Friday, December 23, 2011

මෝඩයෝ 4 දෙනා...(පළමු කොටස)


මෙහෙමයි මේක ඉතින් පොඩි ළමයින්ගෙ කතාවක්. මම පොඩි කාලේ අහපු එකක්. බ්ලොග් එක මේ ටිකේ පාලුවට ගිහින් තියෙන නිසා දාන්න හිතුනා. ඔන්න බනින්න ඔට්ටු නෑ කතාව කිසි කමකට නෑ කියලා. මොකද මේක උපදේශාත්මක කතාවකුත් නෙවෙයි. ඒත් ඉතින් නෑත්තෙමත් නෑ... හරි හරි ඔන්න වල්පල් ඉවරයි කතාවට එමුකො..
================================================

ඔන්න එකමත් එක රටක එකමත් එක ගමක ජීවත් උනා මොඩ යාලුවෝ 4 දෙනෙක්. මුන් 4දෙන කොච්චර මෝඩද කියනවනම් නොම්මර 1රට හරක් 4දෙනෙක්. ඉතින් ගමට වෙලා නිකන් අම්මල තත්තල දෙන දෙයක් කකා, බැනුම් අහ අහ ඉදල මේ 4 දෙනාට එපාඋනා. ඉතින් 4 දෙනා කතා උනා රස්සාවක් හොයගෙන යන්න. ගිහින් සල්ලි ගොඩක් හොයාගෙන ඇවිත් තමන්ට බැනපු අයට පේන්න ලස්සනට ජීවත් වෙන්න. ඔන්න ඔහොම හිතලා දවසක් උදේ පාන්දරම කුකුලත් අතින් අරන් 4 දෙනා ගමෙන් පිටත් උනා.

ඔන්න ඔහොම ටික දුරක් යනකොට කට්ටියට හම්බුනා වයසක ආච්චි කෙනෙක් ගෙයක් ලඟට පිදුරු අදිනවා. ඉතින් කට්ටිය කතා උනා ආච්චිට උදව් කරලා සල්ලි ඉල්ල ගන්න. ඉතින් කට්ටිය ගිහින් ආචිගෙන් ඇහුවා පිදුරු ගෙනත් දුන්නොත් සල්ලි දෙනවනම් පිදුරු ගෙනත් දෙන්නම් කියලා. ඉතින් ආච්චිත් කැමති උනා මේ වැඩෙට. ඔන්න දැන් කට්ටිය ගිහින් පිදුරු ගේනවා. ගෙනත් පලවෙනි මොඩය ඇහුවා කොහෙටද දාන්නෙ කියලා. ආච්චි තැන පෙන්නුවා. දෙවෙනි එකත් ඇහුව තුන් වෙනි එකක්ත් ඇහුව 4වෙනි එකත් ඇහුවා.ආච්චිත් අව්ලක් නැතුව තැන පෙන්නුවා.

ඔන්න ඔතනදි තමයි මේ මොඩ රැලට වැරදුනේ. මුන් දෙවෙනි පාර අරන් ඇවිත් අහපි කොහෙටද දාන්නේ කියලා. ආච්චිත් මල පැනල කියපි දාපිය මගෙ ඔලුවට කියලා. අනේ ඉතින් අර මොඩ රැල ආච්චි වැහෙන්න පිදුරු ගෙනත් දැම්මා. එකෙන් උනේ ආච්චි අවසන් ගමන් ගිය එක. ඉතින් මේ 4 දෙනා වැඩේ ඉවර කරලා පිදුරු ගොඩ ගාව වාඩි වෙලා ඉන්නවා ආච්චි නැගිටලා ඇවිත් සල්ලි දෙනකම්.

මුන් මෙතන වාඩි වෙලා ඉන්නකොට ගමේ එකෙක් ඇවිත් ඇහුව ඇයි මෙතන ඉන්නෙ කියලා මුන් ටික විස්තරේ කිව්වා. ඒ පාර ගමෙ එකාට වැඩේ තෙරුනා මිනිහා කලේ කෑ ගහල ගමම් එකතු කරලා අරුන්ට නෙලුව කරපු ගොන් කමට. පස්සෙ මුන්ට කිව්ව ආච්චි මැරිලා ඒ නිසා ගිහින් පෙට්ටියක් හදන්න ගහක් කපන් වරෙන් කියලා. මුනුත් ඉතින් බැරි මරගාතේ නැගිටල පොරවක් අරන් ගියා ගහක් කපන් එන්න. ටිකක් කැලේ අතුලට යනකොට දැක්ක හොන්ද බුරුත ගහක්. ඉතින් මුන් කතා කර ගත්තා මේ ගහ කපන්න. එකෙක් ගහ කපන කොට තව එකෙක් ගහට නැග්ගා උගේ බරට ගහ වට්ටන්න. ඉතුරු උන් දෙන්න ගියා ගහ වැටෙන කොට අල්ල ගන්න. ඇයි ඉතින් ගෙනියන්න ලෙසිනේ උස්ස උස්ස ඉන්න දෙයක් නෑනේ.

ප.ලි. මුලින් මේ කතාව තනි පොස්ටුවක් විදියට දාන්න හිතන තමා පටන් ගත්තේ. ඒත් ඉතින් ටිකක් දිග වැඩී වගේ. ඒ නිසා තව කොටසක් දාන්න හිතුවා. ඉතින් මේ පුත්තලම් බුරුවෝ 4 දෙනා ඊට පස්සෙ මොකද කලේ කියලා ඊලඟ කොටසින් බලමු. ඔයාලගේ අදහස් එහෙමත් පුලු පුලුවන් විදියට දීලමයන්නකො.

image location:-http://nowrunning.com/content/movie/2010/FourIdiots/stills/FourIdiots9.jpg

2 comments:

  1. ඉතුරු ටිකත් ඉක්මනට දාන්ඩෝ.........

    ReplyDelete
  2. ithuru tikath danneko ethakote adehas kiyannam :P

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...