Friday, June 28, 2013

Earn Money without clicking ads, Earn Money When you are online.

Hi all,
after long time i have found cool way to earn money without clicking ads,
I have already earn $6 in a 6 day, You can easily earn $1 per day. If you like to earn this go and register from the following link.

Earn Money

Steps you have to follow is,

Read the instructions they are Easy:

1) Signup and give me your username,email Id and referral link.

2) Go to Personal >> Profile enter your working cell no.They send you verification code than you reply them with the same code they send you, account verified.(wait for few minutes)

3)Start a new ticket to the "Department Trial" and request them to "activate my Trial thread as my phone verified".(They activate your trial thread in 2-3 hours so keep checking)

4)Download the software from the site and install and run it.You receive 1$ per day for each thread.( very soft software, does not harm your PC,scan it for proof)

5) Run the software with internet on so that it earn you 1$( it only take 1 day and earnings are updated at 00:00 server time each day)

Note must read their facts and help pages:

https://www.coingeneration.com/faq/
https://www.coingeneration.com/help/
you can withdraw when it is 1$ or more.i got $1.8 my first payment and there is nothing to lose.


If you need more  help ask from me.

If you like to earn money by clicking ads then i will post another post the coolest sites for that.

Hope you will enjoy it.
Remember if you are not shutdown your machine then you will earn money without doing nothing 


ඉතිරි ටිකත් බලමු...

Wednesday, January 9, 2013

කලකට පස්සේ බ්ලොගයට බැස්සේ...

හම්මේ බ්ලොග් එකෙ හැටි... අව්රුද්දකට ආසන්න කාලයක් නිහඩවම ගියා. බ්ලොග් එකේ 4 මායිමේවත් එන්න බැරිඋනා. වැඩත් එක්ක busy ගොඩක් උනා.

ඉතින් කොහොමද යාලුවනේ කට්ටියම හොන් කියල හිතනවා. නිශ්ශබ්දව හිටිය කාලෙ වෙච්ච ගොඩක් කතා තියෙනවා. එවත් එක්ක නැව්තත් ඔයාලව මුන් ගැහෙන්න හිතුවා.

වෙච්ච කතා ගොඩයි එවයින් කිපයක් තමයි පහත තියෙන්නෙ කට්ටිය කැමති විදියට ඒව ඔයලත් එක්ක බෙදා ගන්නම්.

1) මගෙ පලවෙනි රිය අනතුර
2) කුඩ්ඩෙක් සමග පැයක්.
3) පලමු සුපිරි පන්තියේ හොටලෙකින් කෑමක්
4) පලමු තරු 7 හොටලයක රාත්‍රිය...
5) මගේ පලමු පඩියෙන් කරපු කියපු දේවල්...

තව ඔය වගේ කතා ගොඩයි..... මේ කලය තුල වෙච්ච හොද හොද අත්දැකීම් එක්ක ඉක්මනට හම්බෙමු. එතෙක් ජය වේවා.


ඉතිරි ටිකත් බලමු...

Monday, December 31, 2012

A/L ICT Model Paper 02 සහ සුභ අලුත් අව්රුද්දක් වේවා!

ඉතින් කොහොමද යාලුවනේ කාලෙකට පස්සේ ඔන්න ආයිමත් බ්ලොග් එක පැත්තෙ ආව. කියන්න ගොඩක් දේවල් තියෙනවා. අලුත් අලුත් අත්දැකීම් ගොඩක් ලැබුන පහුගිය ටිකෙ. එවත් එක්ක ඉක්මනට හමු වෙමු.

ඔන්න එහෙනම් හැමෝටම සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා.

අලුත් අව්රුද්දේ හොද වැඩකින් පටන් ගන්න හිතුවා අපේ A/L ICT කරන නංගිලා මල්ලිලාට මම Model Paper එකක් දැම්මා. එකත් කැමති අය ගිහින් download කරගෙන බලන්න.

A/L ICT Model Paper


ඉතිරි ටිකත් බලමු...

Thursday, January 26, 2012

අර්ධ ශතකය සහ ශතකය ලබා ගැනීම සහ හිට්ස් 15000


අද හරිම සතුටු දවසක් මොකද මම අද මගේ සින්හල බ්ලොග් එකේ ලියන 100 වෙනි පොස්ටුව. ඒ වගේම සිහින කොදෙව්වෙ 50 වෙනි පොස්ටුව. ලියන්න කියන්න ගොඩක් දෙවල් තිබුනත් සතුටට වචන ගලපගන්නත් බෑ.
මොනව උනත් එදා ඉන්දල මගේ බ්ලොගයට ගොඩ වැදුනු සහ මට සහය පල කරපු හැම දෙනාටම ගොඩාක් ස්තුති.
ජීවන්තගෙ සටහන් පොත ලෙස පටන් ගත්ත බ්ලොග් එක මේ වෙන කොට ඔක්කොම පොස්ටු 100ක් දාල තියෙනවා. එකෙන් 50ක් ජීවන්තගෙ සටහන් පොතේ තියෙන ඒව. ඉතුරු 50 සිහින කොදෙව්වට අයිති ඒවා.


ඒ වගෙම මේ වෙනකොට මම පස්සෙන් එන අය ගනන 30යි. පොඩ්ඩක් මදි වගේ නෙද. හි හි එහේම තමයි මමත් ඉතින් වැඩිය කාගෙවත් බ්ලොග් වලට පස්සෙන් පන්නන්නෙ නෑ නොවැ. බලමු අද ඉන්දන් මම කියවන හැම බ්ලොග් එකක්ම එලවන් යන්න. එහෙනම් ඒ හැම දෙනාටම ගොඩක් ස්තුති.

අහ් තව පොඩ්ඩෙන් මාතෘකාවේ අන්තිම කොටස අමතක වෙනවා. හිට්ස් 15000. ගුග්ල් දෙයියට අනුව මේ වෙනකොට මම ආපුවත් සමග හිට්ස් 15000ත් පැනලා. ඒ වගේම මගේ කොමෙන්ටුත් එක්කම කොමෙන්ටු 229. ඉතින් මේ පැත්තෙ ඇවිල්ල සහ කොමෙන්ටු වලින් අදහස් දක්වපු සහ නොදක්වපු හැමොටම ගොඩක් ස්තුති. මොකද මට සාමන්යෙන් එක දිගට වැඩක් ගොඩක් දවස් කරන්න බෑ. එත් මේක මම කලේ ඔයලා මේක බලන්න එන නිසා.පොස්ට් එකක් දලා ගොඩක් අය වගේ මමත් කොමෙන්ට් වැටේනකම් බලන් හිටියා හිට්ස් වැඩි වෙනකම් බලන් හිටිය ඒවයින් තමයි මම මේතරම් දුරක් ආවෙ.
එහෙනම් ආයිත් සැරයක් ඔය හැමොටම ගොඩක් ස්තුතියි.

