Showing posts with label විහිළු තහළු. Show all posts
Showing posts with label විහිළු තහළු. Show all posts

Friday, December 16, 2011

පොඩි පොඩි ජොලි කතා 01

මම අහපු පොඩි පොඩි ජොලි කතා ගොඩක් තියෙනවා. සමහර එව ඔයාලා අහලත් ඇති. කියවල බලන්නකෝ ලැබෙන ප්‍රතිචාරත් එක්ක බලමු ඉතුරුවා ලියන්න... :) :) :)

[මේ පොස්ටුවෙ මොකක් නමුත් කේස් එකක් තියෙනවා. එවා එච්චර ගනන් ගන්න එපා. ]

වැරදි බස් එක
...
ඔන්න දවසක් බීපු මනුස්සයෙක් බස් එකකට නැග්ගා. මින්හගෙ කන සාක්කුවේ. ඒතරමට බීලා. මිනිහත් වැනි වැනි ගිහින් ආච්චි කෙනෙක් ගාව වාඩි උනා. ආච්චිත් බැලුවා මිනිහ දිහා ඔරවලා. ඔන්න බස් එක පිටත් උනා. ආච්චිත් ඉතින් බන දම දන්න කෙනෙක්. ඉතින් අර මනුස්සයට බන පදයක් කියන්න හිතිලා මනුස්සයට කතා කරලා මෙන්න මෙහෙම කිව්වා.
"ඔහොම බීලා තමුසෙ යන්නෙ අපායට "
මිනිහා දඩ බඩ ගාල නැගිට්ටා එක සැරෙට මහ සද්දෙන් කැගහනවා හෝව් හෝව් බස් එක නවත්වන්න මම වැරදි බස් එකට නැගලා තියෙන්නේ කියලා.


එයා කැමති වෙයිද?
බිරිඳ: බලන්න අර එහා ගෙදර Mr. Perera හැමදාම උදේ වැඩට යන්න කලින් Mrs. Pereraට kiss එකක් දීල යන්නෙ. ඔයාට තමයි ඒක කරන්න බැරි
ස්වාමිපුරුෂයා: ඉතින් මනුස්සයෝ Mrs. Perera ඒකට කැමති වෙයිද දන්නෙ නෑනේ.

ඇයි ඉතින් එයාව ගිල්ලෙ...
ඔය දැන් හැදෙන පොඩි එව්වො ඉන්නව නෙද. උන් නම් අම්මේ මතක් වෙනකොටත්.... සමහර එවුන් ඉන්නව දකින් දකින දේ ඉගෙන ගන්න ඕන. මෙකත් ඒ වගෙ පොඩි එකෙක් ගැන කතාවක්.
ඔන්න මේ පොඩි එකා අම්මත් එක්ක බේත් ගන්න ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්. ඉතින් පොලිමෙ ඉන්නකොට පොඩි එකා දැකලා ළමයෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක්. ඉතින් අයිත් පස්ස ගහ ගහ ඉන්නෙ නැතුව ගියාලු එයා ගාවට ගිහින් අහපි මෙන්න මෙහෙම.
පොඩි එකා:ම ඇයි ඔයගෙ බඩ මෙච්චර ලොකු...
ගෑනු කෙනා: පුතේ මට මල්ලියෙක් ලැබෙන්න ඉන්නවා. එයා ඉන්න නිස තමයි මේ...
පොඩි එකාට ඒත් මදි දැන්.
පොඩි එකා: එයා ඉන්නෙ බඩෙද?
ගෑනු කෙනා: ඔව් ඔව්
පොඩි එකා: එය හොද ළමයෙක්ද?
ගෑනු කෙනා:ඔව් ඔව් ඔයා වගේම හොද ළමයෙක්
පොඩි එකකිතින් ඇයි එහෙනම් එයා ගිල්ලෙ.... :D :D ;;) ;;)


ඊජිප්තුව
පුතා:ඩැඩී කොයි කාලෙද ඊජිප්තු ගියේ?
තාත්තා:මම පිස්සුද මම ගිය ඊජිප්තුවක් නැහැ.
පුතා:එහෙනම් ඩැඩී කොහෙන්ද මමීව හොයාගත්තෙ?????

