Tuesday, August 23, 2011

2011 අගෝස්තු 22 ජීවිතේ තවත් එක් වැදගත් දවසක්....

දවස හරියටම 2011 අගෝස්තු 22 එහෙමත් නැත්නම් ඊයේ ජිවිතේ ආපු තවත් එක්තරා වැදගත්ම වැදගත් ලස්සන දවසක්...

උදෙන්ම ඇහැරුනා නින්ද අහලකවත් නෑ.....
තව ටිකක් නිදාගන්න හිතෙනවා ඒත් අද නින්ද අහලකවත් නෑ....
අද දවස මොන වගේ වෙයිද....
මට මේක කර ගන්න පුලුවන් වෙයිද...
වැඩ අමාරු වෙයිද....
ඔය වගේ 1000ක් ප්‍රශ්ණ..... එත් මේ දවස එනකම් මං විතරක් නෙවේ තව ගොඩක් අය බලන් හිටියා.....
ඒ තමයි මගෙ ආදරණීය අම්මයි, තාත්තායි නංගියි මල්ලිලයි....
ඒ අයටත් අද දවස වැදගත් දවසක්....

ඉතින් උදෙන්ම නැගිට්ට නිසා කම්මැලි යන්නත් එක්ක හොඳට නා ගත්තා....(දැන් ඉතින් හැමදාම උදෙන්ම තමයි නා ගන්න වෙන්නේ )
ඊට පස්සේ හා හා පුරා කියලා ගෙනාපු අලුත් ඇදුම් ඇද ගත්තා.....
ඒත් එලියට බහින්න විදියක් නෑ..... හොඳටම වහිනවා....
මන් වෙනුවෙන් මල් වරුසාවක්.... ;) :))
ඊට පස්සේ කිරිබත් කාලා එහෙම පිටත් උනා.....
( මෙතනදි මගේ යලුවෙක්ගෙ අම්මාටයි තාත්තටයි ගොඩාක් පින් දෙන්න ඕන මොකද ම්න් වෙනුවෙන් කිරිබත් හදල දුන්නට. නැතන්ම් බොඩිම්වල ජිවිතේ ගෙවන අපිට මේ වගෙ වැදගත් දවසක කොහෙන්ද කිරිබත්.... ගොඩාක් පින් ඇන්ටිටයි අන්කල්ටයි )
ඉතින් ඊට පස්සේ ....

මං මගේ ජිවිතේ මගේ පලවෙනි JOB එක පටන් ගත්තා.... :) ;) :))

2 comments:

ලඟින් යන එව්වා... කියවලා බලමු...