ප.ලි.
මේ බ්ලොග් එක 100 ලියල නවත්වනව කියල හිතුවෙ. එත් එහෙම කරන්න දැන් බෑ වගේ. මොකද මේ එකකරි ජීවිතෙට බ්ලොග් ලියන එක කියවන එක ගොඩක් ලොකු වෙනසක්. එනිස මේක නවත්වන අදහස මම අත හැරියා.
එහෙනම් අලුත් පොස්ටු ගොඩක් එක්ක ආයිත් මුන ගැසෙමු. ලියන්න ගොඩක් දෙවල් තියෙනවා ඉස්සරහට.
හැමෝටම ආයුබෝවේවා.



ඉතිරි ටිකත් බලමු...

Monday, January 23, 2012

බැහැපු එවුන්...

ඔක්කොටම කලින් කියන්න දෙයක් තියෙනවා. මතක ඇතිනේ මම මීට කලින් දාපු පොස්ටුවේ දැම්මා අවසානයක් ගැන. කට්ටිය බලනවා ඇති මොකද්ද මේ හරුපෙ කියලා. මෙකයි සීන් එක මටත් හැදුනා බ්ලොග් ලියන්න කම්මැලි වෙන ලෙඩේ. අප්පෝ ඒක හැදුනම තියෙන සනිපේ. හික්ස්... ඉතින් එකයි පහුගිය ටිකේ මේ පැත්ත පලාතේ ආවෙ නැත්තේ. ඔන්න ඉතින් ටික දවසක් යන්කොට ඉතින් එහෙම කරන්න බෑ කියලා හිතෙනවා. ඔන්න දැන්නම් මම හිතන්නෙ ඒක නිට්ටවටම සුවයි. එල එහෙනම් මුලිනම මගේ බ්ලොග් එක බලන්න එන කට්ටිය (පොස්ටු දැම්මත් නොදැම්මත්) ගොඩක් ස්තුති. මේ ලෙඩෙ හැදෙන්න තව පොඩි පොඩි හෙතු තියෙනවා. එවා ඊලග පොස්ස්ටුවෙන් බලන්න පුලුවන්. මොකද ඒක තමයි මගේ අර්ධ් ශතකය සහ ශතකය දෙකම ලියවෙන පොස්ටුව. ඒකට හෙතුවත් ඉතින් එකෙන්ම තම්යි බලාගන්න වෙන්නේ. හික්ස්.. පුලුවන් අය ඉන්නවනම් ඔඅය අර්ධ ශතක සහ ශතක කතාවෙ හේතුව කොමෙන්ටුවකින් දාන්න බලන්න.හරි ඔන්න වල්පල් ඉවරයි අද කතාව.


මේකත් ඉතින් බස් කතාවක් තමයි. අද උදේ බස් එකෙ එනකොට වෙච්ච දෙයක් නිසා කාලෙකට කලින් එවගේ දෙයක් වෙච්ච මගේ යලුවෙක් කරපු දෙයක් මතක් උනා. කට්ටියටම මතක ඇතිනේ මගේ අනිත් බස් කතා. තව බස් කතා තියෙනවා ගොඩක් පුලු පුලුවන් විදියට ඒවත් දාන්න බලන්නම්.
මේකයි සීන් කෝන් එක. ඔන්න අද උදේ මම ඔෆිස් එන්න බස් එකක්ට නැග්ගා. ඔය බස් එක අර සීට් 3යි 2යි තියෙන ජාතියෙ එකක්. සීට් ගානට වගේම හිටියත් මාටත් වාඩිවෙන්න ලැබුනා දෙහිවල හරියෙදි. හැබැයි සීට් 3ක් තියෙන එකක මැද සීට් එකෙ. ඔන්න බොහොම අමාරුවෙන් වාඩි උනේ මොකද වීදුරුව ගාව වාඩි වෙලා හිටපු එකා සීට් 1 1/2 ක් අරගෙන වාඩිවෙල කකුල් දෙකත් හොඳටම පලල් කරගෙන ඉන්නවා. මමත් වාඩි වෙලා බැලුවා පොඩ්ඩ්ඩක් තල්ලුවක් දාල ඉඩ ලැබෙයිද කියලා.
කොහෙද මූ මුගේ සීට් එක වගේ නො හෙල්ලුම්. දෙසරයක් තුන් සැරයක් රවල බැලුවා ඒත් නො හෙල්ලුම්. අනිත් පැත්තෙ එක්කෙනා මට ඔරවනවා හරියට මම මිනිහගෙ සීට් එක අරගෙන වගේ. ඒත් ඉතින් මොනව කරන්නද උදේ පන්දරම ලේ කොප කරගන්න බෑනේ. ඔන්න ඔහේ හිතින් දන්න කියන ඔක්කොම මතක් කර කර ආවා.
ඔන්න ඕක තමයි නිදාන කතාව මට මේ ලියන්න යන කතාව මතක් වෙන්න හේතු වෙච්ච. මගේ යාලුවටත් මේවගේ සීන් එකක් වෙලා. මිනිහ මම වගේ ඉවසන එකෙක් නෙවෙයි. මිනිහ මොකද කලේ මම වගේම මිනිහ අයිතිය ලබාගන්න ට්‍රයි එක දුන්නා. ඒත් මොන අනිත් එකා අද උදේ එකාවගේ ඌට නෙවෙයි වගේ ඉන්නවලු. මගේ යාලුවා මොකද කලේ කොන්දා සල්ලි ඉල්ලන්න ආවම 1/2 ටිකට් එකක් ඉල්ලලා. හික්ස්.
කොන්දා බැලුවලු මූට අන්ද කයිප්පුද කියලා 1/2 ටිකට් ඉල්ලන්න කියල කොකටත් චෙක් කරන්න කියලා ආයිත් අහල ටිකට් එක කොහෙටද කියල. යාලුවත් ආයිත් කියලා ගාල්ලට 1/2ක් දෙන කියලා. ඒ පාර කොන්දා කියලා මල්ලිට 1/2ක් කැඩුවෙ මීට අවෘදු 10කට ඉස්සෙල්ල වෙන්න ඇති කියලා. ඒපාර අරු කියලා මගෙන් 1/2ක් අරන් ඉතුරු 1/2 මෙන්න මේ බැහැපු එකගෙන් ඉල්ල ගන්න කියලා. බස් එකෙ කට්ටිය බලනවලු මූ මොකද කියන්නෙ කියලා. ඒ පාර මු කියනවලු මුගෙ බැහැපු හින්දනෙ සීට් 1 1/2 ක් අල්ලගෙන යන විදියට කකුල් පලල් කරන් ඉන්නෙ. එක ලගට ගන්න අමාරු ඇති කියල. ඔන්න ඔහොමයි ඒ යාලුවා තමන්ගෙ අයිති වාසිකම් දිනාගත්තෙ.
ප.ලි.
ඊට පස්සෙ උනම් කිව්වෙ ඌට කිසි කරදරයක් උනේ නෑ කියල. එත් ඉතින් කව්ද දන්නෙ. කනේ පරක්වත් කැවද කියලා. අපි ලග පාත හිටිය එකක්ය.
ප. ප. ලි.
මේක මම් ලිව්වෙ මම් මේ දෙවල් වලට ග්පොඩක් මුහුන ඩීල තියෙන නිසා. ඔයාලත් මේවට මුහුන දීල ඇති. ඒවගේ වෙලාවට යාලුවගේ කෙම දාලම බලන්න. හැබැයි පිරිමි කෙනෙක් හිටියොත් විතරයි...හික්ස් :D :D :D



ඉතිරි ටිකත් බලමු...