අපේ එක ලොකුයි
මේක ඇත්තම කතාවක් ඕන් ඈ....1
1:- අවවාදයයි ඔබෙ ගමන් මග වෙනස් කරන්න අංසක 15ක් උතුරට ගැටීම වැලැක්විමට
2:- මම කියන්නෙ ඔබ ඔබේ ඔබෙ ගමන් මග වෙනස් කරන්න අංසක 15ක් දකුණට ගැටීම වැලැක්විමට

1:- මම US නේවි කැප්ටන්, මම නැවත කියනවා ඔබේ ගමන් මග වෙනස් කරන්න
2:- නෑ මම අණ දෙනවා ඔබේ ගමන් මග වෙනස් කරන්න කියලා

1:-අයිසේ මෙක තමයි US වල ලොකුම warship එක තමුසෙ වෙනස් කරනවා
2:-තමුසේ කතා කරන්නේ lighthouse එකට #$@%^

සර්ට පුලුවන් වෙයිද?
ගනුදෙනුකරු:- මේ ටයි එක කීයද?
මුදලාලි:- එක මහත්තයෝ රුපියල් 2000ක් විතර වෙනවා...
ග:- අපෝ ගනන් වැඩීනෙ. මට ඒ ගානට සපත්තු 2ක් ගන්න පුලුවන්නේ...
මු:- ඔව් ඒත් මහත්තයෝ සපත්තු දෙක බෙල්ලෙ එල්ලන් යන්න බෑ නෙද?


ඉතිරි ටිකත් බලමු...

Wednesday, December 7, 2011

පිස්සු කතා....


මුලින්ම කට්ටිය සොරි වෙන්න ඕන මට කොටි දුන්න RAG එකෙ තුන්වෙනි කොටස දාන්න බැරි උනාට. එක මං ලිව්ව ඩොක් එක SAVE නොකර close උනා. ආයිත් ලියන්න ටිකක් කම්මැලි හිතුනා. ඉක්මනටම ඒක දාන්නම්. අද මං කියන්න යන්නෙ පොඩි කතා 2ක් තුනක්. ටිකක් විතර පිස්සු කතා. සමහර් විට කට්ටිය මේව අහලත් ඇති. එත් ඉතින් මක්කයි කොරන්නෙ. ඕං එහෙනම් කියවලා බලන්නකෝ.



පිස්සු කතා අංක 01:- මේ පාර කොහෙටද යන්නේ?
ඔය පිස්සන් කොටුවෙ ඉන්න පිස්සන්ව දවල්ට පොඩ්ඩක් එලියට දනවා ටිකක් අව්ව එහෙම තැපලා එන්න එහෙම කියලා. :) :)) ඉතින් මෙහෙම එලියට දාපුගමන් සෙට් එකම කරන්නෙ පිස්සන් කොටුවෙ තාප්පෙ අයිනට වෙලා පාර දිහ බලන් ඉන්න එක. ඉතින් මෙහෙම දවසක් ඉන්න කොට ඔය පාර දිගෛ යන්න ආව මනුස්සයෙක් සහ පිස්සෙක් අතර වෙච්ච් කතාව මෙහෙමයි.
මනුස්සයා:- මෙ මෙ මේ පාර කොහෙටෙයි යන්නේ?
පිස්සා:- දවල්ටනම් කොහෙවත් යන්නෛ නෑ හැබැයි රෑට යනවද දන්නෙ නෑ... ;) ;))

පිස්සු කතා අංක 02:- වැල කනවයි? (පොඩි ගොතපු එකක්)
මේක මේ ඔය පිට ගමකින් ආපු ප්‍රේම වන්තයකුට ගමේ සෙට් එකක් දාපු සීන් එකක්. ප්‍රේමවන්තයත් එසේ මෙසේ එකෙක් නෙවෙයි. මලමු කියවලා ඈ..

ගමෙ එකා:- අඩෝ උබ ආයිත් මේ පෑත්තෙ පස් පාගනවා නෙවෙයි.
ප්‍රේම්:- ඇයි අයියේ මොකො සීන් එක.

ගමෙ එකා:- උබ දෑන ගනින් ගමෙ වැල ගමේ කපුටන්ට කියලා.
ප්‍රේම්:- අයියෝ අයියා ම්ං වැල කන්නේ නෑ. වරකා විතරයි කන්නේ. අනික මම වැල කෑවෙ නෑනෙ...

ගමෙ එකා:- අඩො තොගෙ කට වැඩියි. දෙනව දෙකක් තොගෙ දත් ටික වැටෙන්න.
ප්‍රෙම්:- ඔකනෙ අයිය කියන්නෙ තම්න්ගෙ තරමට පුලුවන් එකෙක් එක්ක එපයි වාලියට එන්න.

ගමෙ එකා:- මොකද්ද #$%@& කිව්වෙ?
ප්‍රෙම්:- නෑ මම කිව්වේ මට නම් එක ශොට් එක් ඇති තමුසෙගෙ දත් 32ම වැටෙන්න ගහන්න.

