Wednesday, November 30, 2011

කොටි මට දීපු RAG එක (1වෙනි කොටස)



මතකනෙ මම කලින් දාපු Rag කතා ටික.කියවලා නැත්නම් කියවලම එන්නකෝ. ඉතින් මට අදත් හිතුනා රැග් කතා ටිකක් දාන්න. හැබැයි මේ කතා ටික මටම වෙච්ච ටිකක්.මම මුලින්ම Campus එකට ගිය දවසේ තමයි මේ ටික ඔක්කොම උනේ. කරුමෙ කියන්නේ අර කොටි (ඔව් ඔව් කකුල් දෙකේ හිටපු උන් තමයි ) උනුත් මාව රැග් කලානේ. මතක් වෙනකොටත් තරහයි. උන් කරපු ඒ වැඩේ නිසා මට කීපරක් නම් බැනුම් ඇහුවද? එකනම් කමක් නෑ අපේ රණවිරුවො කී දෙනෙක් ඒ වැඩෙන් මැරුනද? තාමත් මගේ හිතේ තියෙන සිද්දි කීපයකින් එකක් තමා ඒක.


මතක් වෙනකොටත් තාමත් බය හිතෙනවා.එදා ලේ උඩින් පැන පැන ගිය හැටි. කතා ටික කියවලම බලන්න. මේ සිද්දි ටික සිදු උනේ එකම දවසේ ඒ නිසා කතාව ටිකක් දිගයි. ඒ නිසා කොටස් තුනකින් විතර දාන්න හිතුවා.මොකද මේ කතාවෙදි මාව AR පවා රැග් කලා. කොටි මට රැග් කරපු හැටි කියවන්න එහෙනම් පටාන් ගමු.

මේ කතාවෙන් පස්සේ හොල්මන් එක්ක හොස්ටල් එකේ තනියම රෑ නිදාගත්ත කතාව කියන්න හිතුවා. එකත් බලන්කොට රැග් එකක් තමයි.

image location: http://www.livemint.com/images/46D458F5-BE19-4473-AA6D-095472522411ArtVPF.gif


ඉතිරි ටිකත් බලමු...

Tuesday, November 29, 2011

සිදුවෙන අපහසුතාවය ගැන කනගටුයි.

පොඩි පන්ඩිත වැඩක් කරන්න ගිහින් හැම පොස්ට් එකකම මෙන්න මේ විඩියෙ ලින්ක් එකක් ඇවිත්
ඉතිරිය කියවන්න කියලා.
ඔය ලින්ක් එක හරියට වැඩ කරන්නේ මන් අද දාපු මෙන්න මේ ලිපියට සහ මින් ඉදිරියට ලින්යන ලිපි සඳහා පමනයි. ඊට කලින් ලිපි වල ඒ ලින්ක් එක වඩ නෑ.ඒ ටික අයින් කරනකම් ඔයාලට වෙන අපහසු තාවය ගැන මගේ අතිශය කණගාටුව ප්‍රකාශ කරනවා.

ප.ලි.
මේ කරපු වැඩේ නිසා මගේ පාටකයන්ට වෙන අපහසු තාවය ගැන මම මාවම තරයේ හෙලා දකිනවා.
:D :D :D


ඉතිරි ටිකත් බලමු...

වැඩියෙන්ම හොඳ කවුද?(පොඩි කතාවක්)






මොනාද මන් අද බ්ලොග් එකේ දාන්නේ. දැනට Title කිපයක්ම ලියලා save කරගෙන ඉන්නවා. ඒත් ලියන්න ටිකක් කම්මැලි වගේ. ඒක නිසා බ්ලොග් එකට දාන්න දෙයක් හිත හිත ඉන්න් කොට ලැබුනු පොඩි කතාවක් කාටත් වැදගත් වෙයි කියලා හිතුනු නිසා (වෙයි නෙවෙයි අනිවා වෙනවා)කට්ටියත් එක්ක බෙදාගන්න හිතුනා. මම එච්චරම දක්ශ විදියට ලියන්න දන්නෙ නැති නිසා කට්ටියටම එපා වේ දන්නෙ නෑ. එත් ඉතින් මොනා කරන්නද... අමාරුවෙන් හරි කියවලා දාන්නකෝ. :) ;)
කට්ටියම බලනවා ඇති මොකටද මූ මෙ එන්න හදන්නෙ කියල පටන් ගන්නකොටම බෝනික්කෙක්ගෙ එකක් එහෙම දාගෙන. තරහ අවසර බොනික්කො කතාවක් තමයි දාන්න යන්නේ. වැල් වටාරම නැතුව ඔන්න එහෙනම් ලියනවා කියවලා බලලා comment එකකුත් දාගෙන යන්න. ;;) ;;) ;;)
==============================================

එකෝමත් එක කාලයක රජතුමෙක් දැහැමින් සෙමෙන් රට පාලනය කරගෙන හිටියා. මේ රජතුමාට හිටිය පොඩි පුත් කුමරයෙක්. (කුමරයෙක් කිව්වම පුතෙක් කියල ලියන්න ඔනද මන්දා)ඉතින් මේ කුමාරයා ඉගෙන ගන්න වයසට ආවම රජතුමා මේ කුමාරයව යැව්වා දිසාපාමොක් ඇදුරුතුමා ගාවට රට කරවන හැටි ඉගෙන ගන්න. ඉතින් මේ කුමාරයත් ඉතින් හොඳට ගුරුතුමා කියල දෙන දේවල් ඉගෙන ගත්තා. ඉතින් මේ කුමාරයා ඉගෙන ගෙන ඉවර වෙලා තම්න්ගෙ රාජ්‍යට යන්න පිටත් වෙන්න ඉස්සෙල්ල ගුරුතුමා ගාව දනගහල වැඳලා ගුරු පඩුරු පූජා කරලා ගම රට බලා යන්න අවසර ඉල්ලුවා.