Wednesday, January 18, 2012

අවසානයට පෙර....

අවසානය යනු ආරම්බයකට අත්තිවාරමකි
අත්දැකීම් එය තවත් ශක්තිමත් කරනු ඇත.
මෙය
තවත් අවසානයකට පෙර කරන
සුදානමකි.



ඉතිරි ටිකත් බලමු...

Friday, January 13, 2012

අලුත් Blogger Comment ගැජට් එක ටිකක් අව්ල් වගෙ නේද? මෙන්න විසදුම. (හදනකම්)

අලුත් Blogger Comment ගැජට් එක ටිකක් අව්ල් වගෙ නේද? [මේ සීන් කෝන් එක (ගැජට් එක ) ගැන මම දාපු පොස්ටුව.]
එක වෙන්නෙ අලුත් Comment එකක් දාන්න ගියාම comment gajatඑක ලොඩ් වෙන්නෙ නෑ. එකයි සීන් එක. එකට පොඩි විසදුමක් හොය ගත්තා. කට්ටිය ප්‍රශ්නෙ හදනකම් මේ විසදුම යොදාගන්න. 100% වැඩ.ඔය පහල තියෙන පින්තූර ටික බලලම තේරුම් ගන්නකෝ.

1 පලවෙනි කොමෙන්ට් එක දානකොට කිසි අව්ලක් නැතිව ඔය පහල තියෙන විදියට පෙන්වනවා.



2පලවෙනි කොමෙන්ට් එක දැම්මට පස්සෙ අලුත් කොමෙන්ට් එකක් කරන්න හරියට ගැජට් එක ලොඅඩ් වෙන්නෙ නෑ. ඒ නිස පහල විදියට තමයි පෙන්නේ.



3 කරන්න තියෙන්නෙ නැවත පෙජ් එක ලෝඩ් කරන්න. කරන ක්‍රම F5 බට්න් එක ක්ලික් කරන්න. එතකොට ඔය පහල තියෙන විදිය කිසි අව්ලක් නැතිව අලුත් කොමෙන්ට් එකක් දාන්න පුලුවන් විදිය ගැජට් එක ලොඩ් වෙයි.



4 ඔය තියෙන්නෙ එහෙම කරලා දාපු කොමෙන්ට් එක




5 දාපු කොමෙන්ට් එකට රිප්ලයි කරනවනම් reply ලින්ක් එක ක්ලික් කරන්න එතකොට පහල විඩියට පෙනෙයි.



6 රිප්ලයි කලාට පසු

ප.ලි. මේක මම හොයගත්ත ක්‍රමයක්. බ්ලොගර් කට්ටිය කසෙ එක හදනකම් මේ විදියටවත් විසදගන්න.


ඉතිරි ටිකත් බලමු...

Blogger එකට පින් සිද්ද වේවා.

හම්මෝ මම කොච්චර දුක් වින්ද්ද කොමෙන්ට් වලට රිප්ල්යි කරනකොට. ඔන්න බ්ලොග්ර් එක ඒකට විසදුමක් දීලා. පින් සිද්ද වෙච්චාවෙ කියල කියනවා ඇරෙන්න වෙන මොනා කියන්නද?
ඔය වගේ ගැජට් එකක් දාන්න මම වෙච්ච මහන්සිය. හැබැයි දාගන්න නම් බැරි උනා. :)) :)) :)) එක දැකලමද කොහෙද මෙක අපිට දීලා තියෙන්නෙ.
බලන්න ඔයාලගෙ බ්ලොගයෙත් ඒක තියෙනවද කියලා. ඒක කිව්වෙ ඔය පහලින් තියෙන ෆොටො එකේ විදියට කොමෙන්ට් වලට රෙප්ල්ය් කරන්න පුලුවන්ද කියලා.
එහෙනම් ගෝඩාක් ස්තුතියි...




ඉතිරි ටිකත් බලමු...

කොසොල් රජතුමාගේ සිහින 8

කොසොල් රජතුමා:-
"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාලිගාවේ මිදුල පුරා කළගෙඩි අතුරා තිබුනා. සතර දිගින් එන ස්ත්‍රී පුරුෂයන් පිරී ඉතිරී පිටාර ගලමින් තිබෙන එකම කලයකට වතුර පුරවනවා. හිස් කල එසේම තිබෙනවා. කුමක්ද ස්වාමීනී මෙහි තෙරුම?"

බුදුරජානන් වහන්සේ:-
"මහරජතුමනී, මෙයින්ද ඔබට දෝසයක් නෑ. අනාගතයේදී පාලකයන් රට ආර්තික වශයෙන් සමෘද්ධිමත් නොකිරීම නිසා අටේ ජනතාව අතිශයින් දිළින්දන් බවට පත් වෙනවා. එවිට රජය වෙත තව තවත් බදු බර පටවනවා. ධනවතුන් තව තවත් තර කරවනවා. ඇත්තෝම තර වෙනවා. නිර්ධනයින් තව තවත් පීඩනයට පත් කෙරෙනවා."


ඉතිරි ටිකත් බලමු...

Tuesday, January 10, 2012

මැරෙන්න ලං වෙලා ලෙඩෙක් ආවත් තොපි ඕකමද කරන්නේ...

ඇත්තටම මේක ලියන්න හිතපු එකක් නෙවෙයි. එත් අද වෙච්ච සිද්දියක් නිසා ලියන්න හිතුනෙ. මේක ඇත්තටම හිතේ දුකටත් වඩා හිතේ තියෙන තරහට ලියන එකක්. මේකයි සිද්දිය.

අද උදේ තාත්තා අම්මව ඉස්කොලෙට දාන්න යද්දි පොඩි අක්සිඩෙන්ට් එකක් වෙලා. එත් තාත්තගේ එක කකුලක පොඩි ඇගිල්ල අනිත් හැප්පිච්ච බයික් එකෙ වැදිලා. වැදුනු පාරට ඒ ඇගිල්ලයි අනිත් ඇගිල්ලයි අතරින් ඉරිල තුවාල වෙලා. ඒපාර ගෙදර ගිහින් තුවාලෙ ඔතාගෙන අපේ ගමේ තියෙන ඉස්පිරිතාලෙට (ආදපාන ඉස්පිරිතාලය එහෙම නැත්නම් Kamburupitiya General Hospital)ගිහින් වැඩි හොඳට මොකද ඇගිල්ල වැදුනු වෙලේ ඇගිල්ල නැවිලා ගොඩක්. ඒ පාර්ට කැඩිලද දන්නෙ නැති නිසා. තුවලෙ රිදීමට එක තෙරෙන්නෙ නැතිලු.



