Tuesday, August 23, 2011

2011 අගෝස්තු 22 ජීවිතේ තවත් එක් වැදගත් දවසක්....

දවස හරියටම 2011 අගෝස්තු 22 එහෙමත් නැත්නම් ඊයේ ජිවිතේ ආපු තවත් එක්තරා වැදගත්ම වැදගත් ලස්සන දවසක්...

උදෙන්ම ඇහැරුනා නින්ද අහලකවත් නෑ.....
තව ටිකක් නිදාගන්න හිතෙනවා ඒත් අද නින්ද අහලකවත් නෑ....
අද දවස මොන වගේ වෙයිද....
මට මේක කර ගන්න පුලුවන් වෙයිද...
වැඩ අමාරු වෙයිද....
ඔය වගේ 1000ක් ප්‍රශ්ණ..... එත් මේ දවස එනකම් මං විතරක් නෙවේ තව ගොඩක් අය බලන් හිටියා.....
ඒ තමයි මගෙ ආදරණීය අම්මයි, තාත්තායි නංගියි මල්ලිලයි....
ඒ අයටත් අද දවස වැදගත් දවසක්....

ඉතින් උදෙන්ම නැගිට්ට නිසා කම්මැලි යන්නත් එක්ක හොඳට නා ගත්තා....(දැන් ඉතින් හැමදාම උදෙන්ම තමයි නා ගන්න වෙන්නේ )
ඊට පස්සේ හා හා පුරා කියලා ගෙනාපු අලුත් ඇදුම් ඇද ගත්තා.....
ඒත් එලියට බහින්න විදියක් නෑ..... හොඳටම වහිනවා....
මන් වෙනුවෙන් මල් වරුසාවක්.... ;) :))
ඊට පස්සේ කිරිබත් කාලා එහෙම පිටත් උනා.....
( මෙතනදි මගේ යලුවෙක්ගෙ අම්මාටයි තාත්තටයි ගොඩාක් පින් දෙන්න ඕන මොකද ම්න් වෙනුවෙන් කිරිබත් හදල දුන්නට. නැතන්ම් බොඩිම්වල ජිවිතේ ගෙවන අපිට මේ වගෙ වැදගත් දවසක කොහෙන්ද කිරිබත්.... ගොඩාක් පින් ඇන්ටිටයි අන්කල්ටයි )
ඉතින් ඊට පස්සේ ....

මං මගේ ජිවිතේ මගේ පලවෙනි JOB එක පටන් ගත්තා.... :) ;) :))


ඉතිරි ටිකත් බලමු...

Thursday, August 11, 2011

මේ රජතුමා ගැන දන්නවද???????

මේක අද උදේම දැක්කේ....
මෙන්න මේ රජතුමා දන්නවද බලන්න....

දකුණු පැත්තේ උඩම තියෙන රතුපාට යටින් ඉරි ගහලා තියෙන්නේ අන්න ඒ රජතුමා...


ඉතිරි ටිකත් බලමු...

Tuesday, August 9, 2011

අම්මෝ ඇති යන්තම්....ආලොකෝ උදපාදි උනා...



දැන් දවස් ගානක ඉඳන් දැගලුවා java and MATLAB interface කරගන්න. මට එපා වෙල හිටියේ.. 8-} 8-}
අන්තිමට බොරුවක් කරන්න හිතන් හිටියේ... ~x( ~x( ~x(  :( :(
එත් අද උදේ ඉඳන් නැහිල නැහිල වැඩේ ගොඩ දාගත්තා...
අන්තිමට ආලොකෝ උදපාදි උනා...:)) :)) ;;) ;;)
මෙක කරන්න මන් වින්ද දුකක්.... අම්මෝ මතක් වෙනකොට ඇඟ පන නැති වෙනවා...

මේක කරන විදිය දැනගන්න ඕන අය ඉන්නවනම් කියන්න... මන් post එකක් දාන්නම්...


ඉතිරි ටිකත් බලමු...

Sunday, August 7, 2011

පුලුවන් නම් කියවන්න.....

මෙන්න මේ පේලි ටික වරදින්නේ නැතුව හයියෙන් එක හුස්මට කියන්න බලන්න....
වැරදුනොත් ආයිත් මුල ඉඳන් කියවන්න ඕන.... ඔට්ටුයි කාටවත් බෑ... :D :)) :))


This is this puzzle
This is is puzzle
This is how puzzle
This is to puzzle
This is keep puzzle
This is an puzzle
This is idiot puzzle
This is busy puzzle
This is for puzzle
This is forty puzzle
This is seconds! puzzle

 


ඉතිරි ටිකත් බලමු...

Tuesday, August 2, 2011

කෙසෙල් ගහට කෙටුව කොට්ටෝරුවට වෙච්ච දේ අපිට උනු හැටි....

මේක වෙච්ච කාලේනම් එච්චර මතකයක් නෑ.... එද්දාස් නමසිය බර ගනං වල කියල හිතන්නකෝ... හෝව් හෝව්.... මට තාම එච්චර වයසක් නෑ... හී... හී... :)) :))
සිද්දිය උනේ අපි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් එක්ක ගිය දවසක... මතක විදියට 10 වසරෙදි වගේ... බස් තුනකින් තමයි 10 වසරේ ළමයි සෙට් එක එක්කන් ගියේ...
අහ්... තව දෙයක් ඒ කාලේ ඉස්කොලේ හිටපු නසරානි ළමයි සෙට් එක (ඉස්කෝලෙ සර්ල මැඩම්ල හිතන් හිටියෙ එහෙමයි )හිටියේ අපේ පන්තියේ. (සර්ල මැඩම්ල හැමදාම කිව්වේ විභාගේ ඇන ගන්නවා කියල ඒ උනාට ඉස්කෝලේ  හොඳම ප්‍රතිපල අපේ පන්තියේ. ඒක උනේ කොහොමද කියල පස්සෙ කියන්නම්. :) )
හෝව් හෝව් බනින්න එපා කතාව නොකියා නයි අරිනව කියලා.... :) ;) එහෙම නැතුව බැනේ නැත්නම් හිතයිනේ අපි වගේ හොඳ ළමයි ඔය වගේ කැත වැඩ කරයිද කියලා....
දැන් අපේ පන්තියේ කොල්ලො සෙට් එක එක බස් එකක පිටිපස්සටම සෙට් උනා... දන්නවනේ පිටි පස්සේ යනකොට තියෙන ආතල් එක ට්‍රිප් එකකදි...
ඉතින් කතා කර ගත්ත විදියට water spray එකකුත් ගෙනල්ල තිබ්බ අපේ එකෙක්... අර කොන්ඩෙ කපන තැන්වල තියෙන්නේ වතුර විදින්න අන්න එයින් එකක්.. හරිය...
ඔන්න ඉතින්ටික දුරක් යනකන් කට්ටිය සින්දු කිය කිය ගියා.... දවස්ස් 3ක ට්‍රිප් එකක් නේ... හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට නිසා කට්ටිය නිවි සැනසිල්ලෙ ගියා සින්දුවක් කියාගෙන... ඇයි ඉතින් සර්ලත් සැරෙන් සැරෙට ඇවිත් බලල යනවා sure නැනෙ අපෙ සෙට් එක...
ඔන්න ඉතින් දවල්ට කාල කට්ටිය වැඩෙ පටන් ගත්ත... මුලින් මුලින් පරේ ඉන්න කට්ටිය තමඉ ජල ප්‍රහාරෙට ලක් උනේ...
අනේ ඉතින් අයියට පින් සිද්ද වෙන්න අපිට ඇහෙන්නෙ තොපේ....... කියල විතර‍යි....
පස්සෙ පස්සේ බයිසිකල් පවා හොදන්න ගත්ත... වැඩේ නැගල යනවා.... සමහරු නම් ඉතින් පඩුවේ යනවා වතුර පාර කාලා. එත් සමහරු සුද්ද සින්හලෙන් ජාතිය අමතනවා... මොනා කරන්නද ඇහෙන්නේ ටිකයිනේ :D :D
ඔන්න දැන් තමයි කොට්ටොරු සීන් එක වෙන්නේ... අපේ එකෙක් විද්දේ නැතෑ මහ ට්‍රැක්ටර් එකක් එලවන ඩයල් එකකට.... ඌත් ඉතින් ජාතිය අමත අමත පස්සෙන් එලවනවා.... අහෝ කේදයකි ඉරකි තිතකි කිව්වලු....
ඉස්සරහ රේල් ගේට් එක දාල... මලා කට්ටියම දඩ බඩ ගලා බොතලෙ හන්ගලා සින්දු කියන්න ගත්ත... මොකද තව ටිකකින් 6.30 ශෝ එක පෙන්නවා අයිත් දෙකක්නෑ...
ඔන්න දැන් අර ඩයල් එකත් බැහැල බුස් එකේ ඉස්සරට ගිහින් ඇතුලට නැග්ග ජාතියත් අමටගෙනම... අම්මෝ කිව්ව එව අපේ සර්ල මිස්ල අම්ම මුත්ත කාලෙවත් අහල නැතුව ඇති..
පස්සෙ සර් කෙනෙක් ගිහින් මිනිහ ශෙප් කරල විස්තරෙ අහල යවල ඉවර වෙලා පටන් ගත්ත දෙහි කපන්න... එත් අප්පා මේ සර්ලට තෙරුනේ නෑනේ එකේ තියෙන ආතල් එක... බොතලෙත් රාජ සන්තක කරල තමයි ඉවර කලේ... :'( :'(
හී හී... කට්ටිය හිතන් ඇති එක එතනින් ඉවර උනා කියලා.... ඉවර උනා කිව්වට ඉවර උනේම නෑ... මොකද ඒක තමයි මන් ගිය ආතල්ම ට්‍රිප් එක... තව රස කතා ගොඩයි... එවා පසුවට...
හොඳයි කියල හිතෙනවනම් ප්‍රතිචාරයකුත් දාගෙන්ම යන්න... එතකොට අනිත් ඒව ලියන්න පුලුවන් ඉක්මනට...




ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...