ඉතින් ගුරුතුමත් මේ කුමාරයට ආශිර්වාද කරලා තැග්ගක් දුන්නා. කට්ටිය මොකද හිතන්නෙ මොනාද දෙන්න ඇත්තේ. ආයි ඉතින් මොනාද නේද දුව වෙන්න ඇති නේද. මොකද ඉතින් දක්ශ අයට එහෙමනේ ඒ දවස් වල. ඔය මනමේ නාට්ටියෙත් තියෙන්නේ.



හැබැයි ඉතින් මේ කුමාරයට ලැබුනේ දු කුමාරිය නෙවෙයි. දූ කුමාරි වගේම ලස්සන බෝනික්කො තුන් දෙනෙක්. දැන් කුමාරයට මාරම අස්පට් එක. ඇයි ඉතින් බොනික්කො දුන්නම කුමාරයකුට අනික මේ මෙච්චර වයසකුත් වෙලා.

ඉතින් කුමාරය මොකද කලේ ගුරුතුමාගෙන් ඇහුවලු මොකද්ද මේ බෝනික්කො තුන් දෙනාගෙ වැදගත් කම. මොකද බනින්නත් බෑනේ ගුරුතුමානේ අනික එතුමා එහෙම ආවට ගියාට වැඩකරන කෙනෙකුත් නෙවෙයිනේ.

ඒපාර ගුරුතුමා රජ කුමාරයට නූලක් දීල කියනවා පලවෙනි බෝනික්කගෙ කනට නූල දාන්න කියලා. කුමාරයත් මොකද කලේ කිව්ව විදියට කලා. නූල දැම්මම නූල බෝනික්කගෙ අනිත් කනෙන් එලියට ආවා. ඉතින් ගුරුතුමා කියනවා. පුත ඔබ දැන් රට කරවන්නට යන්නෙ. එතනදි ඔබට නා නා ප්‍රකාර මිනිස්සු හම්බවෙනවා ඒ අයගෙන් කට්ටියක් ඔය බෝනික්කගෙන් පෙන්වනවා. නමුත් කුමාරයට තෙරුනේ නෑ කියපු දේ. ඉතින් ඒ ගැන ඇහුවම එතුමා මෙහෙම විස්තර කලා.පුත සමහර මිනිස්සු තමන්ට ඇහෙන දේවල් එච්චර ගනම් ගන්නේ නෑ. ඇහෙන දේවල් අනිත් කනෙන් පිට කරනවා. ඒ තමයි පලවෙනි මිනිස් කොට්ටාසය.

දැන් දෙවෙනි බොනික්කගේ කනට නූල දැම්ම උගේ කටින් නූල ආව. ඒ බොනික්කගෙන් පෙන්නන්නේ දෙවෙනි මනුස්ස කොට්ටාසය. කනට ඇහෙන දේ කටින් අනිත් පැත්තට පිට කරනවා. රහස් රෑකීමට නොහැකි අය.

තුන් වෙනි බෝනික්කගේ කනින් දැම්මම කොහෙන්වත් එලියට එන්නෙ නෑ. ඒ තමයි තුන් වෙනි කොට්ටාසය. තමන්ට ඇහෙන දේ හිතේ තියගෙන ඉන්නවා අනිත් අයට කියන්නෙත් නෑ. අමතක කරන්නෙත් නෑ.

ඉතින් කුමාරයට මාරම අවුල මෙතනින් කවුද වඩාත්ම හොඳ කියලා. ඔයාල හිතන්නෙ කවුද කියලද? පුලුවන් නම් හිතල පහල උත්තරේ එක්ක බලන්න.

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ගුරුතුමා තව බෝනික්කෙක් දිලා කියනවා උගේ කනට නූල දාන්න කියලා. කුමාරයා නූල දැම්මම ඒක අනිත් කනෙන් එලියට ආවා. අයිත් දාන්න කිව්වා ඒ පාර කටින් ආවා. තුන් වෙන් පාර දැම්මම එලිය ආවෙ නෑ. ඉතින් ගුරුතුමා කිව්වා මෙන්න මේ වගේ හැසිරෙන අය තමයි වඩාත්ම හොඳ කියලා.තමන් ලඟට ගන්න ඕනත් මේ වගේ අය කියලා තමන්ගෙ අන්තිම උපදේශයත් අර කුමරයට දීලා ගම් රට බලා යන්න අවසර දුන්නා.
=================================================
ඔන්න ඕකයි බොනික්කො තුන් දෙනාගෙ කතාව. කට්ටිය තේරුනා කියල මන් හිතනවා. හොන්දයිද් මන්දා. පොඩි කතාවක් කිව්වට ටිකක් ලොකු උනානේ ලියාගෙන යනකොට.. :) :) ;) ;)


ඉතිරි ටිකත් බලමු...

Saturday, November 26, 2011

ගනින් යකෝ දෙකේ දෙකේ පොලු කෑල්ලක්.....




රෑ නිදි මරා ගෙන.....
මදුරුවෝ තල තල....
මැච් බලන අපිට....
ගහන්න ගනින් යකෝ...
දෙකේ දෙකේ පොලු කෑල්ලක්....

පරදිනවා කිව්වම මෙහෙමත් පරදිනවද?


මීට කලින් දාපු

සෙනෙහසින් ලියන වගනම් .....

බැලුවෙ නැත්නම් බලන්න.....

කවදාවත් මේවගේ මච් බැලිල්ල එපා උනේ නෑ...


ඉතිරි ටිකත් බලමු...

Friday, November 25, 2011

කොසොල් රජතුමාගේ සිහින 1

කොසොල් රජතුමා:-

භාග්‍යවතුන් වහන්ස, මා දුටු පළමු සිහිනය මෙසේයි. කළු පාට ගොනුන් සතර දෙනෙක් සතර දිසාවෙන්
මහපොළව දෙවනත් කරගෙන, දූවිලි අවුස්සාගෙන ගොන් පොරයට එනවා. උන් එනවිට නරඹන්නෝ මහා
උද්යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වටවී බලාහහගෙන ඉන්නවා. ගොනුන් සතර දෙනා එකිනෙකාට
ලංවුනාම මොන පොර බැදිල්ලක්ද? උන් සතර දෙනා මුහුනට මුහුන තියා ආපසු හැරිල ගියා. ඔල්වරසන් දුන්
නරඹන්නෝ ගොන් පොරය බලන්නට බැරිවී හොදටම දුක්වුණා.

