Sunday, November 13, 2011

ඉතින් උපාසක මහත්තයෝ....

අරක්කු බීමෙන් ලිංගික බෙලහීතාවය ඇතිවේ.

මු.ලි.
මේක අරක්කු වලට සම්බන්ද කතාවක් නිසා තමයි උඩ පින්තූරය දැම්මෙ. ඉතින් අර නාලිකවල වගේ මාත් ඉතින් දැම්මා පොඩි අවවදාත්මක වැකියක්. නැත්නම් නඩු දැම්මොත් එවා ප්‍රචරය කරන්න උදව් දුන්නා කියලා..හි.. හි... :) :) :).. හර් ඔන්න වැල් වටාරම් නෑ කතාව පටන් ගත්තා.
මේකතාව අපේ ගමේ පන්සලේ බණකට වැඩම කරපු හාමුදුරු කෙනෙක් කියපු කතාවක්. මොනවද දාන්නෙ කියලා කල්පනා කර කර ඉන්නකොට මතක් වෙච්ච පොඩි කතාවක්. කාට කාටත් වැදගත් වෙයි කියල දාන්න හිතුනා.. ඕං ඉතින් අයිත් පිට පනිනවානේ..
බීම කිව්වම ලංකාවෙ මිනිස්සු දුනකට සතුටට මරනෙට මගුලට හැම දේකටම ඉස්සර කර ගන්නවනේ. ඇහුවම කියන්නෙ දුකට පොඩ්ඩක් ගත්තා. සහතුටට පොඩ්ඩක් ගත්තා කියල.. ඇයි යකෝ එතකොට මොන වෙලවටද බොන්නෙ නැත්තෙ... :)) :)) :))
ඔන්න ඉතින් මේ හාමුදුරුවොත් දවසක් බදුල්ල පැත්තේ පන්සලකට වැඩලා තියෙනව බනකට. ඉතින් හාමුදුරුවොත් බන එහෙම කියල ඉවර වෙලා පන්සලේ ටිකක් වාඩි වෙලා ඉන්නවලු. එතකොට උපාසක මහත්තයෙක් අවිත් වදල එහෙම ටිකක් ඇතට වෙලා හමුදුරුවොත් එක්ක කතා කරන්වලු පොඩි දහම් ගැටලු වගයක්. ඉතින් ටිකකින් හාමුදුරුවන්ට පොඩි මත් පැන් ගදක් වගේ ඇවිත්. අර උපසක මහත්තයා ගවින් තමයි එන්නෙ. ඊට පස්සෙ වෙච්ච් කත බහ තමයි පහල තියෙන්නෙ.

හාමුදුරුවො: උපසක මහත්තයො ඇයි මේ ඇතින් ඉන්දන් කතා කරන්නෙ... ඇවිත් ලගින් ඉදගත්තනම්..
උපසක මහත්තයා: නැ මේ හාමුදුරුවනෙ... මෙ මෙ මෙ ..

හ: මොකද මහත්තයො වචන පට ලැවෙන්නෙ... මහත්තය මොන හරි නරක දෙයක් අරන් වගෙ..
උ: නෑ මෙ ඔව් හාමුදුරුවනෙ ටිකක් ගත්තා හවස ටිකක් හිතලයි වගෙ එකයි...

හ: එකත් එහෙමද... දැන් උපාසක මහත්තය කසාද එහෙම බැදලද?
උ: ඔව් අපෙ හාමුදුරුවනෙ....

හ: එහෙමනම් ළමයි එහෙමත් ඇති නෙද?
උ: ඔව් හමුදුරුවනේ.. දෙන්නෙක් ඉන්නවා...

හ: පොඩිම ලමයට වයස කියද මහත්තයා..
උ: මාස 9ක් විතර ඇති හාමුදුරුවනෙ..

හ: එහෙනම් මහත්තයට හරි වියදම් ඇති නේද....
උ: ඒ කිව්වෙ අපෙ හාමුදුරුවනේ... තාම එක්කෙනෙක් විතරයි ඉස්කොලෙ යන්නෙ එනිසා එච්චරම වියදමක් නෑ අපෙ හාමුදුරුවනෙ...

හ: නෑ උපාසක මහත්තයො මන් කිව්වෙ ඒ වියදම් නෙවයි ඔය බීමට යන වියදම ගැන...
උ: සමා වෙන්න මට තෙරුනේ නෑ හමුදුරුවනෙ...

හ: නැ ඉතින් අර මාස 9 පොඩි එකාටත් හීතල දරා ගන්න බැරි නිසා මහත්තය පොඩ්ඩක් ගන්නවනම් පොඩි එකාට අඩු ගානෙ බොතලයක්වත් පොවන්න එපයි හීතල යන්න. නැද්ද මන් අහන්නේ මහත්තයෝ..

හමුදුරුවො එහෙම කිව්ව විතරයි අර උපාසක මහත්තයා ගල් ගැහිල වගෙ හිටියලු ටික වෙලාවක්. ඊට පස්සෙ අඩාගෙන දුවගෙන ඇවිත් හාමුදුරුවන්ට වැදලා පොරොන්දු උනාලු ආයිත මත්පැන් කටේවත් තියන්නෙ නෑ කියල...

ඔන්න ඔහොමයි ඒ හාමුදුරුවො අපිට මත්පැන් ගැන කතාව කිව්වෙ..

ප.ලි.
මංතුමත් ඔය මත්පැන් වලට තදින්ම විරුද්ද කෙනෙක්... එ නිසා තමයි කට්ටියට මේ කතාව දාන්න හිතුනෙ. මොකද ඔය බොන කට්ටිය කන්න ඔන උනාම කබර ගොයත් තල ගොයා කරනව වගේ බොන්න මොනා හරි හේතුවක් හොයා ගන්නවනේ.

4 comments:

  1. හික්ස්..

    ReplyDelete
  2. @සංජය: හික් කියවෙනව නේනන්ම්... :P

    ReplyDelete
  3. "ගල් ගැහිල වගෙ හිටියලු...."

    ගල් වෙන්නැති බොන්න ඇත්තෙ...

    ReplyDelete
  4. @හරී: වෙන්න ඇත් මචන්....:) :) :P

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...