Friday, November 25, 2011

කොසොල් රජතුමාගේ සිහින 1

කොසොල් රජතුමා:-

භාග්‍යවතුන් වහන්ස, මා දුටු පළමු සිහිනය මෙසේයි. කළු පාට ගොනුන් සතර දෙනෙක් සතර දිසාවෙන්
මහපොළව දෙවනත් කරගෙන, දූවිලි අවුස්සාගෙන ගොන් පොරයට එනවා. උන් එනවිට නරඹන්නෝ මහා
උද්යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වටවී බලාහහගෙන ඉන්නවා. ගොනුන් සතර දෙනා එකිනෙකාට
ලංවුනාම මොන පොර බැදිල්ලක්ද? උන් සතර දෙනා මුහුනට මුහුන තියා ආපසු හැරිල ගියා. ඔල්වරසන් දුන්
නරඹන්නෝ ගොන් පොරය බලන්නට බැරිවී හොදටම දුක්වුණා.

බුදුරජානන් වහන්සේ:-

රජතුමනි, මෙය ඔබට හෝ රටට වත් අද හෙට සිදුවන දෙයක්වත් නොවේ. අනාගතයේ අධාර්මික පලකයන්
නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නිසි කලට වැසි බලාපොරොත්තුවෙන්
අහස දිහා ගොවියෝ බලාගෙන ඉන්නවා. ඔය අතර ගන වැගහි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවිතැන්
කරන්නෝ උද්ලු කැති සුදානම් කරගෙන ඇල අමුණු නියර බදින්න සූදානම් වෙනවා. අව්වෙහි දැමූ දෑ ලහි ලහියෙ
ගෙට ගන්නවා. ඔන්න වහින්නටයි කියා හිටියත් අර වලාකූළු වෙනත් දිසාවකට ගහගෙන යනවා. වැස්ස පිලිබද
බලපොරොත්තු වූ ජනතව දුකෙන් දුකට පත්වෙනවා. එකයි මේ සිහිනයේ ප්‍රතිපලය.



ප.ලි.
හොදින් හිතා බලන්න. වෙන්න යන දේ මෙකයි කියල මට නම් හිතෙනවා.

3 comments:

  1. e kiyanne issarahata wahinne naha kiyala oya hithanawada? =))

    ReplyDelete
  2. @Ano:- ;;) ;;) මේ යන විදියට ඔක වෙන්නේ නෑ කියල කියන්න බෑ මොක්ද දැන් එන්න එන්නම කාළගුණේ වෙනස් වෙනවනේ

    ReplyDelete
  3. මේ යන විදියට ඔක වෙන්නේ නෑ කියල කියන්න බෑ
    සිහින 16 ගොඩක් දේවල් දැන් සිදු වෙන්න පටන් අරන් වගේ ???????

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...