Friday, July 1, 2011

පුලුවන් අය විසඳන්න.... නැත්නම් ඒත් විසඳන්න... (ප්‍රශ්න අංක 1 සඳහා පිලිතුර)

ප්‍රශ්න අංක 1 බැලුවෙ නැති අය ගිහින් ඒක බලලා උත්තරේ හොයගෙන ඇවිත් හරිද කියල බලන්න.
මෙතනින් යන්න.

 .
.
.
.
.
.
.
.
.
.
.
.

කෝ එක්කෙනයිද පිලිතුර හොයා ගත්තේ. හරි හරි පිලිතුර 15 තමයි. වෙන්නෙ මෙහෙමයි
පලවෙනි මුර පොලේදි
15/2=7 1/2 + 1/2= 8 යි ඉතුරු 7යි.

දෙවෙනිමුර පොලේදි
7/2=3 1/2 + 1/2 =4 යි ඉතුරු 3යි.

තුන්වෙනි මුර පොලේදි
3/2= 1 1/2 +1/2 යි ඉතුරු 1යි.

ඊට පස්සෙ අර මිනිහ ඉතුරු එක ගිනිහින් කාල සතුටෙන් ජීවත් උනා.

ප.ලි.
මන් මීට පස්සේ හවස් වෙනකම් coments නොපෙන්න ඉන්නන් අනිත් අයටත්  ප්‍රතිචාර දක්වන්න. නැත්නම් උත්තරේ හොය ගත්ත අනිත් අය පවුනෙ නේද.

මොනා උනත් උත්තරෙ හොයා ගත්තනම් ගොඩක් සතුටුයි.
මේ වගේ ප්‍රශ්නයකින් නැවත හමුවෙන තුරු ආයුබෝවන්...


3 comments:

  1. math answer eka hoya gaththa eth ithin ewenakota uththare dalane thibbe e nisa dhamme na...

    anith ewath danna balanna puluwan weida kiyala...

    ReplyDelete
  2. ado mama me koment eka kalin eke damma.
    මේක ලස්සනට අන්දන්න හදපු ගානක්.
    "මතක තියා ගන්න බිත්තර ගනනින් 1/2යි තව බිත්තරෙකිනුත් 1/2ක් දෙනවා. "
    බිත්තර බාගේ කතාව කියන්නේ අංදන්න. මොක්ද එතකොට බිත්තර කැඩිල්ලක් ගැන හිතට එනවා. දරුවනේ මෙහෙමයි ගනං හදන්නේ.
    මුරපොලවල් තුනක් තියනවා.ගෙදරට ලඟම එක තුංවෙනි මුරපොල කියලා හිතන්න,
    මූ ගෙදර එනකොට එක බිතතරයක් ගෙනවා.
    ඒ කියන්නේ මූ මුරපොලට කලින් තිබ්බා වගේ බාගෙන් පංගුවකුයි තව බිත්ත්‍ර බාගෙකුයි දීලා.
    තිබ්බෙ 1යි.
    මුරපොලට බාගයයි.
    එතකොට බිත්තර 1.5යි.
    මුරපොල ලඟට එද්දි ඔය වගේ දෙගුනයක් තියෙන්න එපැයි. එතකොට 1.5*2=3යි
    2වෙනි මුරපොලෙත් ඔය සීන් එක වෙනවා
    බාගයක් දෙනවා එ කියන්නේ 3+.5=3.5යි
    මුරපොල ලඟට එද්දි එ වගේ දෙගුනයක් තිබ්බා කියන්නේ 7ක් තිබිලා.
    පොය ක්‍රමේටම පලවෙනඉ එක ලඟ තිබිලා තියනවා 7+.5=7.5
    7.5*2=15.
    උත්තරේ 15යි.
    තව ලස්සන සීන් එකක් තියනවා. මුලුගානෙන් බාගයක් දීලා තව බිත්තරබාගයක් දෙනවා කියන කතාව. මේ කොන්දේසිය නිසා ගාන ඕනෑතරම් එxපැන්ඩ් කරන්න පුලුවන්. මුරපොලවල් කීයක් තිබ්බත් ,ගෙදර ගෙනියන ගාන කීය උනත් හැම වෙලේම පූර්ණ සංක්‍යාතමක උත්තරයක් තියනවා.

    ඕනනම් තව මොඩිෆයි කොරන්න පුලුවං. තියන බිත්තරගානෙන් තිනෙන් පංගුවක් දීලා තව බිත්ත්‍රේකින් තුනෙන් පංගුවක් දෙන්න ඕන වගේ කිව්වනම් අනික් පැත්තට උත්තරේ හදන එක අමාරු කරන්න පුලුවං.

    කොමෙන්ට් එක දික උනාට සොරි. මැත ගැජමැටිස් දැක්කම ද්න්නැද ආසා හිතෙනවා.

    ReplyDelete
  3. @kassa: thanks wenna ona mage pilithurata wada ube pilithura pahadili... :)

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...