Tuesday, January 10, 2012

මැරෙන්න ලං වෙලා ලෙඩෙක් ආවත් තොපි ඕකමද කරන්නේ...

ඇත්තටම මේක ලියන්න හිතපු එකක් නෙවෙයි. එත් අද වෙච්ච සිද්දියක් නිසා ලියන්න හිතුනෙ. මේක ඇත්තටම හිතේ දුකටත් වඩා හිතේ තියෙන තරහට ලියන එකක්. මේකයි සිද්දිය.

අද උදේ තාත්තා අම්මව ඉස්කොලෙට දාන්න යද්දි පොඩි අක්සිඩෙන්ට් එකක් වෙලා. එත් තාත්තගේ එක කකුලක පොඩි ඇගිල්ල අනිත් හැප්පිච්ච බයික් එකෙ වැදිලා. වැදුනු පාරට ඒ ඇගිල්ලයි අනිත් ඇගිල්ලයි අතරින් ඉරිල තුවාල වෙලා. ඒපාර ගෙදර ගිහින් තුවාලෙ ඔතාගෙන අපේ ගමේ තියෙන ඉස්පිරිතාලෙට (ආදපාන ඉස්පිරිතාලය එහෙම නැත්නම් Kamburupitiya General Hospital)ගිහින් වැඩි හොඳට මොකද ඇගිල්ල වැදුනු වෙලේ ඇගිල්ල නැවිලා ගොඩක්. ඒ පාර්ට කැඩිලද දන්නෙ නැති නිසා. තුවලෙ රිදීමට එක තෙරෙන්නෙ නැතිලු.



මේ සිද්දිය වෙලා තියෙන්නෙ 7ට විතර හොස්පිටල් එකට යනකොට 7.30 විතර වෙලා. ඒතන ඉඳලා මේ වෙනකම් (දැන් වෙලාව 10.30) තාම ඩොක්ටර් කෙනෙක් බලල නෑ. ඩොcටොර් කෙනෙක් බලනකම් තත්තට වාඩි වෙලා ඉන්න කිව්වලු. එතන ලෙඩ්ඩු පෝලිමේ ඉන්නවලු ඩොක්ටර් කෙනෙක් එනකම් එයාලව බලන්න.

මේක ආන්ඩුවෙ ඉස්පිරිතාලයක්. ගොඩක් මිනිස්සු එනවා බේත් ගන්න. 10.30 වෙනකම් ඩොක්ටර් කෙනෙක් නෑ ලෙඩ්ඩුන්ට බේත් දෙන්න.තාත්තනම් කියන්නෙ දැන් ලේ එන එක නැවතිලා කියලා. තුවාලයක් තියෙනවද කියලා දැනෙන්නෙවත් නෑ කියලා. යකෝ මෙහෙමත් ඉස්පිරිතාලයක් ලෙඩෙක් බලන්න ඩොක්ටර් කෙනෙක් නැති හැටි. යකාගේ ඉස්පිරිතාලයක් තමයි. මම දන්න විදියට මේකෙ ගොඩක් ඩොක්ටර්ස්ල ඉන්නවා මොකද මේක ලඟදි ගොඩක් දියුනු කරපු හොස්පිටල් එකක්.

මට අන්තිමට අහන්න තියෙන්නෙ මෙච්චරයි. මුන් මැරෙන්න ලඟ මිනිහෙක්ව අරන් ආවත් මෙහෙමද යකෝ සලකන්නේ. ඩොක්ටර් කෙනෙක් එනකම් ඇඳකට දාල තියයි මැරෙනකන්.

5 comments:

  1. මම හිතන් උන්නේ ලන්කාවේ රාජයේ ආයතන දැන් විදිමත් කියලා. බලාගෙන ගියහම එදා වගේම තමයි.

    ReplyDelete
  2. මේ මිනිසුන්ගේ පිරිහීමද ,නෑත්තන් වගකීම් පෑහෑර හෑරීමද...
    පුද්ගලික වයිද්ය විද්යාල හමුවේ රෝගීන් ගෑන මහා කරුනාවෙන් කතා කරන දොස්තරලා නෙද මේහෙම වෑඩ කරන්නේ

    ReplyDelete
  3. @Buddhi:-දැනට ගොඩක් දුරට හරි එත් තාමත් අපතයො ටිකක් ඉන්නවා.

    ReplyDelete
  4. @අසoක:- කියලා වැඩක් නෑ සහෝ. තාත්තාගෙ කකුලෙ ඇගිල්ල කැඩිලා. එකෙ ප්ලාස්ටර් එක දාන්න ගන්න කොට 1ට විතර ඇති.පැය 5කටත් වඩා ඉහින් එතකොට.

    ReplyDelete
  5. සම්පත් හිඟයක් වෙන්නත් පුලුවන් සමහර විට! ඒත් වෙච්ච දේ අනුමත කරන්න බෑ!

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...