කරලා. ඒකට අනුව බියර් වල ගැහැනු හෝමෝන චුට්ටක් අඩංගු වෙලා තියෙනවා කියලා ඔප්පු වෙලා. ඉතින් මේක ඔප්පු කරන්නත් එපයි ඉතින් මොකද කලේ මින්ස්සු 25ක් ගෙන්වලා හෑමොටම බියර පයින්ට් 12 ගනනෙ පොවලා.
ඉතින් ප්‍රතිපලය ඇස් පනාපිට ඔප්පු වෙලා. කොහොමද දන්නවද කට්ටිය වැඩ කරන එක පැත්තක තියලා අනම් මනම් වල් පල් දොඩවන්න අරගෙන.

මේ සැරේ ඔයා...
ඔන්න එක්තරා පාර්ක් එකක තිබුනා මුහුනෙන් මුහුන බලාගෙන ඉන්න ජොඩුවකගේ පිලිමයක්. ඉතින් දවසක් මේ පාර්ක් එකේ ගසකට අරක් ගත්ත දෙවියට මේ පිලිම දෙක ගැන දුක හිතිලා ඇවිත් කිව්වා මම ඔයාල දෙන්නට පණ දෙන්නම් හැබැයි පැය 1/2කට විතරයි ඊට පස්සෙ ආයිත් පරන විදියටම පිලිම දෙකක් කරනවා කියලා.
එහෙම කියලා ඔන්න්න දෙන්නට පන දුන්නා. දුන්නා විතරයි මොකද කලෙ ටක් ගලා ගිහින් පාර්ක් එකේ තිබ්බ පඳුරක් අස්සට රිංගුවා. ඔන්න ටික වෙලාවකින් පඳුර හෙලවෙනවා. එක එක සද්ද එහෙමත් ඇහෙන්න ගත්තා (දන්නො දනිති :)) ). දැන් ඉතින් දෙවියටත් පට්ටම හැපී ඇයි ඉතින් ලොකු පින් කමක්නේ කර ගත්තෙ. ඔන්න විනාඩි 15කට පස්සෙ දෙන්නා සතුටෙන් අත්දෙක අල්ලගෙන පඳුර යටින් එලියට ආවා. ඉතින් දෙවියන්ටත් පට්ටම අව්ල් ඇයි ඉතින් තව විනාඩි 15ක් ඉතුරුයි නේ.
ඉතින් දෙවියො කිව්වා තව විනාඩි 15ක් ඉතුරුයි ඉතින් ඒ විනඩි 15ත් සතුටු වෙන්න කියලා. ඒ පාර ගැහැනු පිලිමේ පිරිමි එකට කියනවා එහෙනම් ඔයා මේ පාර පරවියාව අල්ලගෙන ඉන්න මම ඉතුරු ටික බලාගන්නම් කියලා. :)) :)) ;;) ;;)

