Wednesday, November 23, 2011

සෙනෙහසින් ලියන වගනම් .....




ඩිල්ශාන් ප්‍රමුක අපේ ආදරණීය ක්‍රිකට් ටීම් එක වෙත,
සමහර විට ඔබ මෙම ලිපිය නොදකිනවා වෙන්න පුලුවන්. ඒත් අපෙ ක්‍රිකට් ටීම් එකට ආදරය කරන ක්‍රිකට් රසිකයෙක් විදියට මෙම මොහොතේ කට පියාගෙන සිටීම වැරදි යයි යන හැඟුමෙන් මෙම ලිපිය ඔබ සියලු දෙනා වෙත ලියනු කැමැත්තෙමි. පලමුව කීමට දෙයක් ඇත. මෙම ලිපිය ලියන්නේ ඔබ ගැන වෛරයකින් නොව අපේ ටීම් එක ගැන දුකෙනි.

ලෝක් ක්‍රිකට් අනු ශූරයන්වූ අපේ ටීම් එක එක දිගටම මෙසේ පැරදීම ගැන අපට ඇත්තේ කියගත නොහැකි දුකකි. හැමොටම හැමදාම මගුල් නැති බව දනිමි. ඒත් මෙසේ පැරදීම ගැන කීමට ඇත්තෙ තනිකරම වැරැද්ද ක්‍රීඩකයන් සහ පාලන අදිකාරිය වග කිව යුතු බවය.

කවදාවත් නැති විදියට මේවන විට අපේ ක්‍රිකට් ටීම් එකට Batting Coach කෙනෙක්, Balling Coach කෙනෙක්, Fielding Coach කෙනෙක් සහ Overall Coach කෙනෙක් සිටියදී මෙසේ පැරදීම ඇදහිය නොහැකි තත්වයකට පත්ව ඇත. මටනම් සිතෙන්නේ මෙච්චර පුහුනු කරුවන් සිටීමෙන් වී ඇත්තේ ආඩි හත්දෙනාගේ කැද හැලිය තත්වෙට පත්ව ඇති බවයි.

කෙසේ නමුත් ඔබට මේ තත්වයෙන් පැන යා නොහැක. මොකද කෝටි 2ක් වු ජනතාවක් නියෝජනය කිරීමට සිටින ඔබට නිදහසට කරුනු කිය කිය සිටීමෙන් පලක් නැත. කෙසේ හෝ මේ තත්වයෙන් ගොඩ ආ යුතුය.
මම ක්‍රිකට් ලොලියෙක් විදියට ඔබලාහගේ දකින වැරදි කිහිපයක් පෙන්වීමට කැමැත්තෙමි.

1. එකදු ක්‍රිඩයකුවත් තමන්ගේ වගකීම ගැන හරියටම දන්නේ නැත.
2. හැමෝම ලොකු ලොකු පහරවල් ගැසීමට සිතා සිටින නමුත් ලකුනු එක දෙක ලබා ගැනීමට උත්සහ නොකරයි.
3. පලමු කඩුලු 2, 3 බිද වැටුනු පසු ඉතුරු කඩුලු ටික ආරක්ශා කිරිමට උත්සහයක් නොගනී. නමුත් අනවශ්ය පීඩනයක් ගෙන ඉතුරු කඩුලු ටිකද ඉක්මනට දැවි යයි.
4. අවසන් පිතිකරුවන් 3දෙන ජීවිතෙට බැට් එකක් අල්ලා නැති බව පෙනේ. ඔවුන්ටද බැටින් පුරුදු කල යුතුය.

මා පන්ඩිතයකු ලෙස ඔබට පෙනෙනු ඇත. පුලුවන්නම් ඇවියත් කරල පෙන්නන්න කිය කියනු ඇත. සත්යකි මට ඔබට මෙන් ක්‍රිකට ගැසිමට නොහැක. ඒනිස තමයි පුලුවන් යයි හැගෙන ඔබලාව අප වෙනුවෙන් ක්‍රිකට් ගසන්නට තොරගෙන තියෙන්නෙ. අරයගෙ වැරැද්ද මෙයාගෙ වැරැද්ද සොයනු වෙනුවට තම තමන්ගේ වැරැදි සදා ගත යුතුව ඇත. එවිට ඔබ පැරදවීමට ජගතෙකු නොමැත.

අවසානයට ඔබ සියලු දෙනාටම කියනු කැමති දෙයක් ඇත. එනම් ඔබ සියලු දෙනා දෙවියන්ට ස්තුති කල යුතුව ඇත. මක් නිසාද යත් ඔබ ඉන්දියාව වෙනුවෙන් සෙල්ලම් නොකරන් බැවිනි. එසේ උනානම් ඉතුරු ටික ඔබටම සිතා ගත හැකිවනු ඇත.

එළබෙන දකුනු අප්‍රිකානු තරගාවලිය සදහා දැන්ම සිට පුහුනු වී එය ජය ගැනීමට පිඹුරු පත් සකස් කිරීමට දැන් කාලයයි. පරන දේවල් අමතක කර එම තරගාවලිය දිනීමට දැන්ම සිට කටයුතු කරමු.
ශ්‍රි ලංකාව දිනවීමට ඔබ සැමට ශක්තිය දෛරය ලැබේවා. ජය වේවා.

මීට,
ඔබ සැමට ආදරය කරන,
ක්‍රිකට් ලොලියෙක්.

2 comments:

  1. කාලයකට ඉස්සෙල්ල වේගපන්දු යවන්නන්ට තිබුනු භීතිකාව ආයෙත් ඇවිල්ල. එංගලන්නෙදි උනෙත් ඒක, ඕස්ට්‍රේලියාවට-පකිස්ථානයට එරෙහිව තරග කරද්දි සිද්ධවුනෙත් ඒක. දකුණු අප්‍රිකාවෙදිත් ලේසි වෙන්නෙ නෑ මේ යන විදියට

    ReplyDelete
  2. @රාජ්: එකනම් සහතික ඇත්ත. මට මැච් බැලිල්ල එපා උනා මේ පරදින විදිය දැකලා

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...