Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

Thursday, January 26, 2012

අර්ධ ශතකය සහ ශතකය ලබා ගැනීම සහ හිට්ස් 15000


අද හරිම සතුටු දවසක් මොකද මම අද මගේ සින්හල බ්ලොග් එකේ ලියන 100 වෙනි පොස්ටුව. ඒ වගේම සිහින කොදෙව්වෙ 50 වෙනි පොස්ටුව. ලියන්න කියන්න ගොඩක් දෙවල් තිබුනත් සතුටට වචන ගලපගන්නත් බෑ.
මොනව උනත් එදා ඉන්දල මගේ බ්ලොගයට ගොඩ වැදුනු සහ මට සහය පල කරපු හැම දෙනාටම ගොඩාක් ස්තුති.
ජීවන්තගෙ සටහන් පොත ලෙස පටන් ගත්ත බ්ලොග් එක මේ වෙන කොට ඔක්කොම පොස්ටු 100ක් දාල තියෙනවා. එකෙන් 50ක් ජීවන්තගෙ සටහන් පොතේ තියෙන ඒව. ඉතුරු 50 සිහින කොදෙව්වට අයිති ඒවා.


ඒ වගෙම මේ වෙනකොට මම පස්සෙන් එන අය ගනන 30යි. පොඩ්ඩක් මදි වගේ නෙද. හි හි එහේම තමයි මමත් ඉතින් වැඩිය කාගෙවත් බ්ලොග් වලට පස්සෙන් පන්නන්නෙ නෑ නොවැ. බලමු අද ඉන්දන් මම කියවන හැම බ්ලොග් එකක්ම එලවන් යන්න. එහෙනම් ඒ හැම දෙනාටම ගොඩක් ස්තුති.

අහ් තව පොඩ්ඩෙන් මාතෘකාවේ අන්තිම කොටස අමතක වෙනවා. හිට්ස් 15000. ගුග්ල් දෙයියට අනුව මේ වෙනකොට මම ආපුවත් සමග හිට්ස් 15000ත් පැනලා. ඒ වගේම මගේ කොමෙන්ටුත් එක්කම කොමෙන්ටු 229. ඉතින් මේ පැත්තෙ ඇවිල්ල සහ කොමෙන්ටු වලින් අදහස් දක්වපු සහ නොදක්වපු හැමොටම ගොඩක් ස්තුති. මොකද මට සාමන්යෙන් එක දිගට වැඩක් ගොඩක් දවස් කරන්න බෑ. එත් මේක මම කලේ ඔයලා මේක බලන්න එන නිසා.පොස්ට් එකක් දලා ගොඩක් අය වගේ මමත් කොමෙන්ට් වැටේනකම් බලන් හිටියා හිට්ස් වැඩි වෙනකම් බලන් හිටිය ඒවයින් තමයි මම මේතරම් දුරක් ආවෙ.
එහෙනම් ආයිත් සැරයක් ඔය හැමොටම ගොඩක් ස්තුතියි.

ප.ලි.
මේ බ්ලොග් එක 100 ලියල නවත්වනව කියල හිතුවෙ. එත් එහෙම කරන්න දැන් බෑ වගේ. මොකද මේ එකකරි ජීවිතෙට බ්ලොග් ලියන එක කියවන එක ගොඩක් ලොකු වෙනසක්. එනිස මේක නවත්වන අදහස මම අත හැරියා.
එහෙනම් අලුත් පොස්ටු ගොඩක් එක්ක ආයිත් මුන ගැසෙමු. ලියන්න ගොඩක් දෙවල් තියෙනවා ඉස්සරහට.
හැමෝටම ආයුබෝවේවා.



ඉතිරි ටිකත් බලමු...

Monday, December 5, 2011

නිදහස සොයන අපි....(එලුවගෙ මොකද්ද එක වැටෙනකම් පස්සෙන් ගිය නරියා වගේ)




3,4,5 වසර වලදී.....
සෙල්ලම් කරන විට, TVබලන විට...
අම්මා කියයි, තාත්තා කියයි...
ශිෂ්‍යත්තේ,ශිෂ්‍යත්තේ...
ඒක ඉවර උනාම බැරියයි...
ඕන තරම් සෙල්ලම් කරන්න, TVබලන්න...
අනේ ඉතින් අපි ඒ නිදහස වෙනුවෙන් කැප වෙනවා...
ශිෂ්‍යත්තේත් ඉවරවුනා...
ඒත් අපි නිදහස් උනාද????
නෑ...
ඊට පස්සේ අර class මේ class

O/L කර ගත්තොත් ඕන තරම් නිදහස තියෙනවා...
කවුද කියන්නේ...
අම්මයි තාත්තයි ගුරුවරුයි..
ඉතින් අපි ඒ නිදහස පස්සේ දුවනවා....
එතකොට ශිෂ්‍යත්වෙන් පස්සෙ ලැබෙන නිදහස...
ඒක යකාට ගිය දෙන් O/L පස්සෙනේ මරු නිදහස...

