Thursday, January 26, 2012

අර්ධ ශතකය සහ ශතකය ලබා ගැනීම සහ හිට්ස් 15000


අද හරිම සතුටු දවසක් මොකද මම අද මගේ සින්හල බ්ලොග් එකේ ලියන 100 වෙනි පොස්ටුව. ඒ වගේම සිහින කොදෙව්වෙ 50 වෙනි පොස්ටුව. ලියන්න කියන්න ගොඩක් දෙවල් තිබුනත් සතුටට වචන ගලපගන්නත් බෑ.
මොනව උනත් එදා ඉන්දල මගේ බ්ලොගයට ගොඩ වැදුනු සහ මට සහය පල කරපු හැම දෙනාටම ගොඩාක් ස්තුති.
ජීවන්තගෙ සටහන් පොත ලෙස පටන් ගත්ත බ්ලොග් එක මේ වෙන කොට ඔක්කොම පොස්ටු 100ක් දාල තියෙනවා. එකෙන් 50ක් ජීවන්තගෙ සටහන් පොතේ තියෙන ඒව. ඉතුරු 50 සිහින කොදෙව්වට අයිති ඒවා.


ඒ වගෙම මේ වෙනකොට මම පස්සෙන් එන අය ගනන 30යි. පොඩ්ඩක් මදි වගේ නෙද. හි හි එහේම තමයි මමත් ඉතින් වැඩිය කාගෙවත් බ්ලොග් වලට පස්සෙන් පන්නන්නෙ නෑ නොවැ. බලමු අද ඉන්දන් මම කියවන හැම බ්ලොග් එකක්ම එලවන් යන්න. එහෙනම් ඒ හැම දෙනාටම ගොඩක් ස්තුති.

අහ් තව පොඩ්ඩෙන් මාතෘකාවේ අන්තිම කොටස අමතක වෙනවා. හිට්ස් 15000. ගුග්ල් දෙයියට අනුව මේ වෙනකොට මම ආපුවත් සමග හිට්ස් 15000ත් පැනලා. ඒ වගේම මගේ කොමෙන්ටුත් එක්කම කොමෙන්ටු 229. ඉතින් මේ පැත්තෙ ඇවිල්ල සහ කොමෙන්ටු වලින් අදහස් දක්වපු සහ නොදක්වපු හැමොටම ගොඩක් ස්තුති. මොකද මට සාමන්යෙන් එක දිගට වැඩක් ගොඩක් දවස් කරන්න බෑ. එත් මේක මම කලේ ඔයලා මේක බලන්න එන නිසා.පොස්ට් එකක් දලා ගොඩක් අය වගේ මමත් කොමෙන්ට් වැටේනකම් බලන් හිටියා හිට්ස් වැඩි වෙනකම් බලන් හිටිය ඒවයින් තමයි මම මේතරම් දුරක් ආවෙ.
එහෙනම් ආයිත් සැරයක් ඔය හැමොටම ගොඩක් ස්තුතියි.

ප.ලි.
මේ බ්ලොග් එක 100 ලියල නවත්වනව කියල හිතුවෙ. එත් එහෙම කරන්න දැන් බෑ වගේ. මොකද මේ එකකරි ජීවිතෙට බ්ලොග් ලියන එක කියවන එක ගොඩක් ලොකු වෙනසක්. එනිස මේක නවත්වන අදහස මම අත හැරියා.
එහෙනම් අලුත් පොස්ටු ගොඩක් එක්ක ආයිත් මුන ගැසෙමු. ලියන්න ගොඩක් දෙවල් තියෙනවා ඉස්සරහට.
හැමෝටම ආයුබෝවේවා.


4 comments:

  1. සුබ පැතුම් යාලූ ... ඔන්න මමත් මේ පැත්තට එන්න පටං ගත්තා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සාදරයෙන් පිලිගන්නවා සිහින කොදෙව්වට.

      Delete
  2. එල එල ඔහොම යමු... අපේ සුභ පැතුම්...

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...