Wednesday, November 9, 2011

ජීවිතය දුශ්කරයි.... ඒත්...




පොඩි කතාවක් දාන්න හිතුවා. මෙක අපි හැමෝටම වැදගත් කියල හිතුනු නිසා. කියවල බලන්න. හොඳයි කියල හිතෙනවනම් අදහස් දක්වල යන්නකෝ.... :) :) :)

මේක සිද්ද උනේ මෙඩිකල් ෆැකල්ටි එකක පලමු වසරේ සිසුන්ට. ඒ අයට තියෙනවනේ ඔය subject එකක් anatomy කියලා. අන්න එකෙදි තමයි මේක වෙලා තියෙන්නේ. ඔන්න දැන් කට්ටියම  ක්ලස් එකෙ මැද තිබ්බ මල මිනියක්වටේ වට වෙලා ඉන්නවා.
දැන් උගන්වන්න ආපු professor උගන්වන්න ඉස්සෙල්ලා පොඩි උපදෙස් ටිකක් දෙනවා. උපදෙස් කිව්වට මහ ගොඩක් නෙවෙයි උපදෙස් 2යි.  එවා ඩොක්ට කෙනෙක්ට ගොඩාක් වදගත් වෙනව කියලත් කිව්වා


1 වෙනි එක තමයි ඩොක්ට කෙනෙක් කවදාවත් මිනිස් ශරීරය පිලිකුල් කරන්න එපා කියන එක.

එහෙම කියපු  professor මොකද කලේ අර මිනියෙ කට ඇතුලට ඇගිල්ල දාල ලෙව කැවා.
ඒ මදිවට ලමයි ඔක්කොටම ඒක කරන්නත් කිව්වා. කට්ටිය දැන් ඩිම් වෙලා ඇඉ අප්පා කොරන්න පුලුවන් දෙයක්ය කිව්වේ. ඩොකෙක් තියා මොකෙක් වෙන්න ආවත්. ඊත් ඉතින් මොනා කරන්නද කියල කට්ටියම ඉතින් වැඩේ කලා. කට්ටියට දැන් වමනෙට වගේ ඇයි ඉතින් අප්පිරිය වැඩේනේ.

කට්ටියම කරල ඉවර උනට පස්සෙ professor කරය එයගෙ දෙවෙනි උපදේශය දුන්නා එක තමයි.
2වෙනි ගුනාංගය තමයි ඩොක්ට කෙනෙක් වෙනවනම් එයාට හොඳ නිරීක්ශන හැකියවක් තියෙන්න ඕන කියන එක.
දැන් කට්ටියටම හෙනම අප්ශට් වැඩෙට ඇඉ ඉතින් දිපු උපදෙස කොහොමද ගලපගන්නෙ කියලා. ඇගිල්ල ලෙවකාපු එකයි 2වෙනි උපදේශයයි අහසයි පොලවයි වගේනේ.
ටික වෙලාවකින් professorම විස්තර කලා ඒක කොහොමද මෙතනට වැදගත් වෙන්නේ කියලා.
මොකද කරල තියෙන්නේ එයගේ දබර ඇගිල්ල මිනියේ කටට දාලා ලෙව කාලා තියෙන්නේ මැද ඇගිල්ල.
කාල වරෙන්කො කාටවත් මේක මීටර් වෙලා නෑ.ඉතින් එක තමයි professor කියල තියෙන්නෙ 2වෙනි උපදෙශය විදියට නීරික්ශනය ඩොකෙක්ට ගොඩාක් වැදගත් කියලා
දැන් මෙකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි...

Life is tough but it’s a lot tougher when you are not paying attention




ප.ලි.
ඔයාලට හිතෙන දේ කොමෙන්ට් එකක් විදියට දාලම යන්න.

1 comment:

  1. ;)) niyama wadee awadanen innee nathi eikee prathi palee thamai ithin

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...