Monday, December 5, 2011

නිදහස සොයන අපි....(එලුවගෙ මොකද්ද එක වැටෙනකම් පස්සෙන් ගිය නරියා වගේ)




3,4,5 වසර වලදී.....
සෙල්ලම් කරන විට, TVබලන විට...
අම්මා කියයි, තාත්තා කියයි...
ශිෂ්‍යත්තේ,ශිෂ්‍යත්තේ...
ඒක ඉවර උනාම බැරියයි...
ඕන තරම් සෙල්ලම් කරන්න, TVබලන්න...
අනේ ඉතින් අපි ඒ නිදහස වෙනුවෙන් කැප වෙනවා...
ශිෂ්‍යත්තේත් ඉවරවුනා...
ඒත් අපි නිදහස් උනාද????
නෑ...
ඊට පස්සේ අර class මේ class

O/L කර ගත්තොත් ඕන තරම් නිදහස තියෙනවා...
කවුද කියන්නේ...
අම්මයි තාත්තයි ගුරුවරුයි..
ඉතින් අපි ඒ නිදහස පස්සේ දුවනවා....
එතකොට ශිෂ්‍යත්වෙන් පස්සෙ ලැබෙන නිදහස...
ඒක යකාට ගිය දෙන් O/L පස්සෙනේ මරු නිදහස...

ඉතින් පුලුවන් දෛර්ය දාලා වැඩ දාලා O/L කරන්වා...
එකත් කරලා නිදහසේ ආතල් එකේ ඉන්න හදනවත් එක්කම
පටන් ගන්නවා A/L class...
විභාගෙ pass ඇති කියල හිතාගෙන
result out වෙන්නත් කලින් ඉඳලා අපි දුවනවා A/L class..

ඉතින් ඔන්න ආයිත් අර මන්තරේ...
A/L ගොඩදාගත්තොත් campus ගියොත් පුල්වන් වෙයි
නිදහසේ ඉන්න...
A/L කෙල උනොත් ඔක්කොම කෙල වෙනවා..
මදැයි කොලා ඔන්න ඉතින් හති දාගෙන
කන්නෙ බොන්නේ නැතුව පලමු දෙවෙනි තුන් වෙනි සැර වලින්
A/L ගොඩ දා ගෙන අපි යනවා කොහෙද campus campus....

එත් කො ඒ සිහින බලාපොරොත්තු කෝ නිදහස...
මොන පිස්සුද Assignmentද projectද examද
ඔවා කරලා කරලා පන ගිහින් අපි එනවා ජොබ් කරන්න
අනෙ අපෙ නිදහස ආතල් ගැනීමේ බලාපොරොත්තු...
එකත් හරියට මෙන්න මේ වගේ...
එලුවගෙ මොකද්ද එක වැටෙනකම් පස්සෙන් ගිය නරියා වගේ
:D :D :D :D
>

ප.ලි.
හිතට ආපු නිසා ලිව්වා. හැමෝම නැතත් ගොඩක් අයට මේ දේ අඩු වැඩි වශයෙන් ලැබිලා ඇති. මං තුමානන් ඕවා ඕනතරම් අහලා ඕවා පිලිපැදලා ඉන්නේ... :) :)

4 comments:

  1. සහතික ඇත්ත.මට නං නිදහසක් කියල ටිකක් තිබුනේ දොලහ වසරට එනකං විතරයි. දැං නං නිදහස තිබුනත් හිතට නිදහසක් නෑ වගේ.

    ReplyDelete
  2. @රාජ්
    මටත් ඕකම තමා උනේ campus එනකම් කිව්වෙ එකට ගිහින් ඕන විදියට නිදහසේ ඉන්න පුලුවන් කියලා මන් තාම හිතනවා ඔය කියන නිදහස කෝ කියලා. සමහර විට නිදහස් අධ්‍යාපනය ගැන කිව්වද දන්නේ නෑ.. හි හි හි :)) :)) :)) x(

    ReplyDelete
  3. මටත් මෙච්චරකල් ඔය කිවුව දේවල් ඔය විදිහටම කිවුවා.....දැන්නම් ටිකක් සැනසිල්ලෙ ඉන්නෙ O/L ඉවර නිසා.ඒත් ඔය පෝස්ට් එකේ ඉතුරු
    ටික අහගන්නත් බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.......
    :D
    :)

    ReplyDelete
  4. @කෝඩුකාරයා
    ඔය ටිකත් ඉක්මනට අහන්න ලැබෙයි. සා. පෙල. ඉවර නිස ටිකක් ජොලියෙ ඉඳලා උ.පෙල. පටන් ගන්න. එකත් හොඳට කරන්න.... ජය වෙවා...

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...