බුදුරජානන් වහන්සේ:-

රජතුමනි, මෙය ඔබට හෝ රටට වත් අද හෙට සිදුවන දෙයක්වත් නොවේ. අනාගතයේ අධාර්මික පලකයන්
නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නිසි කලට වැසි බලාපොරොත්තුවෙන්
අහස දිහා ගොවියෝ බලාගෙන ඉන්නවා. ඔය අතර ගන වැගහි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවිතැන්
කරන්නෝ උද්ලු කැති සුදානම් කරගෙන ඇල අමුණු නියර බදින්න සූදානම් වෙනවා. අව්වෙහි දැමූ දෑ ලහි ලහියෙ
ගෙට ගන්නවා. ඔන්න වහින්නටයි කියා හිටියත් අර වලාකූළු වෙනත් දිසාවකට ගහගෙන යනවා. වැස්ස පිලිබද
බලපොරොත්තු වූ ජනතව දුකෙන් දුකට පත්වෙනවා. එකයි මේ සිහිනයේ ප්‍රතිපලය.



ප.ලි.
හොදින් හිතා බලන්න. වෙන්න යන දේ මෙකයි කියල මට නම් හිතෙනවා.


ඉතිරි ටිකත් බලමු...

කොසොල් රජතුමා දැකපු සිහින.

සිහින කොදෙව්ව තුල සිහින ගැන කතා කරන කොට කොසොල් රජතුමා දැකපු සිහින ගැන කතා නොකොලොත් හොඳ නෑ කියල මට හිතුනා. මොකද එතුමා දැකපු සිහින වලට බුදුහාමුදුරුවෝ දීපු තේරුම් අදට තමයි වඩාත් වැදගත් කියල මට හිතෙනවා. මම අද ඉඳලා ඒ සිහින එකින් එක සිහින කොදෙව්ව තුල දාන්න හදන්නේ. කියවල බලල හිතල බලන්න මේවා ඇත්ත නේද කියලා.

රජතුමා සිහින 16ක් දැකලා තියෙනව ඒ 16ටම බුදුහාමුදුරුවෝ අනාගතේ බලලා දීපු තේරුම් 16කුත් තියෙනවා. මටනම් ඇත්තටම පුදුමයි ඒ තෙරුම් අදට කොච්චර ගැලපෙනවද කියලා දැක්කම. ඔයාලගෙ අදහසුත් එකතු කරලම යන්නකෝ.

සිහින අංක 01


ඉතිරි ටිකත් බලමු...

Wednesday, November 23, 2011

සෙනෙහසින් ලියන වගනම් .....




ඩිල්ශාන් ප්‍රමුක අපේ ආදරණීය ක්‍රිකට් ටීම් එක වෙත,
සමහර විට ඔබ මෙම ලිපිය නොදකිනවා වෙන්න පුලුවන්. ඒත් අපෙ ක්‍රිකට් ටීම් එකට ආදරය කරන ක්‍රිකට් රසිකයෙක් විදියට මෙම මොහොතේ කට පියාගෙන සිටීම වැරදි යයි යන හැඟුමෙන් මෙම ලිපිය ඔබ සියලු දෙනා වෙත ලියනු කැමැත්තෙමි. පලමුව කීමට දෙයක් ඇත. මෙම ලිපිය ලියන්නේ ඔබ ගැන වෛරයකින් නොව අපේ ටීම් එක ගැන දුකෙනි.

ලෝක් ක්‍රිකට් අනු ශූරයන්වූ අපේ ටීම් එක එක දිගටම මෙසේ පැරදීම ගැන අපට ඇත්තේ කියගත නොහැකි දුකකි. හැමොටම හැමදාම මගුල් නැති බව දනිමි. ඒත් මෙසේ පැරදීම ගැන කීමට ඇත්තෙ තනිකරම වැරැද්ද ක්‍රීඩකයන් සහ පාලන අදිකාරිය වග කිව යුතු බවය.

කවදාවත් නැති විදියට මේවන විට අපේ ක්‍රිකට් ටීම් එකට Batting Coach කෙනෙක්, Balling Coach කෙනෙක්, Fielding Coach කෙනෙක් සහ Overall Coach කෙනෙක් සිටියදී මෙසේ පැරදීම ඇදහිය නොහැකි තත්වයකට පත්ව ඇත. මටනම් සිතෙන්නේ මෙච්චර පුහුනු කරුවන් සිටීමෙන් වී ඇත්තේ ආඩි හත්දෙනාගේ කැද හැලිය තත්වෙට පත්ව ඇති බවයි.

කෙසේ නමුත් ඔබට මේ තත්වයෙන් පැන යා නොහැක. මොකද කෝටි 2ක් වු ජනතාවක් නියෝජනය කිරීමට සිටින ඔබට නිදහසට කරුනු කිය කිය සිටීමෙන් පලක් නැත. කෙසේ හෝ මේ තත්වයෙන් ගොඩ ආ යුතුය.
මම ක්‍රිකට් ලොලියෙක් විදියට ඔබලාහගේ දකින වැරදි කිහිපයක් පෙන්වීමට කැමැත්තෙමි.

1. එකදු ක්‍රිඩයකුවත් තමන්ගේ වගකීම ගැන හරියටම දන්නේ නැත.
2. හැමෝම ලොකු ලොකු පහරවල් ගැසීමට සිතා සිටින නමුත් ලකුනු එක දෙක ලබා ගැනීමට උත්සහ නොකරයි.
3. පලමු කඩුලු 2, 3 බිද වැටුනු පසු ඉතුරු කඩුලු ටික ආරක්ශා කිරිමට උත්සහයක් නොගනී. නමුත් අනවශ්ය පීඩනයක් ගෙන ඉතුරු කඩුලු ටිකද ඉක්මනට දැවි යයි.
4. අවසන් පිතිකරුවන් 3දෙන ජීවිතෙට බැට් එකක් අල්ලා නැති බව පෙනේ. ඔවුන්ටද බැටින් පුරුදු කල යුතුය.

