Sunday, June 26, 2011

කියන්න අපි වැරැද්දක්ද කලේ????

මේක උනේ දැනට මාස කීපයකට ඉස්සෙල්ලා. අපි(අපි කිව්වට මමයි බස් එකේ ආපු අයයි )මාතර බස් නැවතුම් පොලෙන් බස් එකට නැග්ගා. නැග්ගා කිව්ව්වට එහෙම ලෙසියෙන් නගින්න බැරි උනා. පැයක් විතර පෝලිමෙ ඉඳල තමයි බස් එකට නැග්ගෙ [එහෙම වෙන්නෙ ඉතින් දවස් 3ක විතර ලඟ ලඟ නිවඩු ආපු දවස් වලට තමඉ]. කට්ටියම දන් සීට් එහෙම අල්ලගෙන වාඩි වෙලා ගමනට සුදානම්. කොහොමින් කොහොමින් හරි බස් එක පිටත් උනා.

මාතර ඉන්න හරි ආපු අය නම් දන්නව ඇති මාතර බොධිය එහෙම(දන්නෙ නැති අය හිතා ගන්න බොධිය තියෙන්නෙ නැවතුම් පොලෙ ඉඳල 400 මීට විතර දුරින් ). ඔන්න දැන් බස් එක එතනට අවා
.
එතන ඉඳලා බස් එකට නැග්ගා ලමයෙක් වඩාගෙන අම්ම කෙනෙක්. ඒත් ඉතින් දේයියනේ පැයක් විතර චාටර් වෙලා අල්ල ගත්ත සීට් එක දෙන්නෙ කොහොමද? බස් එකේ කව් රුවත් සීට් එක දුන්නෙ නැ. පස්සෙ බලන කොට ඒ ගැනු කෙනා පානදුරෙට එන්න තමයි බස් එකට නැගල තියෙන්නෙ.

ඇයි ඉතින් සමාන්යෙන් ඉතින් අපි ඒවගේ අයට සීට් දෙනව තමයි. ඒත් දුර යනබස් වලට නගින එක වැරදි නෙ මේ වගෙ දවස් වලට.
අපි කලේ වරදක්ද?????????

ප.ලි.
කියන්න බැරි උනනෙ මේ බස් එක මාතර කොළඹ බස් එකක්.

4 comments:

  1. අපි කලදේ වරදක් කියල හිත්නවනම් අපිට සමාව දෙන්න...

    ReplyDelete
  2. ඔව් ඔය වගේ වෙලාවල් අනන්තවත් මම දැකලා තියනව.අපි ඒ අයට හොදින් සලකන්න ඕනෙ තමා,ඒත් සමහරු ඒක අනිසි වාසියක් විදියට පාවිච්චි කරන වෙලාවලුත් තියනව.දුරයන බස් වලට නෑගල මිනිස්සු කොච්චර අමාරුවෙන්ද සීට් එකක් ගන්නෙ කියල කියන්න ඕනේ නෑනේ.

    ReplyDelete
  3. ඕක නම් ලොකු ප්‍රශ්නයක් බං. එච්චර අමාරුවෙන් අල්ල ගත්තු ශීට් එක දෙනව කියන්නෙ මරනව වගේ වැඩක්. මොන දේ වුනත් අම්ම කෙනෙක්ට ශීට් එක දෙන නිසා සමහර අය ඒක වැරදි විදියට පාවිච්චි කරනව. නැත්තන් ස්ටෑන්ඩ් එකට ගිහින් නගින්න තිබුනනෙ. කපටි කමටම සමහරු එහෙම මගින් නගිනව. ඒ මොනව කලත් අම්මෙක් දරුවෙක් උස්සගෙන හිටගෙන ඉන්නව බලන් ඉන්නත් බෑ ඉතින්. අනේ මන්ද, ඔය වගේ වෙලාවට හැමෝම අපහසු තාවයට පත් වෙනව. කොච්චර අමාරුවෙන් ශීට් එක අල්ල ගත්තත්, කොච්චර දුර යන කෙනෙක් වුනත් ඒ වගේ වෙලාවකත් දෙපාරක් හිතන්නෙ නැතුව ශීට් එක දෙන උතුම් මිනිස්සුත් ඉන්නව.

    ReplyDelete
  4. @නදී, kasun,
    අපි කව්රුත් කැමතී සීට් එක දෙන්න. ඒත් ස්ටැන්ඩ් එකට 400M තියගෙන බස් එකට නැග්ගම දෙන්න හිතෙනවද. අනේ මන්ද...

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...