Friday, July 1, 2011

පුලුවන් අය විසඳන්න.... නැත්නම් ඒත් විසඳන්න... :)

මේ දවස් ටිකේම කල්පනා කලා මොනවද දාන්නෙ කියල.
එතකොට මගේ යාලුවෙක් තමයි මෙ idea එක දුන්නෙ.
පුලුවන් අය උත්තරේ හොයල ප්‍රතිචාරයක් විදියට දාන්න බලන්න.මේ වගේ ප්‍රශ්න කිපයක් තියෙනව පුලු පුලුවන් විඩියට ඒවත් දන්නම්කො.
මේ ප්‍රශ්න අර උත්තර නැති ප්‍රශ්න වගෙවත් ගොන් උත්තර තියෙන එවවත් නෙවෙයි.
සිරාම උත්තර තියෙනව.

මෙන්න මෙහෙමයි දැන් වෙන්නෙ. වැල් වටාරම් නැ. හොඳට අහගන්න. නෑ නෑ කියවන්න. ප්‍රශ්න තියෙන අය comment එකකින් අහන්න.
ඔන්න මනුස්සයෙක්ට දවල්ට කන්න බිත්තරයක් ඕන උනා. මිනිහගෙ ගෙදර ඒ වෙලවෙ එක බිත්තරයක් වත් තිබුනේ නෑ. ඒ පාර මිනිහ කඩේට ගිය බිත්තර අරන් එන්න.
හැබැයි මිනිහට පොඩි ප්‍රශ්නයක් තියෙනව කඩෙයි ගෙඩරයි අතර පොලිස් මුරපොලවල් 3ක් තියෙනවා. දැන් මේ මිනිහට මේ තැන් තුනට පගාව දෙන්න වෙනවා. (බය වෙන්න එපා ලංකවෙ නෙවේ එන්ගලන්තෙ සිද්දියක්).


දැන් මින්හ පොරොන්දුවෙනව මුරපොරවල් 3ටම මන් කඩේ යන්නෙ බිත්තර ගේන්න. මන් එනකොට මුරපොල ගාවට ගෙනෙන බිත්තර වලින් 1/2 කුයි තව බිත්තරේකින් 1/2 කුයි දෙනව කියල. මිනිහ කොහොම හරි ගෙදරට බිත්තරයක් අරගෙනත් එනව.

මන් අහන්නෙ මිනිහ කඩෙන් බිත්තර කියක් ගත්තද කියල. මතක තියා ගන්න බිත්තර තම්බල නැ. ඒත් මනුස්සය බිත්තර 1/2කුත් දෙනවා.
අහස පොලොව ගැටලල හරි උත්තරේ හෙව්වොත් ඉතින් ඔය ළමයි මාර මොල කරයො තමයි.

කට්ටිය මොකද මේ ගල් ගිලල වගේ. උත්තරේ හොයන්න මහන්සි වෙන්න. මන් හවස් වෙලා උත්තරෙ දාන්නම්. එතකන් ඉන්නෙ නැතුව උත්තරේ හෙව්වොත් නරකද?

9 comments:

  1. Hint:
    මතක තියා ගන්න බිත්තර ගනනින් 1/2යි තව බිත්තරෙකිනුත් 1/2ක් දෙනවා. බිත්තර තම්බල නෙවෙයි තියෙන්නෙ.
    අපි හිතමු බිත්තර 12ක් ගෙනව කියල එතකොට 1වෙනි තැනට දෙනව බිත්තර 6කුයි තව 1/2 කුයි ඔක්කොම 6 1/2ක්.2වෙනි තනට ඉතුරු 5 1/2 න් 1/2කුයි තව 1/2කුයි.

    අමු බිත්තර කඩන්න යන්න එපා.

    ReplyDelete
  2. @anonymous: මමද? නැත්නම් අර මිනිහද?

    ReplyDelete
  3. Prageeth SandakalumJuly 1, 2011 at 9:16 AM

    15...!! Hope that the next question is at least a bit difficult... LOL

    ReplyDelete
  4. මේක ලස්සනට අන්දන්න හදපු ගානක්.
    "මතක තියා ගන්න බිත්තර ගනනින් 1/2යි තව බිත්තරෙකිනුත් 1/2ක් දෙනවා. "
    බිත්තර බාගේ කතාව කියන්නේ අංදන්න. මොක්ද එතකොට බිත්තර කැඩිල්ලක් ගැන හිතට එනවා. දරුවනේ මෙහෙමයි ගනං හදන්නේ.
    මුරපොලවල් තුනක් තියනවා.ගෙදරට ලඟම එක තුංවෙනි මුරපොල කියලා හිතන්න,
    මූ ගෙදර එනකොට එක බිතතරයක් ගෙනවා.
    ඒ කියන්නේ මූ මුරපොලට කලින් තිබ්බා වගේ බාගෙන් පංගුවකුයි තව බිත්ත්‍ර බාගෙකුයි දීලා.
    තිබ්බෙ 1යි.
    මුරපොලට බාගයයි.
    එතකොට බිත්තර 1.5යි.
    මුරපොල ලඟට එද්දි ඔය වගේ දෙගුනයක් තියෙන්න එපැයි. එතකොට 1.5*2=3යි
    2වෙනි මුරපොලෙත් ඔය සීන් එක වෙනවා
    බාගයක් දෙනවා එ කියන්නේ 3+.5=3.5යි
    මුරපොල ලඟට එද්දි එ වගේ දෙගුනයක් තිබ්බා කියන්නේ 7ක් තිබිලා.
    පොය ක්‍රමේටම පලවෙනඉ එක ලඟ තිබිලා තියනවා 7+.5=7.5
    7.5*2=15.
    උත්තරේ 15යි.
    තව ලස්සන සීන් එකක් තියනවා. මුලුගානෙන් බාගයක් දීලා තව බිත්තරබාගයක් දෙනවා කියන කතාව. මේ කොන්දේසිය නිසා ගාන ඕනෑතරම් එxපැන්ඩ් කරන්න පුලුවන්. මුරපොලවල් කීයක් තිබ්බත් ,ගෙදර ගෙනියන ගාන කීය උනත් හැම වෙලේම පූර්ණ සංක්‍යාතමක උත්තරයක් තියනවා.

    ඕනනම් තව මොඩිෆයි කොරන්න පුලුවං. තියන බිත්තරගානෙන් තිනෙන් පංගුවක් දීලා තව බිත්ත්‍රේකින් තුනෙන් පංගුවක් දෙන්න ඕන වගේ කිව්වනම් අනික් පැත්තට උත්තරේ හදන එක අමාරු කරන්න පුලුවං.

    කොමෙන්ට් එක දික උනාට සොරි. මැත ගැජමැටිස් දැක්කම ද්න්නැද ආසා හිතෙනවා.

    ReplyDelete
  5. @kassa:මචන් comment එක දිග උනාට ලස්සනට එක පැහැදිලි කරල තියෙනවා. ඊළඟ ඒවත් විසඳන්න උත්සහ කරන්න.
    @saranaga:පිලිතුර නිවරදී..:)

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...