මේ සිද්දිය වෙලා තියෙන්නෙ 7ට විතර හොස්පිටල් එකට යනකොට 7.30 විතර වෙලා. ඒතන ඉඳලා මේ වෙනකම් (දැන් වෙලාව 10.30) තාම ඩොක්ටර් කෙනෙක් බලල නෑ. ඩොcටොර් කෙනෙක් බලනකම් තත්තට වාඩි වෙලා ඉන්න කිව්වලු. එතන ලෙඩ්ඩු පෝලිමේ ඉන්නවලු ඩොක්ටර් කෙනෙක් එනකම් එයාලව බලන්න.

මේක ආන්ඩුවෙ ඉස්පිරිතාලයක්. ගොඩක් මිනිස්සු එනවා බේත් ගන්න. 10.30 වෙනකම් ඩොක්ටර් කෙනෙක් නෑ ලෙඩ්ඩුන්ට බේත් දෙන්න.තාත්තනම් කියන්නෙ දැන් ලේ එන එක නැවතිලා කියලා. තුවාලයක් තියෙනවද කියලා දැනෙන්නෙවත් නෑ කියලා. යකෝ මෙහෙමත් ඉස්පිරිතාලයක් ලෙඩෙක් බලන්න ඩොක්ටර් කෙනෙක් නැති හැටි. යකාගේ ඉස්පිරිතාලයක් තමයි. මම දන්න විදියට මේකෙ ගොඩක් ඩොක්ටර්ස්ල ඉන්නවා මොකද මේක ලඟදි ගොඩක් දියුනු කරපු හොස්පිටල් එකක්.

මට අන්තිමට අහන්න තියෙන්නෙ මෙච්චරයි. මුන් මැරෙන්න ලඟ මිනිහෙක්ව අරන් ආවත් මෙහෙමද යකෝ සලකන්නේ. ඩොක්ටර් කෙනෙක් එනකම් ඇඳකට දාල තියයි මැරෙනකන්.


ඉතිරි ටිකත් බලමු...

Monday, January 9, 2012

64=65 ද? පහල බලලම තීරනය කරන්න....

මතකනෙ මම අර කලින් දාපු පොස්ට් එකක් තිබ්බේ 25/5= 5 ද නැත්නම් 25/5= 14 ද? කියලා. මේකත් ඒ වගේ සීන් කෝන් එකක් ගිහින්ම බලන්නකෝ.

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
V


image=http://gifs.gifbin.com/022010/1265701011_64-65.gif


ඉතිරි ටිකත් බලමු...

Friday, January 6, 2012

පොඩි පොඩි ජොලි කතා 03

පොඩි පොඩි ජොලි කතා 01
පොඩි පොඩි ජොලි කතා 02

============================================================



පලමු අදියර...
ඔන්න අලුත් අවෘදු පර්ටි එකකදි නිමල් සහ කමල් කතා කර කර ඉන්න ගමන්
කමල්:- මචන් මට සිගරට් එකක් දියන්...
නිමල්:- ඇයි දැන් උබ කිව්වෙ අලුත් අවුරුද්දෙ ඉඳන් උබ ඔක බොන එක නවත්වනව කියලා.

කමල්:- ඔව් බන් මන් නවත්වනවා.. දැන් මම ඉන්නෙ එකේ පලමු අදියරේ...
නිමල්: පලමු අදියරේ?

කමල්:- ඔව් බන් දැන් මන් සිගරට් සල්ලි වලට ගන්නේ නෑ බන්....


නිවුන්නු
ඔන්න අලුතෙන්ම ඉස්කොලෙට ගිය පොඩි ළමයෙක් අම්ම ගාවට ඇවිත් කියනවා අම්මෙ අම්මෙ අපෙ පන්තියෙ ඉන්නව එක වගේ යාලුවො දෙන්නෙක්. ආ පුතේ එයාලා දෙන්න එහෙනම් නිවුන්නෞ වෙන්න ඇති.

පහුවදා ගෙදර ආපු ගමන් පොඩි එකා අම්ම ගාවට දුවගෙන ඇවිත් කියනවා අම්මේ අම්මේ එයලා දෙන්නා නිවුන්නු විතරක් නෙවෙයි සහෝදරයොත් වෙනවා.


ඔයාට පොඩ්ඩක්වත් මිස් වෙලා නෑ...
නිමල් පාපන්දු පිස්සෙක්. ඔන්න හරියටම අලුත් අවුරුදු දවසේ පාපන්දු තරගයකුත් තිබුනා. දැන් මේක බලන්න සෙට් වෙනකොටම නෝනා ඇවිත් කිව්ව ඉක්මනට එන්න අවුරුදු දව්ල් කැම වේල ලෙස්ති කියලා.
මැච් එකද දවල් කැමද කියලා හිත හිත ඉන්දලා නිමල් කැම තෝරගෙන ගෙදර කට්ටිය එක්ක කෑම කාලා ඉවර වෙලා ඇවිත් මැච් එක බලන්න සෙට් උනා.
ඔන්න එතකොට නෝනා ඇවිත් මැච් එකෙ විස්තර ඇහුවා.
මැච් එකෙ පල්වෙනි half එක ඉවරයි ලකුනු 0-0 කියල දුකෙන් කිව්වා.ඉතින් අනේ ඔයාට මැචෙක පොඩ්ඩක්වත් මිස්වෙලා නෑනෙ. තාම 0-0යිනෙ කියලා නෝන කිව්ව.


නෝනා..
ඔන්න දවසක් බාර් එකකට ආව මනුස්සයෙක් ශොට් එකක් බොනවා පර්ස් එක බලනවා අයිත් ශොට් එකක් බොනවා පර්ස් එක බලනවා.
ඉතින් මේක දැක්ක බර් එකෙ හිටපු මනුස්සයෙක් ඇහුව ඇයි හැමතිස්සෙම පර්ස් එක බලන්නෙ කියලා. ඉතින් අර මනුස්සය කියනවා

"නෑ මේකෙ මගේ නොනගෙ ෆොටෝ එක තියෙනවා එක ලස්සනට පේන්න ගන්නකොට මම බොන එක නවත්තලා ගෙදර යනවා."


