Tuesday, December 13, 2011

මම 1 වසරේ පොඩි එකකු තරම් හපනෙක් නොවේ.



එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.

විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩ්ඩා : හරි, මම කැමතියි.

විදුහල්පති : 3x3 කීයද?
පොඩ්ඩා : 9

විදුහල්පති : 6x6 කීයද?
පොඩ්ඩා : 36

විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.


ඒත් ඉතින් ගුරුතුමීට පොඩ්ඩක් වැඩෙට අවුල් ඇයි ඉතින් මේ 1 පන්තියෙ හොටු කොල්ලෙක්ට පැරදෙන්න පුලුවන්ද. ඉතින් ගුරුතුමී ප්‍රින්සිපල්ගෙන් මෙහෙම ඇහුවා.




ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.

මෙන්න මේවා තමයි ගුරුතුමී අහපු ප්‍රශ්න ටික. උත්තර පහලින් බලන්න කලින් කට්ටිය මුලින් උත්තර දීලම ඉන්නකොඉ. ඊට පස්සේ ඔයාලගෙ උත්තර පොඩි එකාගෙ ඒවත් එක්ක බලන්න.

1. එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
2.ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
3.
පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
4.
ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
5.මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
6.F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
7.F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
8.ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
9.මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?

|
|
|
|
|
|
|
|
|
V

ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
පොඩ්ඩා : කකුල්

ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
පොඩ්ඩා : සාක්කු

ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
පොඩ්ඩා : අතට අත දීම.

ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
පොඩ්ඩා : සූදානම්

ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
පොඩ්ඩා : කසාද මුද්ද

ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
පොඩ්ඩා : නහය

ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
පොඩ්ඩා : Firework

ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
පොඩ්ඩා : Fork

ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
පොඩ්ඩා : වාසගම

ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
පොඩ්ඩා : හදවත

ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 4 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා.

ප.ලි.

මේ කතාව මම මට ආපු ඊයකින් කියවපු එකක්. සමහර විට කට්ටිය කියවලත් ඇති. මොකද කට්ටියම හිතන්නේ ඔයාලත් 1 වසරෙ පොඩි එකකු තරම් හපනෙක්ද?
නැතනම් හයියෙන් තුන් පාරක් මේ පොස්ට් එකෙ මතෘකාව කියවන්න... :P :P :P :P :)) :)) :)) :))

4 comments:

  1. ෂෝයි ප්‍රශ්න ටික ........

    ReplyDelete
  2. @පන්සල් හංදිය
    ෂෝයි කියන්නෙ මමනම් ඉතින් ප්‍රින්සිපල් තරම් දක්ශයෙක් x( x(

    ReplyDelete
  3. 1 වසරෙ පොඩි එකා මොනවා දන්නව කියලද?

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...