Tuesday, July 5, 2011

පුලුවන් අය විසඳන්න.... නැත්නම් ඒත් විසඳන්න... (ප්‍රශ්න අංක 2)

ඕන්න එහෙනම් ඊළඟ ප්‍රශ්නයත් අරන් ආවා. සමහරු මේ ප්‍රශ්නය දන්නවත් ඇති. ඒත් කමක් නෑ ඒඅයත් ප්‍රතිචාර දක්වන්නකෝ.





මෙන්න මෙහෙමයි දැන් වෙන්නෙ.
අම්ම කෙනෙකුයි දුවෙකුයි ගමනක් යනවා. මේ දුවගේ ඇස් දෙකම පෙන්නේ නෑ. ඉතින් මෙහෙම යනකොට දුවට වතුර තිබහක් හැදුනා. ඉතින් අම්මා දුවව ගහක් යට නවත්තල ගියා වතුර එකක් අරන් එන්න.
(කියන්න බැරි උනානෙ මේ දෙන්නා යන්නේ කැලයක් මැද්දෙන්. මේක ඉස්සර කාලේ 1900 බර ගනන් වල වෙච්ච දෙයක්.)
ඉතින් අම්ම මෙහෙම වතුර අරන් එන්න කැලෙ මැද තිබ්බ වැවකට යන්නේ. එහෙම අරන් එනකොට අම්මට නයෙක් ගහල අම්මා මැරෙනවා. දැන් දූ බලන් ඉන්නවා අම්මා වතුර අරන් එනකං.

මේ වෙලාවෙ ශක්‍ර දෙවියන්ට මේ කතාව දැනගන්න ලැබෙනවා. (පඬුපුල් ආසනේ උනු වෙලා වෙන්න ඇති ) ඉතින් දෙවියො අර ගැනුලමය ලඟට ඇවිත් මේ විස්තරෙ කියනවා කියල ඒ ළමයට 1 වරයක් දෙනවා.
දැන් ළමයා ලඟ එක වරයයි ප්‍රශ්න 3කුයි තියෙනවා. ප්‍රශ්න 3 තමයි.
1. අම්මා මිය යාම. වරය ප්‍රයොජනයට අරන් අම්මට පන දෙන්න පුලුවන්.
2. ඇස් දෙකම පේන්නෙ නෑ. ඒක ඉල්ලන්නත් පුලුවන්.
3. දිව ගිලෙන්න තරම් වතුර තිබහයි. වතුර ඉල්ලන්නත් පුලුවන්.


ඒත් මේ ළමය ඔයාල වගේම බුද්ධිමත්. ඉතින් මේ ළමයා ඉල්ලනව වරයක් ප්‍රශ්න 3ම විසදෙන විදියට.
මට දැන් කියන්න ඒ ළමය වරයෙන් ඉල්ලුවේ මොකද්ද කියලා.

මතක තිය ගන්න 1 වරයයි ප්‍රශ්න 3යි.







6 comments:

  1. "මට මගේ අම්ම වතුරත් අරං එනව පෙන්නන්න" ද :D

    ReplyDelete
  2. තාම එක්කෙනයි පිලිතුර එවල තියෙන්නේ.

    ReplyDelete
  3. අපේ අම්මා මට බොන්න වතුර ටිකක් අරන් එනවා මට හැබැහින් දකින්න ඕනෑ..

    ReplyDelete
  4. "මගේ අම්ම මට වතුර අරන් එන හැටි පෙන්නන්න" කියල ඒ ළමය සක්‍ර දෙවියන්ට කියන්න ඇති.

    ReplyDelete
  5. අපේ අම්මා වතුරත් අරන් එනවා මට පේන්න කියලා ප්‍රාර්ථනා කරනවා.........

    ReplyDelete
  6. අම්මා වතුරත් අරගන එනවා මට පේන්න ඕනි :P :P කලින් අහලා නෑ හොදේ :P

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...