ඉතින් පුලුවන් දෛර්ය දාලා වැඩ දාලා O/L කරන්වා...
එකත් කරලා නිදහසේ ආතල් එකේ ඉන්න හදනවත් එක්කම
පටන් ගන්නවා A/L class...
විභාගෙ pass ඇති කියල හිතාගෙන
result out වෙන්නත් කලින් ඉඳලා අපි දුවනවා A/L class..

ඉතින් ඔන්න ආයිත් අර මන්තරේ...
A/L ගොඩදාගත්තොත් campus ගියොත් පුල්වන් වෙයි
නිදහසේ ඉන්න...
A/L කෙල උනොත් ඔක්කොම කෙල වෙනවා..
මදැයි කොලා ඔන්න ඉතින් හති දාගෙන
කන්නෙ බොන්නේ නැතුව පලමු දෙවෙනි තුන් වෙනි සැර වලින්
A/L ගොඩ දා ගෙන අපි යනවා කොහෙද campus campus....

එත් කො ඒ සිහින බලාපොරොත්තු කෝ නිදහස...
මොන පිස්සුද Assignmentද projectද examද
ඔවා කරලා කරලා පන ගිහින් අපි එනවා ජොබ් කරන්න
අනෙ අපෙ නිදහස ආතල් ගැනීමේ බලාපොරොත්තු...
එකත් හරියට මෙන්න මේ වගේ...
එලුවගෙ මොකද්ද එක වැටෙනකම් පස්සෙන් ගිය නරියා වගේ
:D :D :D :D
>

ප.ලි.
හිතට ආපු නිසා ලිව්වා. හැමෝම නැතත් ගොඩක් අයට මේ දේ අඩු වැඩි වශයෙන් ලැබිලා ඇති. මං තුමානන් ඕවා ඕනතරම් අහලා ඕවා පිලිපැදලා ඉන්නේ... :) :)


ඉතිරි ටිකත් බලමු...

Saturday, November 26, 2011

ගනින් යකෝ දෙකේ දෙකේ පොලු කෑල්ලක්.....




රෑ නිදි මරා ගෙන.....
මදුරුවෝ තල තල....
මැච් බලන අපිට....
ගහන්න ගනින් යකෝ...
දෙකේ දෙකේ පොලු කෑල්ලක්....

පරදිනවා කිව්වම මෙහෙමත් පරදිනවද?


මීට කලින් දාපු

සෙනෙහසින් ලියන වගනම් .....

බැලුවෙ නැත්නම් බලන්න.....

කවදාවත් මේවගේ මච් බැලිල්ල එපා උනේ නෑ...


ඉතිරි ටිකත් බලමු...

Tuesday, November 1, 2011

සිතට දැනුනු තවත් මෙව්ව එකක්...

කලින් දමපු සිතට තදින්ම දැනුනු මෙව්වා එකක්....  බැලුවෙ නැත්නම් ගිහින් බලලා එමු.




ප.ලි. ඊයෙ පොස්ට් (෴෴෴සිහින කොදෙව්ව෴෴෴) එකේ කියපු දේ පොඩ්ඩක් කල් දැම්මා. මොකද මගෙ 50 වෙනි පොස්ට් එක ලඟ ලඟම එන නිසා. 50 ඉඳලම ඒ දේ කරනවා කියල හිතුව. :) :) :)


ඉතිරි ටිකත් බලමු...

Sunday, October 30, 2011

සිතට තදින්ම දැනුනු මෙව්වා එකක්....


෴෴෴ආදරය෴෴෴


මෙලොවට බිහිඋන දා  සිට අප ඉල්ලා සිටින දෙයක්..
පොඩි දවස්වල අම්මලා තාත්තලගෙ
෴෴෴ආදරය෴෴෴
ඊට පස්සෙ ගුරු මෑනිවරු පියවරුන්ගෙ
෴෴෴ආදරය෴෴෴
ඊටත් පස්සෙ පෙම්වති/පෙම්වතාගෙ
෴෴෴ආදරය෴෴෴
ඊට පස්සෙ බිරිද/ස්වාමිපුරුසයාගෙ
෴෴෴ආදරය෴෴෴
ඔය අතර
සහෝදර සහෝදරියන්ගෙ
෴෴෴ආදරය෴෴෴
නෑදෑ හිත මිතුරන්ගෙ
෴෴෴ආදරය෴෴෴
ජීවිතේ අන්තිම කාලෙදි
දරු මුනුබුරන්ගෙ
෴෴෴ආදරය෴෴෴
ඔහොම බැලුවම අපි ජිවත් වෙන්නෙ ආදරය තුල.. 
එක නැතිඋනාම අපි එක හොයන්වා පිස්සෙක් වෙනවා...
එවන්වු 
෴෴෴ආදරය෴෴෴
පිලිබද හදපු මේ video එක 
ඔබ බලලම තීරනේ කරන්න

