Saturday, October 29, 2011

Agriment එකක් ගහමුද දෙවියනේ........

වැස්ස වලාහක දෙවියන් වෙත,

මා මේ ලිපිය ලියන්නේ මා මෙන්ම මේ දිනවල වැස්සෙන් හෙම්බත්වු සුවහසක්  ජනතාව වෙනුවෙනි. මේ දිනවල සවස් කල්යේ පටන් ගන්නා වර්ශාව අප හට ඉතාමත් කරදරයක් වග ලිය දන්වනු කැමත්තෙමි.
උදේට වැස්සක පාටක්වත් නැති උනත් හවස ඇදවැටෙනා මෙ වැස්ස අප හට ඉමහත් කරදර ඇතිකරයි. උදේ සිට වෙහෙස මහන්සිවී ගෙදර යැමට පාරට එන අප හට මෙ ඇද වැටෙනා වැස්ස මහත්වු කරදරයකි.
එම නිසා මම ඉල්ලා සිටින්නෙ ඔබ වහන්සේගෙන් අප් කෙරේ අනුකම්පාවෙන් මෙම වැස්ස රාත්‍රි කාලයේදී වස්සවන ලෙසයි. එවිට අපටද... ඔබ වහන්සේටද (වැස්ස නැතත් ඇතත් බැනුම් අහන්නේ ඔබ වහන්සෙ වන බැවින්) කරදරයක් නොවන බව කරුනිකව දන්වා සිටී.

මීට,
කරදරයට පත්,
වැසියෙක්.

ප.ලි.
නිවාඩු දින දෙක වන සෙනසුරාදා හා ඉරිදා දින දෙකද වැස්ස නොමැතිනම් එය තවත් හොඳ බව කාරුණිකව දැනුම් දීමට කැමති.

No comments:

Post a Comment

ලඟින් යන එව්වා... කියවලා බලමු...