මා පන්ඩිතයකු ලෙස ඔබට පෙනෙනු ඇත. පුලුවන්නම් ඇවියත් කරල පෙන්නන්න කිය කියනු ඇත. සත්යකි මට ඔබට මෙන් ක්‍රිකට ගැසිමට නොහැක. ඒනිස තමයි පුලුවන් යයි හැගෙන ඔබලාව අප වෙනුවෙන් ක්‍රිකට් ගසන්නට තොරගෙන තියෙන්නෙ. අරයගෙ වැරැද්ද මෙයාගෙ වැරැද්ද සොයනු වෙනුවට තම තමන්ගේ වැරැදි සදා ගත යුතුව ඇත. එවිට ඔබ පැරදවීමට ජගතෙකු නොමැත.

අවසානයට ඔබ සියලු දෙනාටම කියනු කැමති දෙයක් ඇත. එනම් ඔබ සියලු දෙනා දෙවියන්ට ස්තුති කල යුතුව ඇත. මක් නිසාද යත් ඔබ ඉන්දියාව වෙනුවෙන් සෙල්ලම් නොකරන් බැවිනි. එසේ උනානම් ඉතුරු ටික ඔබටම සිතා ගත හැකිවනු ඇත.

එළබෙන දකුනු අප්‍රිකානු තරගාවලිය සදහා දැන්ම සිට පුහුනු වී එය ජය ගැනීමට පිඹුරු පත් සකස් කිරීමට දැන් කාලයයි. පරන දේවල් අමතක කර එම තරගාවලිය දිනීමට දැන්ම සිට කටයුතු කරමු.
ශ්‍රි ලංකාව දිනවීමට ඔබ සැමට ශක්තිය දෛරය ලැබේවා. ජය වේවා.

මීට,
ඔබ සැමට ආදරය කරන,
ක්‍රිකට් ලොලියෙක්.


ඉතිරි ටිකත් බලමු...

මම නොදන්න PHOTOGRAPHY.... 0002

මම නොදන්න PHOTOGRAPHY.... 0001 බැලුවේ නැත්නම් ගිහින් බලලම එන්නකෝ.

මම නොදන්න PHTOGRAPHY 0002 වලින් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවෙ මම පරන බෝඩිමේ ඉන්න දවස් වල වැඩට යන්න එලියට එනකොට දැක්ක සිද්දියක photos කීපයක්. මේ අවස්තාව මට අහම්බෙන් ලැබුනු එකක්. පොල්කිච්චෝ අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි පුතාට හරි දුවට හරි (මම හරියට දන්නෙ නෑ. අහන්නත් බැරි වැඩට යන්න හදිස්සි නිසා :)) :)) :)) ) උදේ පාන්දරම Training එකක් දෙනවා පියාබන්න. මාත් අහම්බෙන් දැක්ක මේ අවස්තාව photo ටිකක් ගත්තා. වැදගත් අවස්තාවක් නෙ නේද?... මම ඒ බෝඩිමෙන් ආපු නිසා ෆොටො ටික දෙන්න බැරිඋනා ;) ;).
ඔය පහල තියෙන්නේ මම ගත්ත ෆොටෝ ටික.

෴෴෴ අම්මේ මෙච්චර උඩට පියබන්න ඕනද පලවෙනි දවසෙම. පිස්සු හැදෙයි. අම්මනම් කියයි මම එපයි ඉතින් ඕක කරන්න෴෴෴



෴෴෴අම්මෝ මට බෑ මම නම් තව අඩියක් පියාබන්නේ නෑ මෙතනින්. මොකට ලොකු උනාද මන්දා.. ආතල් එකෙ තව ටික දවසක් කාලා බීලා ඉන්න තිබ්බෙ. ෴෴෴


෴෴෴ කෝ මේ අප්පච්චි පොඩ්ඩක් එනවද. අන්න අර මොකෙද්ද එකෙක් අපේ පුතාගෙ ෆෝටෝස් ගන්නවා. නොදකින් මූ ෆොටො ගන්නවා පොඩි එකා හොදටම බය වෙලා. ෴෴෴



෴෴෴ මොකො දැන් අපි කොරන්නෙ මේකා මෙතනින් හෙලවෙන්නේ නෑනෙ. පොඩ්ඩක් ගිහින් ගුරුන්නාන්සේ මාමගෙන් අහන් එනවකෝ මන් අර ෆොටො ගන්න එකා ගැන බලාගන්නම්෴෴෴



෴෴෴ මේ පව් නොදී යනවද අපිට ඕවට ගෙවන්න සල්ලී නෑ. ගියේ නැත්නම් මම නරක ගෑනි කියන්න එපා. ආව මෙතන අටමගලයක් උස්සන් පොඩි එකාව බයකොරන්න෴෴෴


















ප.ලි.
හොදයිද මන්දා... ඔන්න ඔහේ දැම්මා.... :)) :)) :))


ඉතිරි ටිකත් බලමු...

Wednesday, November 16, 2011

කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... බලලම කියන්නකෝ....

අවවාදයයි... මුලින් හොන්ද හුස්මක් ගන්න.. නැතිනම් බඔබට හුස්ම ගැනීමට අමතක වනු ඇත. ;) :)



මෙවගේම මගේ සිත් ගත් විඩියො 2ක් මන් කලින් දාල තියෙනවා. බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. හිතට දැනෙන දෙවල් කියලා යන්න අමතක කරන්න එපා.. ගල් මුල් ඕන එකක් බය නැතුව දමත හැකි.... :)) :)) :))

සිතට තදින්ම දැනුනු මෙව්වා එකක්....

සිතට දැනුනු තවත් මෙව්ව එකක්...


ඉතිරි ටිකත් බලමු...

Monday, November 14, 2011

මම නොදන්න PHOTOGRAPHY.... 0001

මම නොදන්න PHOTOGRAPHY.... 0001 කියල පොස්ට් එකක් දැම්මා එක මොකද මන්දා ඒක පබ්ලිශ් වෙලා තියෙන්නෙ වෙන දවසක ඒ නිසා ගිහින් බලලා කොමෙන්ට් එකක් දාලා යන්න....


ඉතිරි ටිකත් බලමු...