බුරුවො...
දවසක් මනුස්සයෙක් ඩොක්ටර් කෙනෙක් ගාවට ඇවිල්ල කියනවා. ලෙඩා:-ඩොක්ටර් ඩොක්ටර් මට මගේ වටේටම නිල් පාට බුරුවෝ පේනවා..
ඩොක්ටර්:- හරි හරි බය වෙන්න එපා දැන් ඔයාට ඉස්සරහ ඉන්නෙ කවුද?
ලෙඩා:- නිල්පාට බූරුවෙක් ඩොක්ටර්.


කාටද කියන්නේ....
දවසක් මනුස්ස්යෙක් ඔපරේශන් එකකට ඇවිත්. ඉතින් නර්ස් අර ලෙඩාගෙන ප්‍රශ්න අහල ෆොර්ම් එකක් පුරවන්වා.
නම ගම වයස වගේ එවා.

නර්ස්:- හදිස්සියක් උනොත් කාටද දැනුම් දෙන්න ඕන..
ලෙඩා:- එකියන්නෙ මට අමාරු උනොත්ද?
නර්ස්: ඔව් ඔව්...
ලෙඩ:- එහෙනම් කෙලින්ම ඩොක්ටර් කෙනෙක්ට කියන්න.


ඉතිරි ටිකත් බලමු...

Wednesday, January 4, 2012

එක එක රටවල් අලුත් අවුරුදු උදාව සැමරු හැටි....

අලුත් අවුරුද්දක් ලැබුවා. ගොඩක් රටවල් මේක ගොඩක් ඉහලින් සමරනවා. ඔය අතර මල්වෙඩි වලට ලැබෙන්නෙ ගොඩක් ලොකු තැනක්. ඉතින් ලොකෙ තියෙන ප්‍රදාන රටවල් කිහිපයක් අවුරුදු උදාව සැමරූ අකාරය තමයි පහල තියෙන්නෙ. ගිහින් බලන්න. එවා කොච්චර ලස්සනද කියලා...

ලන්ඩන්....(එන්ගලන්තය)




සිඩ්නි (ඕස්ට්‍රේලියා)



ඩුබායි




ඉතිරි ටිකත් බලමු...

Tuesday, January 3, 2012

පොඩි පොඩි ජොලි කතා 02

පොඩි පොඩි ජොලි කතා 01ට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුන නිසා තව පොඩි ජොලි කතා ටිකක් දාන්න හිතුවා. කියවලා බලන්න හොඳයිද කියලා.
===============================================
0 සිට 200ට තන්පර 6න්
ඔන්න නිමල්ට එයාගෙ වෙඩින් ඇනවසරි එක අමතක උනා කරුමෙට. ඔන්න ඉතින් එයාගෙ වයිෆ් මේකට හොඳට තරහ ගියා. අමතක වෙච්ච එකට නෙවෙයි තැග්ගක් ලැබිච්ච නැති එකට. ඒ පාර වයිෆ් දුන්නා මේ වගේ ඔඩර් එකක් දඩුවමක් විදියට.
දඩුවම තමයි හෙට උදේ එයා නැගිටින කොට ගෙදර දොර ඉස්සරහා තැග්ගක් තියෙන්න ඕන නිකම්ම නිකන් තැග්ගක් නෙවෙයි එක තත්පර 6ක් ඇතුලත 0 ඉඳල 200ට යන්න ඕන.
ඉතින් නිමල් මොකද කලේ පස්සෙන්දා උදේන්ම ගෙදරින් වැඩට පිටත් උනා. දැන් ඉතින් හොයපියකො අර කිව්ව තැග්ග. කොහොම හරි මිනිහා ඒක හොය ගත්තා.
ඔන්න ඉතින් වයිෆ් නැගිටලා බැලුවා නිමල් නෑ. උදෙන්ම මාරු වෙලා ගිහින් කියලා හොඳටම තරහ ගිහින් ගෙදර දොර ඇරියා. මෙන්න බොලේ ගෙදර දොර ගාව තැග්ගක්. ගෑනිට පට්ටම හැපී. එයත් ඉතින් ඉක්මනට තෑග්ග බැලුවා. ඔයාල හිතන්නෙ මොකක් කියලද.... ඔව් ඔව් ෆෙරාරි වගේ කාර් එකක් තමයි. පහලට ගිහින් බලන්නකෝ ලැබුනු තැග්ග...

|
|
|
|
|
|
|
|
|
|
V



පට්ට ෆෙරාරි එකනේ. හික්ස්.. :)) :))


ගැහැනු හෝමෝන...
ඇමරිකාවෙ විද්‍යාඥයෝ සෙට් එකක් පට්ටම හොයා ගැනීමක් කරලා. ඒකට අනුව බියර් වල ගැහැනු හෝමෝන චුට්ටක් අඩංගු වෙලා තියෙනවා කියලා ඔප්පු වෙලා. ඉතින් මේක ඔප්පු කරන්නත් එපයි ඉතින් මොකද කලේ මින්ස්සු 25ක් ගෙන්වලා හෑමොටම බියර පයින්ට් 12 ගනනෙ පොවලා.
ඉතින් ප්‍රතිපලය ඇස් පනාපිට ඔප්පු වෙලා. කොහොමද දන්නවද කට්ටිය වැඩ කරන එක පැත්තක තියලා අනම් මනම් වල් පල් දොඩවන්න අරගෙන.

මේ සැරේ ඔයා...
ඔන්න එක්තරා පාර්ක් එකක තිබුනා මුහුනෙන් මුහුන බලාගෙන ඉන්න ජොඩුවකගේ පිලිමයක්. ඉතින් දවසක් මේ පාර්ක් එකේ ගසකට අරක් ගත්ත දෙවියට මේ පිලිම දෙක ගැන දුක හිතිලා ඇවිත් කිව්වා මම ඔයාල දෙන්නට පණ දෙන්නම් හැබැයි පැය 1/2කට විතරයි ඊට පස්සෙ ආයිත් පරන විදියටම පිලිම දෙකක් කරනවා කියලා.
එහෙම කියලා ඔන්න්න දෙන්නට පන දුන්නා. දුන්නා විතරයි මොකද කලෙ ටක් ගලා ගිහින් පාර්ක් එකේ තිබ්බ පඳුරක් අස්සට රිංගුවා. ඔන්න ටික වෙලාවකින් පඳුර හෙලවෙනවා. එක එක සද්ද එහෙමත් ඇහෙන්න ගත්තා (දන්නො දනිති :)) ). දැන් ඉතින් දෙවියටත් පට්ටම හැපී ඇයි ඉතින් ලොකු පින් කමක්නේ කර ගත්තෙ. ඔන්න විනාඩි 15කට පස්සෙ දෙන්නා සතුටෙන් අත්දෙක අල්ලගෙන පඳුර යටින් එලියට ආවා. ඉතින් දෙවියන්ටත් පට්ටම අව්ල් ඇයි ඉතින් තව විනාඩි 15ක් ඉතුරුයි නේ.
ඉතින් දෙවියො කිව්වා තව විනාඩි 15ක් ඉතුරුයි ඉතින් ඒ විනඩි 15ත් සතුටු වෙන්න කියලා. ඒ පාර ගැහැනු පිලිමේ පිරිමි එකට කියනවා එහෙනම් ඔයා මේ පාර පරවියාව අල්ලගෙන ඉන්න මම ඉතුරු ටික බලාගන්නම් කියලා. :)) :)) ;;) ;;)

