Tuesday, August 2, 2011

කෙසෙල් ගහට කෙටුව කොට්ටෝරුවට වෙච්ච දේ අපිට උනු හැටි....

මේක වෙච්ච කාලේනම් එච්චර මතකයක් නෑ.... එද්දාස් නමසිය බර ගනං වල කියල හිතන්නකෝ... හෝව් හෝව්.... මට තාම එච්චර වයසක් නෑ... හී... හී... :)) :))
සිද්දිය උනේ අපි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් එක්ක ගිය දවසක... මතක විදියට 10 වසරෙදි වගේ... බස් තුනකින් තමයි 10 වසරේ ළමයි සෙට් එක එක්කන් ගියේ...
අහ්... තව දෙයක් ඒ කාලේ ඉස්කොලේ හිටපු නසරානි ළමයි සෙට් එක (ඉස්කෝලෙ සර්ල මැඩම්ල හිතන් හිටියෙ එහෙමයි )හිටියේ අපේ පන්තියේ. (සර්ල මැඩම්ල හැමදාම කිව්වේ විභාගේ ඇන ගන්නවා කියල ඒ උනාට ඉස්කෝලේ  හොඳම ප්‍රතිපල අපේ පන්තියේ. ඒක උනේ කොහොමද කියල පස්සෙ කියන්නම්. :) )
හෝව් හෝව් බනින්න එපා කතාව නොකියා නයි අරිනව කියලා.... :) ;) එහෙම නැතුව බැනේ නැත්නම් හිතයිනේ අපි වගේ හොඳ ළමයි ඔය වගේ කැත වැඩ කරයිද කියලා....
දැන් අපේ පන්තියේ කොල්ලො සෙට් එක එක බස් එකක පිටිපස්සටම සෙට් උනා... දන්නවනේ පිටි පස්සේ යනකොට තියෙන ආතල් එක ට්‍රිප් එකකදි...
ඉතින් කතා කර ගත්ත විදියට water spray එකකුත් ගෙනල්ල තිබ්බ අපේ එකෙක්... අර කොන්ඩෙ කපන තැන්වල තියෙන්නේ වතුර විදින්න අන්න එයින් එකක්.. හරිය...
ඔන්න ඉතින්ටික දුරක් යනකන් කට්ටිය සින්දු කිය කිය ගියා.... දවස්ස් 3ක ට්‍රිප් එකක් නේ... හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට නිසා කට්ටිය නිවි සැනසිල්ලෙ ගියා සින්දුවක් කියාගෙන... ඇයි ඉතින් සර්ලත් සැරෙන් සැරෙට ඇවිත් බලල යනවා sure නැනෙ අපෙ සෙට් එක...
ඔන්න ඉතින් දවල්ට කාල කට්ටිය වැඩෙ පටන් ගත්ත... මුලින් මුලින් පරේ ඉන්න කට්ටිය තමඉ ජල ප්‍රහාරෙට ලක් උනේ...
අනේ ඉතින් අයියට පින් සිද්ද වෙන්න අපිට ඇහෙන්නෙ තොපේ....... කියල විතර‍යි....
පස්සෙ පස්සේ බයිසිකල් පවා හොදන්න ගත්ත... වැඩේ නැගල යනවා.... සමහරු නම් ඉතින් පඩුවේ යනවා වතුර පාර කාලා. එත් සමහරු සුද්ද සින්හලෙන් ජාතිය අමතනවා... මොනා කරන්නද ඇහෙන්නේ ටිකයිනේ :D :D
ඔන්න දැන් තමයි කොට්ටොරු සීන් එක වෙන්නේ... අපේ එකෙක් විද්දේ නැතෑ මහ ට්‍රැක්ටර් එකක් එලවන ඩයල් එකකට.... ඌත් ඉතින් ජාතිය අමත අමත පස්සෙන් එලවනවා.... අහෝ කේදයකි ඉරකි තිතකි කිව්වලු....
ඉස්සරහ රේල් ගේට් එක දාල... මලා කට්ටියම දඩ බඩ ගලා බොතලෙ හන්ගලා සින්දු කියන්න ගත්ත... මොකද තව ටිකකින් 6.30 ශෝ එක පෙන්නවා අයිත් දෙකක්නෑ...
ඔන්න දැන් අර ඩයල් එකත් බැහැල බුස් එකේ ඉස්සරට ගිහින් ඇතුලට නැග්ග ජාතියත් අමටගෙනම... අම්මෝ කිව්ව එව අපේ සර්ල මිස්ල අම්ම මුත්ත කාලෙවත් අහල නැතුව ඇති..
පස්සෙ සර් කෙනෙක් ගිහින් මිනිහ ශෙප් කරල විස්තරෙ අහල යවල ඉවර වෙලා පටන් ගත්ත දෙහි කපන්න... එත් අප්පා මේ සර්ලට තෙරුනේ නෑනේ එකේ තියෙන ආතල් එක... බොතලෙත් රාජ සන්තක කරල තමයි ඉවර කලේ... :'( :'(
හී හී... කට්ටිය හිතන් ඇති එක එතනින් ඉවර උනා කියලා.... ඉවර උනා කිව්වට ඉවර උනේම නෑ... මොකද ඒක තමයි මන් ගිය ආතල්ම ට්‍රිප් එක... තව රස කතා ගොඩයි... එවා පසුවට...
හොඳයි කියල හිතෙනවනම් ප්‍රතිචාරයකුත් දාගෙන්ම යන්න... එතකොට අනිත් ඒව ලියන්න පුලුවන් ඉක්මනට...



3 comments:

  1. හික් හික්..නැතුව නැතුව.ආතල්ම පොට් එක බස් එකේ පිටි පස්සේ සීට් එක.ඉතුරු ටිකත් දාන්න

    ReplyDelete
  2. නියමයි බං... අපිත් ඔහොම තමා... අපි ගොඩ වෙලාවට ගෙනියන්නේ ස්කෝලේ ඔෆීස් එකේ පේපර් පන්චර් ​එකේ එකතුවෙන කඩදාසි රවුම්... ඒවා නැති වුනොත් සිලි සිලි බෑග් වල රවුම්... අපි යන පාරේ ඉන්න කපල් වලට එහෙම හරි අපලයි ඒ දවස් වල.

    ReplyDelete
  3. @පිස්සු පුසා :එල එල එවත් දාන්නම්... ඉස්කොලේ යන කාලේ කරපු සහ අහපු දේවල් ගොඩයි... මතක් වෙන වෙන විදියට දාන්න බලන්නම්...
    @prasanna86k : ඒව එහෙම තමයි... ආයිත් ඉතින් ඒ ආතල් ගන්න වෙන්නෙ නෑනෙ. අනික කොල කෑලි නම් OK ඉතින් ඒත් වතුර...;)

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...