෴෴෴ආදරය෴෴෴
෴෴෴ආදරය෴෴෴
෴෴෴ආදරය෴෴෴





ප.ලි.
මේ video එක හදපු හැමෝටම මේ වගේ දෙවල් කරන්න ශක්තිය දෛර්යලැබේවා...
හිතට දැනුනු දේ කොමෙන්ටුවකින් දාලම යන්න...
හැමොටම ආදරයත් එක්ක ජීවත් වෙන්න ලැබෙවා....


ඉතිරි ටිකත් බලමු...

Friday, October 28, 2011

෴෴෴වෙනස෴෴෴

මොකද්ද අප්පා මෙ ජිවිතේ.. තාම ජොබ් එකට ගිහින් මාස දෙකයි. මට දැනටම එපා වෙලා අප්පා... උදේ යනව රෑ වෙලා එනවා... ෆිල්ම් එක්ක බලනව.. නැතනම් එහෙම්ම නිද ගන්නවා... ජිවිතෙ මේ තරම් එපා වෙල නෑ මට කවදාවත්...
ඉතින් මාත් තිරනේ කලා පොඩි වෙනසක් කරන්න... ඒ කියන්නෙ මමත් වෙනස් වෙන්න යන්නේ....
හොව් හොව් බය වෙන්න එපා.... ජිවිතේ කල කිරිලනම් නෑ තාම.....:) :) :)
පොඩි වෙනසක් කරන්න හිතන් ඉන්නේ.. හැම දේම...
බලමු මේ වෙනසට මම කැමති වේද කියලා...

ප.ලි.
ජොබ් එකනම් කිසිම කරදරයක් නෑ... නිදහසෙ කරගෙන යන්න පුලුවන්... හිතනම් නිදහස් එත් මෙ ජිවත්වෙන විදියට තාම හුරුවෙන්න බැරි උනා... :)) :))


ඉතිරි ටිකත් බලමු...

Thursday, October 27, 2011

මං...

උඹ හොඳයි ඔව් උඹ ගොඩක් හොඳයි..
එතකොට මං
ඔව් ඉතින් මං
මං නරකයි ඔව් මං ගොඩක් නරකයි..
මොනා කලත්
අන්තිමට හැමදේම වැරදියි...
ඒ නිසා මං ගොඩක් නරකයි...


ඉතිරි ටිකත් බලමු...

Tuesday, July 19, 2011

ටිකක් හිතන්න හදවතින් සහ මොලයෙන්.... තෙරුම් ගන්න මොනවද මේ කියන්නේ කියල....

මේකත් මට එකකින් ලැබිච්ච එකක්. සමහර විට ඔබ මෙය කලින් දැකලත් ඇති.....

ඉංග්‍රීසි නිර්මාණයක පරිවර්ථනයකි.
මුල් හිමිකරුට ස්තූතිය.....!!!


























 


ඉතිරි ටිකත් බලමු...

Tuesday, July 12, 2011

හොඳම යාළුවා කව්ද??????

මේ පින්තුරේ මට එකකින් ලැබුනු එකක්. මේකේ ගොඩක් ලොකු තේරුමක්  තියෙනවා එක නිසා බ්ලොග් පොස්ට් එකක් විදියට දාන්න හිතුවා.

ටිකක් හිතල බල්න්න මේ පින්තුරෙන් කියල තියෙන්න දේ ගැන....


ඉතිරි ටිකත් බලමු...

Monday, July 11, 2011

අන්තිම කුප්පිය....


ඉගෙන ගෙන අවුරුදු 4 1/2ක්
විශ්ව විද්‍යාලය තුල.....
semester 8ක් පාඩම් පාඩම් කර....
යලුවන් සමග දැනුම බෙදා හදා ගෙන....
සිටි කාලය අවසානයට පැමින ඇත...
දුකයි ඔබ දමා යන්න...
එත් සිදුව ඇත ඔබ අතහැර යන්නට...

කුප්පි කියක් නම් දමන්නට ඇත්ද...
කීයකට යන්නට ඇත්ද...
ඒත් අදින් එය අවසන්...
සැමට ස්තුතියි.....
මා ගැන තැබූ විස්වාසයට....
නවතිමි ඔබ සැමට ආයුබෝවේවා....
සැමටම සුභ අනාගතයක්.....


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...