ඒ තිබ්බෙ Interview එක...
ඔන්න ඉතින් ඔය විධායක ශ්‍රේණියේ සිංහලෙන් එකෙ වැඩ කරපු නොනා කෙනෙක් මැරිලා දිවිය ලොකේ ඉපදුනා. කරපු වැඩ හැටියට කොහොමවත් දිවිය ලොකෙ එන්න බැරිලු. එත් ඔය පොඩි පිනක් පල දීලා තමයි දිවිය ලොකෙට ඇවිත් තියෙන්නෙ. ඉතින් මුර දෙවියො මෙයාට සිද්දිය කියලා අපි ඔයාව දවසක් අපායෙයි දවසක් දිවිය ලොකෙයි ඉන්න දෙනවා ඊලඟ දවසෙ ඔයාම තීරනය කරන්න වැඩියෙනම කැමති කොහේ ඉන්නද කියලා. ගැනු කෙනත් ඒකට කැමති වේලා.
ඉතින් ඔන්න අර නෝනව මුලින්ම අපායට යැව්වලු. අප්පා ඒක අපායක් කියලා කියන්න බැරිලු. මොකද පිහිනුම් තටාක, ගොල්ෆ් පිට්ටනි, අරවද මේවද නැති දෙයක් නැතිලු. ඉතින් ගැනු කෙනත් දවස සිරාවටම ගෙවලා පස්සෙන්දා දිවියලොකෙට ආවලු එහෙ දවස ගෙවන්න. ඉතින් දවසෙම වලාකුලු අස්සෙ පැන පැන සතුටෙන් හිටියලු. තුන්වෙනි දවසේ ඔන්න අර මුර දෙවියො ඇහුවලු කොහෙටද කැමති කියලා. ඉතින් අර නෝනත් අපායයි දිවිය ලොකෙයි තරදියක දාල එහෙම බලල් කිරලා කිව්වලු අපායට තමයි කැමති කියලා. මොකද දිවිය ලොකෙ අපායෙ තිබ්බ මුකුත් නෑ නේ.
ඔන්න අර දෙවියොත් හා හොඳයි කියලා ගැනිව අපායට එව්වලු. මොන කලින් තිබ්බ මුකුත් නැතිලු. ඔක්කොම මඩවලුයි කුනුයි විතරලු. රියල් අපායක්ලු. දැන් ගෑනිට පස්ටම අප්ශට් වැඩෙට. ඉතින් ගිහින් මේ ගැන ඇහුවම අපායේ එකෙක් කිව්වලු ආ එක වැඩිය ගනම් ගන්න එපා එකත් ඔයා එහෙදි කල වගේ interview එකක් තමයි කියලා.

ඉතින් මමත් එහෙමයිනේ...
ඔන්න දවසක් බාර් එකට ආපු මිනිහෙක් එතන බිබි හිටපු කෙනෙක්ට කිව්වලු එයාටත් ශොට් එකක් අරන් දෙන්න කියලා. ඉතින් අර මනුස්සයත් කැමති වෙලා පලවෙනි ශොට් එක අරන් දුන්නලු.ඒක බීල යන්න හදනකොට අර අරන් දීපු කෙනා(A) සහ අනිත් කෙනා(B) අතර වෙච්ච කතාබහ තමයි පහල තියෙන්නෙ.
A:- තමුසෙ කොහෙ කෙනෙක්ද?
B:- මම අයර්ලන්තෙන්
A:- අප්පට සිරි මමත් අයර්ලන්තෙන් ගන්නව ගන්නව තව ශොට් එකක්

A:- අයර්ලන්තෙ කොහෙද?
B:- ඩබ්ලින් වල
A:- විස්වාස කරන්නත් බෑ මමත් එහෙනෙ. ගනව හලො තව ශොට් එකක්.

A:- මොන ඉස්කොලෙටද ගියේ?
B:- Saint Mary's එකට ගියෙ 62දි තමයි out උනේ
A:- පිස්සු හැදෙනව මත් ඒකට තමයි ගියේ 62දී තමයි out උනේ ගමු ගමු තව ශොට් එකක්.

ඔය අතරේ එතනට ආව කෙනෙක් මේ සීන් එක දැකලා බර් එකෙ සෙවකයෙක්ගෙන් මේක ගැන ඇහුවා. අහ්හ් ගනන් ගන්න එපා සර් ඔය නිවුන්නු දෙන්නා ඔහොමම තමයි කියලා...


ඉතිරි ටිකත් බලමු...

Monday, January 2, 2012

කොසොල් රජතුමාගේ සිහින 7

හරීගේ හීනලන්තය ලියන හරීන්ද්‍ර කියන මගේ යාලුවා අහල තිබුනා කොමෙන්ටුවක් දාලා මේ සිහින 16 ගැන විස්තරයක් කියන්න කියලා. ඉතින් මුලින්ම දන්නෙ නැති අය වෙනුවෙන් මේ සිහින 16 ගැන පොඩි හැඳින්වීමක් කරලම 7 වෙනි සිහිනය කියන්නම්.

පසේ නදී කොසොල් හෙවත් කොසොල් රජතුමා කියන්නෙ බුදුහාමුදුරුවන්ගෙ දායක රජතුමෙක්. එතුමා බුදුහාමුදුරුවො ගොඩක් ලගින් ආස්‍රය කාලා. ගොඩක් බන එහෙමත් ඇහුවා. ඉතින් දවසක් රෑ මේ රජතුමා අමුත් හීන 16ක් දැක්කා. ඔක්කොම අමුතුම අමුතුයි. ඉතින් රජතුමා උදෙන්ම ගිහින් බුදුහාමුදුරුවෝ මුන ගැහිලා තමන් දැකපු සිහින 16 ගැන විස්තර කලා. මම මේ සිහිනයෙන් සිහිනය දාන්නේ රජතුමා දැකපු සිහින සහ ඒවා බුදුහමුදුරුවෝ විස්තර කල ආකාරය. මේ හැම සිහිනයකම තේරුම එදාට වඩා ගැලපෙන්නේ අදට.

ඉතින් ඔයාලත් මේ සිහින ටික කියවලා බලලා තීරනය කරන්න මේ සිහින වලින් කීයක් දැනටම ඇත්ත වෙලා තියෙනවද කියලා. හරි ඔන්න මම හිතනව හැමෝටම මේ සිද්දියේ වට පිටාව දැනටම තේරෙනවා කියලා. ඔන්න එහෙනම් දැන් ඔය වම් පැත්තෙ තියෙන ගැජට් එකෙ තියෙන ලින්ක් වලින් ඔයාලට මෙතෙක් මම දාපු සිහින 6 බලන්න පුලුවන්. එහෙනම් දැන් බලමු 7වෙනි සිහිනය.