ඔතනින් යන්න ආව ගමෙ රාලහාමිත් ඔන්න වැඩෙට සෙට් උනා.
රාලහාමි:- මොකද මොකද මෙතන වෙන්නේ?
ප්‍රෙම්:- බලන්න රාලහාමි මම බෑ කියද්දි මේ අයිය මට වැල කන්න කතා කරනවා.
ගමෙ එකා;- අඩො #$%^&*^%$#@ පුතා. තොගෙ කට වැඩියි.
ප්‍රෙම්:- කොටන කුකුලට මොන කොටුවත් එකයි අයිසෙ.
ගමෙ එකා:-උබ රාලහාමි නිසා බෙරුනා කියලා හිතාගනින්. අපි පස්සෙ බලාගමු.
ප්‍රෙම්:- පස්ස බලන්නෙ වැල කාල කලිසමෙම ගියාද... අඩො හු හූ...

පිස්සු කතා අංක 03:- ඕන පුකක්.
ඔන්න ගමෙ මනුස්සය්කුට දෙවියෙක් වර ගුලි තුනක් දුන්නලු. මනුස්සයට තියෙන්නෙ ඔන වරයක් හිතලා දෙවියො දිපු වර ගුලියක් උඩ දාන්න. ඉතින් මේ මනුස්සය්ත් කල්පනා කරනවලු මොනද වර තුනෙන් ගන්න ඔන කියලා. එක එක ඒවා මතක් වෙනවලු සල්ලි ගෙවල් දොරවල් යාන වාහන හොද බිරිදක්.. අන්තිමට එපා වෙලා ඕන පුකක් කියලා උඩ දැම්මලු. එ පාර මනුස්සයගෙ ඇගෙ එක එක ජාති පුකවල් මැව්නලු. හා, නරි බලු, අලි පුකවල් එනහෙඅම :)) :)) ඉතින් මනුස්සයට එලෝ පොල් පෙනිලා එක පුක්වත් එපා කියලා තව ගුලියක් උඩ දැම්මලු. ඒ පාර තිබ්බ එකත් නැති වෙලා. අන්තිම ගුලිය උඩ දාලා යන්තම් තිනබ්බ එක ගෙන්නව ගත්තලු. ;;)



ඉතිරි ටිකත් බලමු...

Thursday, November 10, 2011

කියපිය නැගලා යන සින්දුවක්.....

මේ දවස්වල ගොඩක් අය නවක වදය එහෙම නැත්නම් ඔය සින්හලෙන් කියන රැග් එක ගැන ගොඩක් පොස්ට් දාලා තිබ්බනේ ඉතින් මටත් හිතුනා පොඩි පොස්ට් එකක් දාන්න ඔය රැග් ගැන. මෙක ඉතින් අපි අලුතෙන් A/L වලට අලුතෙන් ඉස්කොලෙට ගිය වෙලාවෙ අපෙ යලුවෙක් කරපු දෙයක්..
වැරදිලා හරි අපේ ඇස්.බී ලොක්කා මේවා කියෙව්වොත් ඉතින් ඕන තරම් රැග් කේස් හොයා ගන්න පුලුවන්. හි හි හි  :)) :)) :)) ඇයි ඉතින් හොයනවනෙ මේ දවස් වල. පොඩ්ඩක් කතවෙන් පිට පැන්නා නේ ඔන්න ඉතින් කතාව.




ඉස්කොලෙ යන කාලෙ ඉතින් ඔය පොඩි පොඩි වදනෙ දෙන්නේ ඔය සින්දුවක් කියන්න වගේ එව තමයි ඉතින් දුන්නේ. මට නම් ඉතින් ඔය සින්දු කියන ඒව අරහන් කියන්න බෑ. ඔන්න ඉතින් මට සින්දු කියන්න බෑ කිව්වම අපේ අලුතෙන් ආව තව එකෙක් එක්ක මට සින්දු කියන්න කිව්වා. දෑන් ඌ කියනවා මම කට හොලවනවා. :)) :)) :P
මගදි එකෙක් ඇවිල්ලා කිව්ව ඕක නවත්වලා නැගල යන සින්දුවක් කියපිය කියලා.. අරූ ගත් කටටම කියන්න ගත්ත සින්දුව අහලා යන්තම් බේරුනා... කට්ටියට හිතාගන්න පුලුවන්ද ඌ කියපු නැගල යන සින්දුව මොකද්ද කියලා....






ඔව් ඔව් ඔය උඩ තියෙන පින්තුරෙන් පෙන එකම තමා... :)) :)) :)
සුදු අසු පිට නැගලා... කියල තියෙන සින්දුව තම ඒක කියන්න ගතතේ.. කොහොමද නැගල යනව නේද?

ඒ වගේ ත එකක් තියෙනව ම්න් අහපු එකක්. එකේ එකත් මන් වගේ තමයි සින්දු දන්නෙ නෑ. ඌ මොකද කලේ සින්දුවක් කියන්න කිව්ව්වම සින්දු බාග බාග කියලා. අරුන් බනින කොට තමයි කියල තියෙනේ ඌ වැඩිපුර අහන්නෙ NONSTOP  ඒක නිසා ඔක්කොම ටික දන්නේ නෑ කියලා. කොහොමද උගේ ටිකිරි මොලේ...

මේව ලියද්දී තව පොඩි සිද්දියක් මතක් උනා. හැබැයි මම අහපු ඒවා තමයි මොකද මම කැම්පස් ගියේ බෝට්ටුවෙන් ඒක නිසා වැඩිය මට ඕක් සෙට් උනේ නෑ..:) :) (මට වෙච්චා වෙනම දාන්නම්.)
මේකත් පොඩි එකක්. අපේ එකෙකුට කියල තියෙනව ඇම්ඩගෙ කතාවක් කියපිය අලුත් එකක් කියල කොන්දෙසියකුත් එක්ක. මේක කල්පනා කරලා කරල කියල තියෙන්නෙ මෙන්න මෙහෙමයි.
ඔන්න ඈම්ඩා පොරවක් අරන් කැලේ ගියා දර කපන්න කියල පටන් අරන් අපි දන්න පොරව ගගට වැටුනු මිනිහගේ කතාව කියලා. :) :) බලන් කොට ඌ දන්නෙ නෑ මොකාද ඔය ඇම්ඩා කියලා.... :)









ඉතිරි ටිකත් බලමු...

Sunday, August 7, 2011

පුලුවන් නම් කියවන්න.....

මෙන්න මේ පේලි ටික වරදින්නේ නැතුව හයියෙන් එක හුස්මට කියන්න බලන්න....
වැරදුනොත් ආයිත් මුල ඉඳන් කියවන්න ඕන.... ඔට්ටුයි කාටවත් බෑ... :D :)) :))


This is this puzzle
This is is puzzle
This is how puzzle
This is to puzzle
This is keep puzzle
This is an puzzle
This is idiot puzzle
This is busy puzzle
This is for puzzle
This is forty puzzle
This is seconds! puzzle

 


ඉතිරි ටිකත් බලමු...

Monday, July 4, 2011

නයගරා ඇල්ල...

මේ දවස්වල ගොඩක් වැඩ අන්තිම Exam එක ඒ නිස ඒකට පඩම් කරනවා.
මෙකත් මට යාලුවෙක් කියපු කතාවක්. හිනා යන්නෙ නැත්නම් sorry වෙන්න ඕන.
මෙහෙමයි ඔන්න උනේ.
ඔන්න එකමත් එක කාලයක කැනඩාවේ ගමක කට්ටියක් එකක් යන්න සෙට් උනා. කට්ටියම කතා වෙලා නයගරා ඇල්ල බලන්න යන්න සෙට් උනේ.
ඔකෙදි නඩෙ ගුරා උනේ ලංකාවේ වගේම නයගරා ඇල්ල ගැන හොඳට දන්න කෙනෙක්.
ඔන්න දැන් කස්ටියම අවා කියමුකො.
දැන් නඩේගුරා නයගර ඇල්ල ගැන හෙන දෙසනයක්ලු. ඇයි ඉතින් තමන්ට පැවරිච්ච රාජකාරියනේ. මනුස්සය මෙන්න මෙහෙමලු නයගරා ඇල්ල විස්තර කරන්න පටන් ගත්තේ.
"කට්ටිය හොඳට අහගන්න මේ තමයි නයගරා ඇල්ල මිනිස්සු මේකට කියන්නෙ ලෝකේ ලොකුම ශබ්දය කියල. එනිසා පොඩ්ඩක් ඔය අපිත් එක්ක ආපු ගැනු අය කටවල් ටික වහ ගත්තනම් අනිත් අයට ලොකෙ ලොකුම ශබ්දය අහගන්න ඉඩ දීලා. කියල කිව්වලු."

ප.ලි.
හිනා යන්නෙ නැත්නම් කිති කවගෙන හරි හින වෙන්න. යන ගමන් කොමෙන්ට් එකකුත් දාගෙන යන්න. මේ ටිකෙ final exam  නිසා වැඩිය මුකුත් ලියන්න වෙන්නෙ නැ. ;)


ඉතිරි ටිකත් බලමු...

Sunday, June 19, 2011

25/5= 5 ද නැත්නම් 25/5= 14 ද?

මොකද කට්ටියම නිකන් හොල්මන් වෙලා වගේ. බය වෙන්න දෙයක් නැ. මේක මන් කාලෙකට කලින් දැක්ක video එකක්.
පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න. සමාවෙන්න ඒක embed කරන්න විදිහක් නැ.

මෙතනින් යන්න


ඒක බැලුවනම් හරි දැන් පුලුවන් නම් කට්ටියම කියන්න බලන්න 7*13 කීයද කියලා. මොකද කියන්නෙ උත්තරෙ 91නෙද? හි. හි. පහල video එක බලන්න උත්තරෙ බලන්න.


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...