ඒ තිබ්බෙ Interview එක...
ඔන්න ඉතින් ඔය විධායක ශ්‍රේණියේ සිංහලෙන් එකෙ වැඩ කරපු නොනා කෙනෙක් මැරිලා දිවිය ලොකේ ඉපදුනා. කරපු වැඩ හැටියට කොහොමවත් දිවිය ලොකෙ එන්න බැරිලු. එත් ඔය පොඩි පිනක් පල දීලා තමයි දිවිය ලොකෙට ඇවිත් තියෙන්නෙ. ඉතින් මුර දෙවියො මෙයාට සිද්දිය කියලා අපි ඔයාව දවසක් අපායෙයි දවසක් දිවිය ලොකෙයි ඉන්න දෙනවා ඊලඟ දවසෙ ඔයාම තීරනය කරන්න වැඩියෙනම කැමති කොහේ ඉන්නද කියලා. ගැනු කෙනත් ඒකට කැමති වේලා.
ඉතින් ඔන්න අර නෝනව මුලින්ම අපායට යැව්වලු. අප්පා ඒක අපායක් කියලා කියන්න බැරිලු. මොකද පිහිනුම් තටාක, ගොල්ෆ් පිට්ටනි, අරවද මේවද නැති දෙයක් නැතිලු. ඉතින් ගැනු කෙනත් දවස සිරාවටම ගෙවලා පස්සෙන්දා දිවියලොකෙට ආවලු එහෙ දවස ගෙවන්න. ඉතින් දවසෙම වලාකුලු අස්සෙ පැන පැන සතුටෙන් හිටියලු. තුන්වෙනි දවසේ ඔන්න අර මුර දෙවියො ඇහුවලු කොහෙටද කැමති කියලා. ඉතින් අර නෝනත් අපායයි දිවිය ලොකෙයි තරදියක දාල එහෙම බලල් කිරලා කිව්වලු අපායට තමයි කැමති කියලා. මොකද දිවිය ලොකෙ අපායෙ තිබ්බ මුකුත් නෑ නේ.
ඔන්න අර දෙවියොත් හා හොඳයි කියලා ගැනිව අපායට එව්වලු. මොන කලින් තිබ්බ මුකුත් නැතිලු. ඔක්කොම මඩවලුයි කුනුයි විතරලු. රියල් අපායක්ලු. දැන් ගෑනිට පස්ටම අප්ශට් වැඩෙට. ඉතින් ගිහින් මේ ගැන ඇහුවම අපායේ එකෙක් කිව්වලු ආ එක වැඩිය ගනම් ගන්න එපා එකත් ඔයා එහෙදි කල වගේ interview එකක් තමයි කියලා.

ඉතින් මමත් එහෙමයිනේ...
ඔන්න දවසක් බාර් එකට ආපු මිනිහෙක් එතන බිබි හිටපු කෙනෙක්ට කිව්වලු එයාටත් ශොට් එකක් අරන් දෙන්න කියලා. ඉතින් අර මනුස්සයත් කැමති වෙලා පලවෙනි ශොට් එක අරන් දුන්නලු.ඒක බීල යන්න හදනකොට අර අරන් දීපු කෙනා(A) සහ අනිත් කෙනා(B) අතර වෙච්ච කතාබහ තමයි පහල තියෙන්නෙ.
A:- තමුසෙ කොහෙ කෙනෙක්ද?
B:- මම අයර්ලන්තෙන්
A:- අප්පට සිරි මමත් අයර්ලන්තෙන් ගන්නව ගන්නව තව ශොට් එකක්

A:- අයර්ලන්තෙ කොහෙද?
B:- ඩබ්ලින් වල
A:- විස්වාස කරන්නත් බෑ මමත් එහෙනෙ. ගනව හලො තව ශොට් එකක්.

A:- මොන ඉස්කොලෙටද ගියේ?
B:- Saint Mary's එකට ගියෙ 62දි තමයි out උනේ
A:- පිස්සු හැදෙනව මත් ඒකට තමයි ගියේ 62දී තමයි out උනේ ගමු ගමු තව ශොට් එකක්.

ඔය අතරේ එතනට ආව කෙනෙක් මේ සීන් එක දැකලා බර් එකෙ සෙවකයෙක්ගෙන් මේක ගැන ඇහුවා. අහ්හ් ගනන් ගන්න එපා සර් ඔය නිවුන්නු දෙන්නා ඔහොමම තමයි කියලා...

6 comments:

  1. පරවි සීන් එක මීටර් නෑනෙ....

    ReplyDelete
  2. @හරී
    හි හි හිතල බලපන් පාර්ක් එකක පිලිම දෙකකට පරවියන්ගෙන් තියෙන කරදරේ.. එකෙ වාඩුව තමයි ගත්තෙ...

    ReplyDelete
  3. ඉස්සෙල්ල එක තමයි හොදඑක.

    ReplyDelete
  4. @රාජ්
    බොහොම ස්තුතියි... තාමත් අනිත් අයට දැනෙන විදියට ලියගන්න බෑනේ....හි හි :)

    ReplyDelete
  5. පරවියාගේ සීන් එක මටත් පස්සෙයි මීටර් වුනේ :ඩි

    ReplyDelete
  6. @නිකමා
    එල එල තේරුනානම් ගොඩ.. මම බයෙ හිටියෙ කාටවත් තෙරෙන එකක් නැතිවෙයි කියලා.

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...