කොසොල් රජතුමා:-
"භාග්‍යවහුන වහන්ස, මිනිසෙක් අසුනකට වී සම් පටක වලින් ලනුවක් අඹරද්දී එම අසුන යට සිටින හිවල් ධේනුවක් එම මිනිසා අඹරනලද ලනුව කා දමන ආකාරය මම දුටුවා.
"


බුදු හාමුදුරුවෝ:-
"මහ රජතුමනි, මෙයටද බියවීමට හේතුවක් නෑ. අනාගතයේදී මිනිසුන් අතර කාම මිථ්‍යාචාරය ද බහුල වෙනවා. ස්වාමි පුත්‍රයන් උපයන දෑ විනාස කරමින් සොර සැමියන් සමග දුරාචාරයේ යෙදෙන ස්ත්‍රීන් ගැනයි මේ සිහිනයෙන් කියවෙන්නෙ."


ප.ලි. මට නම් හිතෙන්නෙ මේ සිහිනයේදි බුදුහාමුදුරුවෝ ස්ත්‍රීන් ගැන විතරක් නෙවෙයි. හොර බිරිදන් ලඟට යන පිරිමි ගැනත් කියනවා. මොකද මැදපෙරදිග ගිහින් දුක්විඳලා හම්බකරලා එවන සල්ලි වලට (උදාහරනයක් )සමහර පිරිමි කරන දේත් ඔකමනේ.







ඉතිරි ටිකත් බලමු...

Sunday, January 1, 2012

මෙම වසරේ මගේ පැතුම.....



අලුත් අවුරුද්දක්
අලුත් බලාපොරොත්තු
අලුත් අදහස්
අලුත් සිහින
මේ වසරේ
මගේ පැතුම
ඔබ සැමට සහ
මගේ රටට
සාමය සතුට පිරි,
සෞභාග්‍යමත්,
සියලු බලාපොරොත්තු,
සියලු සිහින,
ඉටුවන
සුබම සුබ
නව වසරක් වේවා...
ඔබ සැමට තෙරුවන් සරණයි.
දලදා සමිදු පිහිටයි.
ආයුබෝවේවා!
:) :) ;) ;)

image:-https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjy31ri2SvAqQ4Lyg4SVr7x2ioWWT-EGAuNOpfnJJXH_Zb6mRR6B3FNGJqa-iJm4CVSCd2oSmIKg-RDycJkfy2TZWYQ6hIP0XVLbZclBcckQgJXV1jTl44dOhxRBERLOIzpFaPLM-AEbzk/s1600/AWA.jpg


ඉතිරි ටිකත් බලමු...

Saturday, December 31, 2011

සුබ නව වසරක් වේවා....




මේ වසරට දාන අන්තිම පොස්ට් එක
ඔයාලා හැමෝටම,
සාමය සතුට පිරි
සුබම සුබ නව වසරක් වේවා
කියල
සුහින කොදෙව්වෙන්
ප්‍රාර්තනා කරනවා.
හැමෝගෙම අලුත් අවුරුද්දේ සියලුම
සිහින
සැබෑ වෙන්න කියලත් ප්‍රාර්තනා කරනවා.
ලබන අවුරුද්දෙත් සිහින කොදෙව්ව සමග
එකතු වෙන්න කියලා ඉල්ලන ගමන්
එහෙනම් හැමෝම ලබන අවුරුද්දේ
සෙට් වෙමු ඈ...
ජය වේවා.
හැමෝටම
ආයුබෝවේවා.


ඉතිරි ටිකත් බලමු...

Friday, December 30, 2011

කොන්දගෙන් අන්තිම රුපියල දක්වා ඉතුරුව ගත්ත හැටි...




මේකත් අර මම කලින් දවසක දාපු බස් කතාව වගේ බස් කතාවක්. ලඟදි දවසක මම වැඩ ඇරිලා බස් එකේ යනකොට වෙච්ච සීන් කෝන් එකක් තමයි කියන්න ගියේ(අංකල් මටත් බඩුවක් ඕනේ...කියලා). එකත් බස් කතාවක් තමයි. එත් ඊට කලින් පොඩි කතාවක් වෙච්ච මේක මුලින් දාන්න හිතුනා. අද දවසට දාන දෙවෙනි පොස්ට් එක මේක නිසා ටිකක් පොඩි සීන් එකක් දාන්න කියල හිතුනා.. පලවෙනි එක තමයි මේ තියෙන්නේ.
=====================================
ඔන්න ඔය ගිය සෙනසුරාදා මම ගෙද්‍ර යන්න කියලා පිටත් උනා. සාමන්‍යෙන් මම ගෙදර යනකොට කොටුවට ගිහින් මාතර බස් එකක් අරන් තමයි ගෙදර යන්නෙ. එදා කොහොමත් කොටුවෙන් නගින්නම හිතුනා මොකද දෙහිවලින් නැග්ගොත් ඉඩ නැති වෙයි කියල තිබ්බ බයට. මොකද එදානෙ අර ස්ට්‍රයික් එකක් එහෙම තිබ්බෙත්. ඉතින් මමත් ඔන්න කොටුවට ගිහින් බස් එකකට නැග්ගා.

නැගලා අයිනෙ සීට් එකකුත් අල්ලගෙන පොඩි නින්දක් දාගෙන යන්න හිතුවා. ටිකකින් ඔන්න කොන්දා ආවා ටිකට් කඩාගෙන.මගේ එහා පැත්තේ හිටපු එක්කෙනත් මාතරට යන්නෙ. ඒ මනුස්සය රුපියල් 200ක් දුන්නා මාතරට ටිකට් එකක් ඉල්ලලා. ඉතින් ඉතුරු විදියට රු. 50ක් ලැබුනා. ඉතින් මම කලේ මම් ගාව තිබ්බ රු. 150ක් වැඩි හොඳට කියලා දුන්නා. ඒ පාර කොන්දා කියපි ගාන රු.153යි තව තුනක් දෙන්න කියලා. වෙනදත් රු.153ක් උනාට 150යි ගන්නෙ අනික මගේ එහා පැත්තෙ හිටපු කෙනාගෙත් ගත්තෙ 150 නිස මම නිකන් හිටිය ටිකට් එක අරගෙන. අව්ලක් නැතුව ඇති කියලා.

ඒ පාර පොර පිටි පස්සෙ අයගෙන් ටිකට් කඩලා ආයිත් මට කතාකරලා රු. 3ක් ඉල්ලුවා. ඉල්ලලා කියපි රු.3ක් හැමොගෙනම නොගෙන හිටියොත් හොඳට හිටී කියලා. මිනිහා ඕක කිව්වම මටත් ටිකක් විතර මල පැන්නා ,ඔකද මුන් හරියට ගානට ඉතුරු දෙන උන් වගේ කතා කරන්නේ. මම ගාව ඒ වෙලෙ රු3ක් තිබ්බා. කරන්නම් හොඳ වැඩක් කියලා ගත්තා රු20ක් අරන් දුන්න ගනින් රු.3 කියලා. මිනිහත් දැන් ගන්දෝ නොගන්දෝ කියල හිත හිත ඉන්දලා අරගෙන කියපි දැන් මාරු නැ මාතරින් බහින කොට ඉල්ලගන්න කියලා.

බලහන්කො මුගෙ කතාව. ඇයි යකෝ සල්ලි ඉල්ලුවනම් ඉතුරුත් දියන්කො. මම කිව්ව හරි අයියා අවලක් නෑ රු.20 දෙන්නකෝ කියලා ඉල්ලගෙන ම කිව්ව අඉය මාතරදි ඉතුරු ඉල්ලගන්න රු.20 ඉතුරු අරන් ඇවිල්ලා කියලා. (මගෙ වෙලාවට බස් එක එතකොට ගොඩක් දුර ඇවිත් නැත්නම් අනිව සුවර් අරු මාව බස්සනවා බස් එකෙන් බලපු බැලිල්ලට :)) :)) :)) )

ඒ පාර මේ යකා සාකුවට අත දාලා ඉතුරු රු 17 අරගෙන දීලා රු.20ත් අරන් ගියා. මුන් හැමදාම ඔහ්මයි. ඉතුරු තියාගේ බොර්වට කියනවා ඉතුරු නෑ කියල. ඇයි ඉතින් මාතරට ගාට ගාට ආවම ඉක්මනට ගෙදර යන්න තියෙන හදිස්සියට ඉතුරු ගන්න අමතක වෙනවනේ.
හැබැයි ඉතින් ඔය අතරෙ හොඳ කොන්දොස්තර මහත්තුරුත් නැතිව නොවේ. එයාලනම් මතක් කරල ඉතුරු දෙනවා.
අර වගේ උන් වැඩියෙනම ඔය දේ කරනව කෙල්ලෙක් එක්ක බස් එකට නැග්ගම. ඇයි ඉතින් කොල්ල කෙල්ලට ඇහෙයි කියලා ඉතුරු අරූට පුජ කරනවනේ.

ප.ලි. අර කියන්න ගිය කතාව මම ඉක්මනට දාන්නම්. මම ලියපු පොඩි පොඩි කතා සෙට් එකටත් හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා එයින් කතා ටිකකුත් දාන්නම්.
image:-https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggghrWvQhc0TtrQaVwlCGfMwk-_QxnHo_4lqsUfTTQ2qAgYiLpcPhHtfC50DV5HyP1Plm8jWYgVh3j-TXaJxXG7S3PoaxZm3q5MO59OFTt_cYW6JmPjLJysiHOsCBzFaY1xBdmLe89Nyd5/s1600/bus.jpg


ඉතිරි ටිකත් බලමු...

කොසොල් රජතුමාගේ සිහින 6

මුල් සිහින 5 කියවල බලන්න ආස අය ඉන්නවනම් ඔය පැත්තෙන් තියෙන ගැජට් එක ක්ලික් කරල බලන්න පුලුවන්.
================================
කොසොල් රජතුමා:-
"ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස මහජනයා මහළු ජරාපත් හිවලෙකුට ඝන රන්තලියකට මුත්‍රා කිරීමට සලස්වා බලා සිටිනු දුටුවා."


බුදුරජානන් වහන්සේ:-

"මහ රජතුමනි, මෙහි විපාකත් අනාගත්යේ සිදුවන නිස ඔබ බිය වීමට කාරණාවක් නැහැ. සම්භාවනීය වශයෙන් සැලකෙන මිනිස්සු අනාගතයේදී සම්පත්වලින් පිරිහී යනවා.මෙසේ පරම්පරාවෙන් උරුම වූ සම්පත්ද අභාවයට ගිය නිසා ඔව්හු තම දුවා දරුවන් අයතාක්‍රම වලින් ධනවත් වූවන්ට සරණ පාවා දෙනවා. ජාරාපත් සිවලා ඝන රන්තලියේ මුත්‍රා කිරීමේ සිහිනයේ ප්‍රතිපලය තමයි ඒ."


ඉතිරි ටිකත් බලමු...

Wednesday, December 28, 2011

මෝඩයෝ 4 දෙනා...(දෙවෙනි කොටස)



සොරී දෙවෙනි කොටස දාන්න පරක්කු උනාට. මම ගෙදර ගිය පොඩි නිවඩුවක් අරන් එකයි පරක්කු උනෙ.. හරි එහෙනම් කට්ටියම මෙතනින් ගිහින් කතාව මතක් කරගෙන එන්නකො...
පලමු කොටස
=================================


ඉතින් කට්ටියට මතක් උනානෙ අන්තිමට අපි කොතනද හිටියේ කියලා.ඉතින් ඔන්න එක මොඩයෙක් ගහට නැගලා අනිත් දෙන්නා ගහ අල්ලන්න ඉන්න කොට ඉතුරු උනු එකා ගහ කපන්න පටන් ගත්තා ඉතින් ඔහොම ගහ කපන කොට ගහ අර අල්ලන් ඉන්න උන් දෙන්නා උඩට පත බෑවිල උන් දෙන්න මැරුනා. එත් ඉතින් අර අනිත් උන් දෙන්න හිතුවෙ මුන් දෙන්නා කම්මැලි කමට ගහ යට නිදන් ඉන්නව කියලා. ඉතින් උන් දෙන්න නැගිටිනකම් අනිත් උන් දෙන්නා ගහ උඩ වාඩිවෙලා අරුන් දෙන්නට බැන බැන ඉන්නවා.

ඉතින් ඔය අතරේ මුන් 4දෙනා ගහ අරන් එනකම් බලන් ඉඳලා බැරිම තැන ගමේ එකෙක් ගියා හොයගෙන. යනකොට දැක්ක ගහ උඩ ඉන්න උන් දෙන්නව. ඉතින් උන්ට බැනලා අහනකොට කො අනිත් උන් දෙන්න කියලා මුන් දෙන්න කියපි කතව. එතකොට ගමේ එකට තෙරුන මුන් 4දෙනාගෙ තරම. මොඩයො කියල මරන්නය.ඉතින් මුන් දෙන්නට කිව්වා යාලුවො දෙන්න මැරිලාඋබල යන දීපන්කරීක පලයල්ල කියලා. ඒ පාර අරුන් අහනවා මැරුනා කියල කොහොමද දැනගන්නෙ කියල. ඉතින් අර මනුස්සය මුන්ට කිව්ව ඔය කුනු ගදක් එන්නෙ ඒක එන්නