Friday, January 6, 2012

පොඩි පොඩි ජොලි කතා 03

පොඩි පොඩි ජොලි කතා 01
පොඩි පොඩි ජොලි කතා 02

============================================================



පලමු අදියර...
ඔන්න අලුත් අවෘදු පර්ටි එකකදි නිමල් සහ කමල් කතා කර කර ඉන්න ගමන්
කමල්:- මචන් මට සිගරට් එකක් දියන්...
නිමල්:- ඇයි දැන් උබ කිව්වෙ අලුත් අවුරුද්දෙ ඉඳන් උබ ඔක බොන එක නවත්වනව කියලා.

කමල්:- ඔව් බන් මන් නවත්වනවා.. දැන් මම ඉන්නෙ එකේ පලමු අදියරේ...
නිමල්: පලමු අදියරේ?

කමල්:- ඔව් බන් දැන් මන් සිගරට් සල්ලි වලට ගන්නේ නෑ බන්....


නිවුන්නු
ඔන්න අලුතෙන්ම ඉස්කොලෙට ගිය පොඩි ළමයෙක් අම්ම ගාවට ඇවිත් කියනවා අම්මෙ අම්මෙ අපෙ පන්තියෙ ඉන්නව එක වගේ යාලුවො දෙන්නෙක්. ආ පුතේ එයාලා දෙන්න එහෙනම් නිවුන්නෞ වෙන්න ඇති.

පහුවදා ගෙදර ආපු ගමන් පොඩි එකා අම්ම ගාවට දුවගෙන ඇවිත් කියනවා අම්මේ අම්මේ එයලා දෙන්නා නිවුන්නු විතරක් නෙවෙයි සහෝදරයොත් වෙනවා.


ඔයාට පොඩ්ඩක්වත් මිස් වෙලා නෑ...
නිමල් පාපන්දු පිස්සෙක්. ඔන්න හරියටම අලුත් අවුරුදු දවසේ පාපන්දු තරගයකුත් තිබුනා. දැන් මේක බලන්න සෙට් වෙනකොටම නෝනා ඇවිත් කිව්ව ඉක්මනට එන්න අවුරුදු දව්ල් කැම වේල ලෙස්ති කියලා.
මැච් එකද දවල් කැමද කියලා හිත හිත ඉන්දලා නිමල් කැම තෝරගෙන ගෙදර කට්ටිය එක්ක කෑම කාලා ඉවර වෙලා ඇවිත් මැච් එක බලන්න සෙට් උනා.
ඔන්න එතකොට නෝනා ඇවිත් මැච් එකෙ විස්තර ඇහුවා.
මැච් එකෙ පල්වෙනි half එක ඉවරයි ලකුනු 0-0 කියල දුකෙන් කිව්වා.ඉතින් අනේ ඔයාට මැචෙක පොඩ්ඩක්වත් මිස්වෙලා නෑනෙ. තාම 0-0යිනෙ කියලා නෝන කිව්ව.


නෝනා..
ඔන්න දවසක් බාර් එකකට ආව මනුස්සයෙක් ශොට් එකක් බොනවා පර්ස් එක බලනවා අයිත් ශොට් එකක් බොනවා පර්ස් එක බලනවා.
ඉතින් මේක දැක්ක බර් එකෙ හිටපු මනුස්සයෙක් ඇහුව ඇයි හැමතිස්සෙම පර්ස් එක බලන්නෙ කියලා. ඉතින් අර මනුස්සය කියනවා

"නෑ මේකෙ මගේ නොනගෙ ෆොටෝ එක තියෙනවා එක ලස්සනට පේන්න ගන්නකොට මම බොන එක නවත්තලා ගෙදර යනවා."


බුරුවො...
දවසක් මනුස්සයෙක් ඩොක්ටර් කෙනෙක් ගාවට ඇවිල්ල කියනවා. ලෙඩා:-ඩොක්ටර් ඩොක්ටර් මට මගේ වටේටම නිල් පාට බුරුවෝ පේනවා..
ඩොක්ටර්:- හරි හරි බය වෙන්න එපා දැන් ඔයාට ඉස්සරහ ඉන්නෙ කවුද?
ලෙඩා:- නිල්පාට බූරුවෙක් ඩොක්ටර්.


කාටද කියන්නේ....
දවසක් මනුස්ස්යෙක් ඔපරේශන් එකකට ඇවිත්. ඉතින් නර්ස් අර ලෙඩාගෙන ප්‍රශ්න අහල ෆොර්ම් එකක් පුරවන්වා.
නම ගම වයස වගේ එවා.

නර්ස්:- හදිස්සියක් උනොත් කාටද දැනුම් දෙන්න ඕන..
ලෙඩා:- එකියන්නෙ මට අමාරු උනොත්ද?
නර්ස්: ඔව් ඔව්...
ලෙඩ:- එහෙනම් කෙලින්ම ඩොක්ටර් කෙනෙක්ට කියන්න.

No comments:

Post a Comment

ලඟින් යන එව්වා... කියවලා බලමු...