Wednesday, January 9, 2013

කලකට පස්සේ බ්ලොගයට බැස්සේ...

හම්මේ බ්ලොග් එකෙ හැටි... අව්රුද්දකට ආසන්න කාලයක් නිහඩවම ගියා. බ්ලොග් එකේ 4 මායිමේවත් එන්න බැරිඋනා. වැඩත් එක්ක busy ගොඩක් උනා.

ඉතින් කොහොමද යාලුවනේ කට්ටියම හොන් කියල හිතනවා. නිශ්ශබ්දව හිටිය කාලෙ වෙච්ච ගොඩක් කතා තියෙනවා. එවත් එක්ක නැව්තත් ඔයාලව මුන් ගැහෙන්න හිතුවා.

වෙච්ච කතා ගොඩයි එවයින් කිපයක් තමයි පහත තියෙන්නෙ කට්ටිය කැමති විදියට ඒව ඔයලත් එක්ක බෙදා ගන්නම්.

1) මගෙ පලවෙනි රිය අනතුර
2) කුඩ්ඩෙක් සමග පැයක්.
3) පලමු සුපිරි පන්තියේ හොටලෙකින් කෑමක්
4) පලමු තරු 7 හොටලයක රාත්‍රිය...
5) මගේ පලමු පඩියෙන් කරපු කියපු දේවල්...

තව ඔය වගේ කතා ගොඩයි..... මේ කලය තුල වෙච්ච හොද හොද අත්දැකීම් එක්ක ඉක්මනට හම්බෙමු. එතෙක් ජය වේවා.


ඉතිරි ටිකත් බලමු...

Monday, December 31, 2012

A/L ICT Model Paper 02 සහ සුභ අලුත් අව්රුද්දක් වේවා!

ඉතින් කොහොමද යාලුවනේ කාලෙකට පස්සේ ඔන්න ආයිමත් බ්ලොග් එක පැත්තෙ ආව. කියන්න ගොඩක් දේවල් තියෙනවා. අලුත් අලුත් අත්දැකීම් ගොඩක් ලැබුන පහුගිය ටිකෙ. එවත් එක්ක ඉක්මනට හමු වෙමු.

ඔන්න එහෙනම් හැමෝටම සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා.

අලුත් අව්රුද්දේ හොද වැඩකින් පටන් ගන්න හිතුවා අපේ A/L ICT කරන නංගිලා මල්ලිලාට මම Model Paper එකක් දැම්මා. එකත් කැමති අය ගිහින් download කරගෙන බලන්න.

A/L ICT Model Paper


ඉතිරි ටිකත් බලමු...

Thursday, January 26, 2012

අර්ධ ශතකය සහ ශතකය ලබා ගැනීම සහ හිට්ස් 15000


අද හරිම සතුටු දවසක් මොකද මම අද මගේ සින්හල බ්ලොග් එකේ ලියන 100 වෙනි පොස්ටුව. ඒ වගේම සිහින කොදෙව්වෙ 50 වෙනි පොස්ටුව. ලියන්න කියන්න ගොඩක් දෙවල් තිබුනත් සතුටට වචන ගලපගන්නත් බෑ.
මොනව උනත් එදා ඉන්දල මගේ බ්ලොගයට ගොඩ වැදුනු සහ මට සහය පල කරපු හැම දෙනාටම ගොඩාක් ස්තුති.
ජීවන්තගෙ සටහන් පොත ලෙස පටන් ගත්ත බ්ලොග් එක මේ වෙන කොට ඔක්කොම පොස්ටු 100ක් දාල තියෙනවා. එකෙන් 50ක් ජීවන්තගෙ සටහන් පොතේ තියෙන ඒව. ඉතුරු 50 සිහින කොදෙව්වට අයිති ඒවා.


ඒ වගෙම මේ වෙනකොට මම පස්සෙන් එන අය ගනන 30යි. පොඩ්ඩක් මදි වගේ නෙද. හි හි එහේම තමයි මමත් ඉතින් වැඩිය කාගෙවත් බ්ලොග් වලට පස්සෙන් පන්නන්නෙ නෑ නොවැ. බලමු අද ඉන්දන් මම කියවන හැම බ්ලොග් එකක්ම එලවන් යන්න. එහෙනම් ඒ හැම දෙනාටම ගොඩක් ස්තුති.

අහ් තව පොඩ්ඩෙන් මාතෘකාවේ අන්තිම කොටස අමතක වෙනවා. හිට්ස් 15000. ගුග්ල් දෙයියට අනුව මේ වෙනකොට මම ආපුවත් සමග හිට්ස් 15000ත් පැනලා. ඒ වගේම මගේ කොමෙන්ටුත් එක්කම කොමෙන්ටු 229. ඉතින් මේ පැත්තෙ ඇවිල්ල සහ කොමෙන්ටු වලින් අදහස් දක්වපු සහ නොදක්වපු හැමොටම ගොඩක් ස්තුති. මොකද මට සාමන්යෙන් එක දිගට වැඩක් ගොඩක් දවස් කරන්න බෑ. එත් මේක මම කලේ ඔයලා මේක බලන්න එන නිසා.පොස්ට් එකක් දලා ගොඩක් අය වගේ මමත් කොමෙන්ට් වැටේනකම් බලන් හිටියා හිට්ස් වැඩි වෙනකම් බලන් හිටිය ඒවයින් තමයි මම මේතරම් දුරක් ආවෙ.
එහෙනම් ආයිත් සැරයක් ඔය හැමොටම ගොඩක් ස්තුතියි.

ප.ලි.
මේ බ්ලොග් එක 100 ලියල නවත්වනව කියල හිතුවෙ. එත් එහෙම කරන්න දැන් බෑ වගේ. මොකද මේ එකකරි ජීවිතෙට බ්ලොග් ලියන එක කියවන එක ගොඩක් ලොකු වෙනසක්. එනිස මේක නවත්වන අදහස මම අත හැරියා.
එහෙනම් අලුත් පොස්ටු ගොඩක් එක්ක ආයිත් මුන ගැසෙමු. ලියන්න ගොඩක් දෙවල් තියෙනවා ඉස්සරහට.
හැමෝටම ආයුබෝවේවා.



ඉතිරි ටිකත් බලමු...

Monday, January 23, 2012

බැහැපු එවුන්...

ඔක්කොටම කලින් කියන්න දෙයක් තියෙනවා. මතක ඇතිනේ මම මීට කලින් දාපු පොස්ටුවේ දැම්මා අවසානයක් ගැන. කට්ටිය බලනවා ඇති මොකද්ද මේ හරුපෙ කියලා. මෙකයි සීන් එක මටත් හැදුනා බ්ලොග් ලියන්න කම්මැලි වෙන ලෙඩේ. අප්පෝ ඒක හැදුනම තියෙන සනිපේ. හික්ස්... ඉතින් එකයි පහුගිය ටිකේ මේ පැත්ත පලාතේ ආවෙ නැත්තේ. ඔන්න ඉතින් ටික දවසක් යන්කොට ඉතින් එහෙම කරන්න බෑ කියලා හිතෙනවා. ඔන්න දැන්නම් මම හිතන්නෙ ඒක නිට්ටවටම සුවයි. එල එහෙනම් මුලිනම මගේ බ්ලොග් එක බලන්න එන කට්ටිය (පොස්ටු දැම්මත් නොදැම්මත්) ගොඩක් ස්තුති. මේ ලෙඩෙ හැදෙන්න තව පොඩි පොඩි හෙතු තියෙනවා. එවා ඊලග පොස්ස්ටුවෙන් බලන්න පුලුවන්. මොකද ඒක තමයි මගේ අර්ධ් ශතකය සහ ශතකය දෙකම ලියවෙන පොස්ටුව. ඒකට හෙතුවත් ඉතින් එකෙන්ම තම්යි බලාගන්න වෙන්නේ. හික්ස්.. පුලුවන් අය ඉන්නවනම් ඔඅය අර්ධ ශතක සහ ශතක කතාවෙ හේතුව කොමෙන්ටුවකින් දාන්න බලන්න.හරි ඔන්න වල්පල් ඉවරයි අද කතාව.


මේකත් ඉතින් බස් කතාවක් තමයි. අද උදේ බස් එකෙ එනකොට වෙච්ච දෙයක් නිසා කාලෙකට කලින් එවගේ දෙයක් වෙච්ච මගේ යලුවෙක් කරපු දෙයක් මතක් උනා. කට්ටියටම මතක ඇතිනේ මගේ අනිත් බස් කතා. තව බස් කතා තියෙනවා ගොඩක් පුලු පුලුවන් විදියට ඒවත් දාන්න බලන්නම්.
මේකයි සීන් කෝන් එක. ඔන්න අද උදේ මම ඔෆිස් එන්න බස් එකක්ට නැග්ගා. ඔය බස් එක අර සීට් 3යි 2යි තියෙන ජාතියෙ එකක්. සීට් ගානට වගේම හිටියත් මාටත් වාඩිවෙන්න ලැබුනා දෙහිවල හරියෙදි. හැබැයි සීට් 3ක් තියෙන එකක මැද සීට් එකෙ. ඔන්න බොහොම අමාරුවෙන් වාඩි උනේ මොකද වීදුරුව ගාව වාඩි වෙලා හිටපු එකා සීට් 1 1/2 ක් අරගෙන වාඩිවෙල කකුල් දෙකත් හොඳටම පලල් කරගෙන ඉන්නවා. මමත් වාඩි වෙලා බැලුවා පොඩ්ඩ්ඩක් තල්ලුවක් දාල ඉඩ ලැබෙයිද කියලා.
කොහෙද මූ මුගේ සීට් එක වගේ නො හෙල්ලුම්. දෙසරයක් තුන් සැරයක් රවල බැලුවා ඒත් නො හෙල්ලුම්. අනිත් පැත්තෙ එක්කෙනා මට ඔරවනවා හරියට මම මිනිහගෙ සීට් එක අරගෙන වගේ. ඒත් ඉතින් මොනව කරන්නද උදේ පන්දරම ලේ කොප කරගන්න බෑනේ. ඔන්න ඔහේ හිතින් දන්න කියන ඔක්කොම මතක් කර කර ආවා.
ඔන්න ඕක තමයි නිදාන කතාව මට මේ ලියන්න යන කතාව මතක් වෙන්න හේතු වෙච්ච. මගේ යාලුවටත් මේවගේ සීන් එකක් වෙලා. මිනිහ මම වගේ ඉවසන එකෙක් නෙවෙයි. මිනිහ මොකද කලේ මම වගේම මිනිහ අයිතිය ලබාගන්න ට්‍රයි එක දුන්නා. ඒත් මොන අනිත් එකා අද උදේ එකාවගේ ඌට නෙවෙයි වගේ ඉන්නවලු. මගේ යාලුවා මොකද කලේ කොන්දා සල්ලි ඉල්ලන්න ආවම 1/2 ටිකට් එකක් ඉල්ලලා. හික්ස්.
කොන්දා බැලුවලු මූට අන්ද කයිප්පුද කියලා 1/2 ටිකට් ඉල්ලන්න කියල කොකටත් චෙක් කරන්න කියලා ආයිත් අහල ටිකට් එක කොහෙටද කියල. යාලුවත් ආයිත් කියලා ගාල්ලට 1/2ක් දෙන කියලා. ඒ පාර කොන්දා කියලා මල්ලිට 1/2ක් කැඩුවෙ මීට අවෘදු 10කට ඉස්සෙල්ල වෙන්න ඇති කියලා. ඒපාර අරු කියලා මගෙන් 1/2ක් අරන් ඉතුරු 1/2 මෙන්න මේ බැහැපු එකගෙන් ඉල්ල ගන්න කියලා. බස් එකෙ කට්ටිය බලනවලු මූ මොකද කියන්නෙ කියලා. ඒ පාර මු කියනවලු මුගෙ බැහැපු හින්දනෙ සීට් 1 1/2 ක් අල්ලගෙන යන විදියට කකුල් පලල් කරන් ඉන්නෙ. එක ලගට ගන්න අමාරු ඇති කියල. ඔන්න ඔහොමයි ඒ යාලුවා තමන්ගෙ අයිති වාසිකම් දිනාගත්තෙ.
ප.ලි.
ඊට පස්සෙ උනම් කිව්වෙ ඌට කිසි කරදරයක් උනේ නෑ කියල. එත් ඉතින් කව්ද දන්නෙ. කනේ පරක්වත් කැවද කියලා. අපි ලග පාත හිටිය එකක්ය.
ප. ප. ලි.
මේක මම් ලිව්වෙ මම් මේ දෙවල් වලට ග්පොඩක් මුහුන ඩීල තියෙන නිසා. ඔයාලත් මේවට මුහුන දීල ඇති. ඒවගේ වෙලාවට යාලුවගේ කෙම දාලම බලන්න. හැබැයි පිරිමි කෙනෙක් හිටියොත් විතරයි...හික්ස් :D :D :D



ඉතිරි ටිකත් බලමු...

Wednesday, January 18, 2012

අවසානයට පෙර....

අවසානය යනු ආරම්බයකට අත්තිවාරමකි
අත්දැකීම් එය තවත් ශක්තිමත් කරනු ඇත.
මෙය
තවත් අවසානයකට පෙර කරන
සුදානමකි.



ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...