මම නොදන්න PHOTOGRAPHY.... 0001

කට්ටිය මතකද මන්දා කාලෙකට කලින් මන්

මම නොදන්න ෆොටෝග්‍රැෆි(Photography)

කියලා පොස්ට් එකක් දැම්මා. හීන කොදෙව්ව තුල මගේ තිබ්බ එක්තරා හීනයක් මේ විදියට එලි දක්වන්න හිතුනා. බලන්න හොන්දයිද කියලා. මොකද්ද බොලේ ඒ හීනය ඔව් ඔව් එක තමයි හොද photographer කෙනෙක් වෙන එක. ඒ හීනය ටික කෑලෙකින් නැති උනා. :) :) :) හෙතුවත් පසුව ලියලා තියෙනවා. බලලා හොන්දයි නම් කියලා යන්න.
=====================================================================
මේ වෙහෙරහේන පන්සලේදි මන් ගත්ත පින්තූර ටිකක්.











ප.ලි.
එච්චරම professional විදියට නැතුව ඇති. පුලුවන් විදියට හිතට ආව විදියට ගත්ත පින්තූර ටිකක්. මොකද photography කියන්නෙ මගේ තිබ්බ තවත් හීනයක්. ඒත් ඉතින් කැමර් එකක් නැතුව ඒ හිනය යට ගියා.
දැන්නම් එකක් තියෙනවා. එකෙන් ගත්ත පින්තූර ටිකක් තමයි දාල තියෙන්නෙ.


ඉතිරි ටිකත් බලමු...

Sunday, November 13, 2011

ඉතින් උපාසක මහත්තයෝ....

අරක්කු බීමෙන් ලිංගික බෙලහීතාවය ඇතිවේ.

මු.ලි.
මේක අරක්කු වලට සම්බන්ද කතාවක් නිසා තමයි උඩ පින්තූරය දැම්මෙ. ඉතින් අර නාලිකවල වගේ මාත් ඉතින් දැම්මා පොඩි අවවදාත්මක වැකියක්. නැත්නම් නඩු දැම්මොත් එවා ප්‍රචරය කරන්න උදව් දුන්නා කියලා..හි.. හි... :) :) :).. හර් ඔන්න වැල් වටාරම් නෑ කතාව පටන් ගත්තා.
මේකතාව අපේ ගමේ පන්සලේ බණකට වැඩම කරපු හාමුදුරු කෙනෙක් කියපු කතාවක්. මොනවද දාන්නෙ කියලා කල්පනා කර කර ඉන්නකොට මතක් වෙච්ච පොඩි කතාවක්. කාට කාටත් වැදගත් වෙයි කියල දාන්න හිතුනා.. ඕං ඉතින් අයිත් පිට පනිනවානේ..
බීම කිව්වම ලංකාවෙ මිනිස්සු දුනකට සතුටට මරනෙට මගුලට හැම දේකටම ඉස්සර කර ගන්නවනේ. ඇහුවම කියන්නෙ දුකට පොඩ්ඩක් ගත්තා. සහතුටට පොඩ්ඩක් ගත්තා කියල.. ඇයි යකෝ එතකොට මොන වෙලවටද බොන්නෙ නැත්තෙ... :)) :)) :))
ඔන්න ඉතින් මේ හාමුදුරුවොත් දවසක් බදුල්ල පැත්තේ පන්සලකට වැඩලා තියෙනව බනකට. ඉතින් හාමුදුරුවොත් බන එහෙම කියල ඉවර වෙලා පන්සලේ ටිකක් වාඩි වෙලා ඉන්නවලු. එතකොට උපාසක මහත්තයෙක් අවිත් වදල එහෙම ටිකක් ඇතට වෙලා හමුදුරුවොත් එක්ක කතා කරන්වලු පොඩි දහම් ගැටලු වගයක්. ඉතින් ටිකකින් හාමුදුරුවන්ට පොඩි මත් පැන් ගදක් වගේ ඇවිත්. අර උපසක මහත්තයා ගවින් තමයි එන්නෙ. ඊට පස්සෙ වෙච්ච් කත බහ තමයි පහල තියෙන්නෙ.

හාමුදුරුවො: උපසක මහත්තයො ඇයි මේ ඇතින් ඉන්දන් කතා කරන්නෙ... ඇවිත් ලගින් ඉදගත්තනම්..
උපසක මහත්තයා: නැ මේ හාමුදුරුවනෙ... මෙ මෙ මෙ ..

හ: මොකද මහත්තයො වචන පට ලැවෙන්නෙ... මහත්තය මොන හරි නරක දෙයක් අරන් වගෙ..
උ: නෑ මෙ ඔව් හාමුදුරුවනෙ ටිකක් ගත්තා හවස ටිකක් හිතලයි වගෙ එකයි...

හ: එකත් එහෙමද... දැන් උපාසක මහත්තය කසාද එහෙම බැදලද?
උ: ඔව් අපෙ හාමුදුරුවනෙ....

හ: එහෙමනම් ළමයි එහෙමත් ඇති නෙද?
උ: ඔව් හමුදුරුවනේ.. දෙන්නෙක් ඉන්නවා...

හ: පොඩිම ලමයට වයස කියද මහත්තයා..
උ: මාස 9ක් විතර ඇති හාමුදුරුවනෙ..

හ: එහෙනම් මහත්තයට හරි වියදම් ඇති නේද....
උ: ඒ කිව්වෙ අපෙ හාමුදුරුවනේ... තාම එක්කෙනෙක් විතරයි ඉස්කොලෙ යන්නෙ එනිසා එච්චරම වියදමක් නෑ අපෙ හාමුදුරුවනෙ...

හ: නෑ උපාසක මහත්තයො මන් කිව්වෙ ඒ වියදම් නෙවයි ඔය බීමට යන වියදම ගැන...
උ: සමා වෙන්න මට තෙරුනේ නෑ හමුදුරුවනෙ...

හ: නැ ඉතින් අර මාස 9 පොඩි එකාටත් හීතල දරා ගන්න බැරි නිසා මහත්තය පොඩ්ඩක් ගන්නවනම් පොඩි එකාට අඩු ගානෙ බොතලයක්වත් පොවන්න එපයි හීතල යන්න. නැද්ද මන් අහන්නේ මහත්තයෝ..

හමුදුරුවො එහෙම කිව්ව විතරයි අර උපාසක මහත්තයා ගල් ගැහිල වගෙ හිටියලු ටික වෙලාවක්. ඊට පස්සෙ අඩාගෙන දුවගෙන ඇවිත් හාමුදුරුවන්ට වැදලා පොරොන්දු උනාලු ආයිත මත්පැන් කටේවත් තියන්නෙ නෑ කියල...

ඔන්න ඔහොමයි ඒ හාමුදුරුවො අපිට මත්පැන් ගැන කතාව කිව්වෙ..

ප.ලි.
මංතුමත් ඔය මත්පැන් වලට තදින්ම විරුද්ද කෙනෙක්... එ නිසා තමයි කට්ටියට මේ කතාව දාන්න හිතුනෙ. මොකද ඔය බොන කට්ටිය කන්න ඔන උනාම කබර ගොයත් තල ගොයා කරනව වගේ බොන්න මොනා හරි හේතුවක් හොයා ගන්නවනේ.


ඉතිරි ටිකත් බලමු...

Thursday, November 10, 2011

කියපිය නැගලා යන සින්දුවක්.....

මේ දවස්වල ගොඩක් අය නවක වදය එහෙම නැත්නම් ඔය සින්හලෙන් කියන රැග් එක ගැන ගොඩක් පොස්ට් දාලා තිබ්බනේ ඉතින් මටත් හිතුනා පොඩි පොස්ට් එකක් දාන්න ඔය රැග් ගැන. මෙක ඉතින් අපි අලුතෙන් A/L වලට අලුතෙන් ඉස්කොලෙට ගිය වෙලාවෙ අපෙ යලුවෙක් කරපු දෙයක්..
වැරදිලා හරි අපේ ඇස්.බී ලොක්කා මේවා කියෙව්වොත් ඉතින් ඕන තරම් රැග් කේස් හොයා ගන්න පුලුවන්. හි හි හි  :)) :)) :)) ඇයි ඉතින් හොයනවනෙ මේ දවස් වල. පොඩ්ඩක් කතවෙන් පිට පැන්නා නේ ඔන්න ඉතින් කතාව.




ඉස්කොලෙ යන කාලෙ ඉතින් ඔය පොඩි පොඩි වදනෙ දෙන්නේ ඔය සින්දුවක් කියන්න වගේ එව තමයි ඉතින් දුන්නේ. මට නම් ඉතින් ඔය සින්දු කියන ඒව අරහන් කියන්න බෑ. ඔන්න ඉතින් මට සින්දු කියන්න බෑ කිව්වම අපේ අලුතෙන් ආව තව එකෙක් එක්ක මට සින්දු කියන්න කිව්වා. දෑන් ඌ කියනවා මම කට හොලවනවා. :)) :)) :P
මගදි එකෙක් ඇවිල්ලා කිව්ව ඕක නවත්වලා නැගල යන සින්දුවක් කියපිය කියලා.. අරූ ගත් කටටම කියන්න ගත්ත සින්දුව අහලා යන්තම් බේරුනා... කට්ටියට හිතාගන්න පුලුවන්ද ඌ කියපු නැගල යන සින්දුව මොකද්ද කියලා....






ඔව් ඔව් ඔය උඩ තියෙන පින්තුරෙන් පෙන එකම තමා... :)) :)) :)
සුදු අසු පිට නැගලා... කියල තියෙන සින්දුව තම ඒක කියන්න ගතතේ.. කොහොමද නැගල යනව නේද?

ඒ වගේ ත එකක් තියෙනව ම්න් අහපු එකක්. එකේ එකත් මන් වගේ තමයි සින්දු දන්නෙ නෑ. ඌ මොකද කලේ සින්දුවක් කියන්න කිව්ව්වම සින්දු බාග බාග කියලා. අරුන් බනින කොට තමයි කියල තියෙනේ ඌ වැඩිපුර අහන්නෙ NONSTOP  ඒක නිසා ඔක්කොම ටික දන්නේ නෑ කියලා. කොහොමද උගේ ටිකිරි මොලේ...

මේව ලියද්දී තව පොඩි සිද්දියක් මතක් උනා. හැබැයි මම අහපු ඒවා තමයි මොකද මම කැම්පස් ගියේ බෝට්ටුවෙන් ඒක නිසා වැඩිය මට ඕක් සෙට් උනේ නෑ..:) :) (මට වෙච්චා වෙනම දාන්නම්.)
මේකත් පොඩි එකක්. අපේ එකෙකුට කියල තියෙනව ඇම්ඩගෙ කතාවක් කියපිය අලුත් එකක් කියල කොන්දෙසියකුත් එක්ක. මේක කල්පනා කරලා කරල කියල තියෙන්නෙ මෙන්න මෙහෙමයි.
ඔන්න ඈම්ඩා පොරවක් අරන් කැලේ ගියා දර කපන්න කියල පටන් අරන් අපි දන්න පොරව ගගට වැටුනු මිනිහගේ කතාව කියලා. :) :) බලන් කොට ඌ දන්නෙ නෑ මොකාද ඔය ඇම්ඩා කියලා.... :)









ඉතිරි ටිකත් බලමු...

Wednesday, November 9, 2011

ජීවිතය දුශ්කරයි.... ඒත්...




පොඩි කතාවක් දාන්න හිතුවා. මෙක අපි හැමෝටම වැදගත් කියල හිතුනු නිසා. කියවල බලන්න. හොඳයි කියල හිතෙනවනම් අදහස් දක්වල යන්නකෝ.... :) :) :)

මේක සිද්ද උනේ මෙඩිකල් ෆැකල්ටි එකක පලමු වසරේ සිසුන්ට. ඒ අයට තියෙනවනේ ඔය subject එකක් anatomy කියලා. අන්න එකෙදි තමයි මේක වෙලා තියෙන්නේ. ඔන්න දැන් කට්ටියම  ක්ලස් එකෙ මැද තිබ්බ මල මිනියක්වටේ වට වෙලා ඉන්නවා.
දැන් උගන්වන්න ආපු professor උගන්වන්න ඉස්සෙල්ලා පොඩි උපදෙස් ටිකක් දෙනවා. උපදෙස් කිව්වට මහ ගොඩක් නෙවෙයි උපදෙස් 2යි.  එවා ඩොක්ට කෙනෙක්ට ගොඩාක් වදගත් වෙනව කියලත් කිව්වා


1 වෙනි එක තමයි ඩොක්ට කෙනෙක් කවදාවත් මිනිස් ශරීරය පිලිකුල් කරන්න එපා කියන එක.

එහෙම කියපු  professor මොකද කලේ අර මිනියෙ කට ඇතුලට ඇගිල්ල දාල ලෙව කැවා.
ඒ මදිවට ලමයි ඔක්කොටම ඒක කරන්නත් කිව්වා. කට්ටිය දැන් ඩිම් වෙලා ඇඉ අප්පා කොරන්න පුලුවන් දෙයක්ය කිව්වේ. ඩොකෙක් තියා මොකෙක් වෙන්න ආවත්. ඊත් ඉතින් මොනා කරන්නද කියල කට්ටියම ඉතින් වැඩේ කලා. කට්ටියට දැන් වමනෙට වගේ ඇයි ඉතින් අප්පිරිය වැඩේනේ.

කට්ටියම කරල ඉවර උනට පස්සෙ professor කරය එයගෙ දෙවෙනි උපදේශය දුන්නා එක තමයි.
2වෙනි ගුනාංගය තමයි ඩොක්ට කෙනෙක් වෙනවනම් එයාට හොඳ නිරීක්ශන හැකියවක් තියෙන්න ඕන කියන එක.
දැන් කට්ටියටම හෙනම අප්ශට් වැඩෙට ඇඉ ඉතින් දිපු උපදෙස කොහොමද ගලපගන්නෙ කියලා. ඇගිල්ල ලෙවකාපු එකයි 2වෙනි උපදේශයයි අහසයි පොලවයි වගේනේ.
ටික වෙලාවකින් professorම විස්තර කලා ඒක කොහොමද මෙතනට වැදගත් වෙන්නේ කියලා.
මොකද කරල තියෙන්නේ එයගේ දබර ඇගිල්ල මිනියේ කටට දාලා ලෙව කාලා තියෙන්නේ මැද ඇගිල්ල.
කාල වරෙන්කො කාටවත් මේක මීටර් වෙලා නෑ.ඉතින් එක තමයි professor කියල තියෙන්නෙ 2වෙනි උපදෙශය විදියට නීරික්ශනය ඩොකෙක්ට ගොඩාක් වැදගත් කියලා
දැන් මෙකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි...

Life is tough but it’s a lot tougher when you are not paying attention




ප.ලි.
ඔයාලට හිතෙන දේ කොමෙන්ට් එකක් විදියට දාලම යන්න.


ඉතිරි ටිකත් බලමු...

Monday, November 7, 2011

බූරුවා..... වඳුරා....


මේක මට ඊයකින් ආපු එකක්. එකෙ සින්හල පරිවර්තනයක් කල කොහොම වෙයිද දන්නේ නෑ. කියවලම බලන්නකෝ.
එකොමත් එක දවසක මනුස්සයෙක් තමන්ගෙ වාහනේ(නැතුව ඉතින් අනුන්ගෙ එව ගෙනියන්න හොරෙක් නෙවෙයි නේ :)) :)) ) එලවගෙන (පස්සෙන් නෙවෙයි ) යනකොට දැක්ක ගෑනු කෙනෙක් විරුද්ද පැත්තට එලව්ගෙන යන කාර් එකක්. මනුස්සය මොකද කලේ වීදුරුව පහත් කරලා හයියෙන්


බූරුවා... බුරුවා...                              කියල කෑ ගැහුවා.


ගැනිට මේකට මල හොඳටම.. ඇයි යකෝ බූරුව කිව්වම මල පනින්නේ නැද්ද.. ගෑනි මොකද කලේ හැරෙන තැපෑලෙන්විදුරුව පහත් කරලා

වදුරා... වදුරා... කියලා හයියෙන් කෑගැහුවා.



දැන් ඉතින් ගෑනිට පට්ටම සැටිස් ඇයි ඉතින් ආයි ඉතින් රිටර්න් එක දුන්නනේ වෙඩි වගේ... 
අනේ ඉතින් මෙහෙම රිටර්න් එක දීලා ටික දුරයි යන්න ලැබුනේ...........
ඉතුරු හරිය පහලට ගිහිල්ලම බල්න්නකෝ....



                                                        |
                                                        |
                                                        |


                                                        |
                                                        |
                                                        |



                                                        |
                                                        |
                                                        |

                                                        |
                                                        |
                                                        |

                                                        |
                                                        |
                                                        |

                                                        |
                                                        |
                                                        |
                                                       V


Moral: 
"Women never really understand what men are trying to say them."



ඉතිරි ටිකත් බලමු...

Thursday, November 3, 2011

අම්මෝ මාගේ පපුව... මට US$ 2,500,000.00 ක් ඇදිලා....

මේක අද දාපු දෙවෙනි පොස්ට් එක කලින් එක මෙතනින් බලන්න...෴෴සිහින කොදෙව්ව෴෴Dream World෴෴ and Half Century෴෴
අද ඉතින් වැදගත් දවසක්නේ පොස්ට් 50ක් කියලා ඉවර කරල ඉන්න වෙලාවක්නේ....

 මට විස්වාස කරන්නත් බෑ. මට මෙච්චර සල්ලි ගොඩක් ඇදිල කියලා. මුන්ට පිස්සුද අප්පා මට නිකන් සල්ලි දෙන්න. ඇයි යකෝ මන් මුන්ට මොනා කරාටද මට මෙච්චර සල්ලි දෙන්නේ.
අව්ලක් නෑ නික්න් නෙ දෙන්නේ. දැන් බලමු මන් මේ සල්ලි වලින් මොනද කරන්නේ කියලා..
හ්ම්ම්ම්ම්...
හී..හී..හී
:) :)) :))

මේ වගෙ ඊයවල් ගොඩක් මට එවනවා..අම්මප මුන් කොහෙන් මේවා හොය ගන්නවද කියල. අපි අහුවෙයි ඕවට. :)) :)) :)) :P :P

මට තියෙන අව්ල මේවගෙ ඒවට අහුවෙන අය මෙච්චර තාක්ෂනේ දියුනු කාලෙක ඉන්නවද කියල...
ලේසි පහසු නෑ. Toyota එකෙන් තමයි මට ගෙවන්නේ. කොහොමද වැඩේ.
මේ තමයි මට ආපු ඊය. කියවල බලන්නකෝ....






CONGRATULATION !!!

TOYOTA CAR LOTTERY INTERNATIONAL PROMOTIONS THAILAND,                                             
CUSTOMER SERVICE DEPARTMENT TOYOTA                              
MOTOR CORPORATIONS, THAILAND. 92/48                                   
SATHON NUA RD. FL 17 SATHORN THANI 2                         
BLDG SILOM, BANG RAK, SILOM,                       
BANGKOK 10500, THAILAND.                                 
Customer Service Department
Dear Email Owner,
This is to inform you that you have won a sum of US$ 2,500,000.00 United States Dollars Only for the email user this 2011 Prize promotion which is organized by TOYOTA ONLINE CYBER LOTTERY THAILAND, Participants were selected through a computer ballot system drawn from 2,500,000 email addresses of individuals and companies from all part of the world as part of our electronic business Promotions Program. Among the (2,500,000.00) that subscribed to MICROSOFT, HOTMAIL, YAHOO, GMAIL Companies domains and few from other e-mails providers, 12 people are selected yearly to benefit from this promotion and you are one of the Selected Winners this year 2011.
Your email address has therefore been approved to claim a total sum of (US$ 2,500,000.00 UNITED STATES DOLLARS) in cash with the following reference numbers:
Ticket Number 4500542188(TMPWAYZ20051).
Serial Number MH4710019
Reference Number: FLS433/453L/GMSA.
Bonus Number VXT55
INSURANCE Number is: WIF0050770
Note: your e-mail address qualified for the draw, as a result of your visiting various websites we are running the e-business promotions for. You/Your Company email address, attached to ticket number 4500542188(TMPWAYZ20051), with serial number MH4710019 drew the Reference Number: FLS433/453L/GMSA. And Bonus number 1 and consequently YOU HAVE won in the Second Category. To begin your claim:-
FILL UP THE BELOW FORM:
1. Your Full Names:
2. Your Country:
3. Telephone Number:
4. Occupation:
5. Age:
6. Sex:
For further clarification please call and send mail to your claim agent (Dr. Yousef Vugar) in order to process your claims with our payee bank:-
Dr. Yousef Vugar. David   Idan
Claim Agent,
Toyota Lottery Thailand Branch.
Email:toyotalottreypromo@yahoo.co.jp
Phone Contact :+66871987848
*************************************
WARNING: Keep your winning information’s confidential until your claims are processed and your fund remitted to you in your bank account. This is part of our precautionary measure to avoid double claiming and unwarranted abuse of this program by some unscrupulous elements.
Congratulations once again,
Yours faithfully,
DR.YOUSEF VUGDAR
(V.P FINANCE)
TOYOTA MOTORS CORPORATION LTD.
www.Toyota.co.th

ප.ලි.
මේ වගේම එන තව ඊයක් තියෙනව. ඒවගෙ එකක් මන් ගාව නෑ. ඒත් ඒ ගැනත් වෙනම පොස්ට් එකකින් දාන්නම්.
වෙලාවකට හිතෙනව ජොලියට වගෙ මෙයින් එක්කට reply කරල බලන්න... හැක් කලත් අපේ mail එකෙන් මොනා හොරකම් කරන්නද... :)) :)) :))


ඉතිරි ටිකත් බලමු...

෴෴සිහින කොදෙව්ව෴෴Dream World෴෴ and Half Century෴෴



෴෴෴ආයුබෝවන්෴෴෴
එන්න මාත් එක්ක
හීන දකින්න...
හීන විදින්න...
හීන අතර සැරිසරන්න...
හීන අතර අතරමන් වෙන්න...
හීන වලට පන දෙන්න...
හීන හැබෑ කරගන්න...
හීන වලට පාට දෙන්න...
එන්න පියනගන්න මාත් එක්ක
මගේ සිහින කොදෙව්ව තුල.
හීන දකින්න එන ඔබට ජය වේවා...

ප.ලි.
මගේ 50වෙනි ලිපියත් එක්ක අලුත් විඩියකට ඔබලව හමුවෙන්න මට පුලුවන් උනු එක ගැන මට ගොඩක් සතුටුයි. මේ බ්ලොග් එක පටන් අරන් 6 වෙනි මාසය. ඒ කලය තුල මත් එක්ක සිටපු මගෙ සටහන් කියවපු ප්‍රතිචර දක්වපු නොදක්වපු සැමට ස්තුතියි.මන් හිතනව මගෙ සිහින කොදෙව්ව තුලත් ඔයාල මාත් එක්ක ඉන්දී කියලා. එහෙනම් අලුත් විදියකට අලුත් දේවල් ගොඩක් එක්ක නැවත හමුවෙමු. එතකම් ඔබ සැමට බුදු සරණයි...



ඉතිරි ටිකත් බලමු...

Tuesday, November 1, 2011

සිතට දැනුනු තවත් මෙව්ව එකක්...

කලින් දමපු සිතට තදින්ම දැනුනු මෙව්වා එකක්....  බැලුවෙ නැත්නම් ගිහින් බලලා එමු.




ප.ලි. ඊයෙ පොස්ට් (෴෴෴සිහින කොදෙව්ව෴෴෴) එකේ කියපු දේ පොඩ්ඩක් කල් දැම්මා. මොකද මගෙ 50 වෙනි පොස්ට් එක ලඟ ලඟම එන නිසා. 50 ඉඳලම ඒ දේ කරනවා කියල හිතුව. :) :) :)


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...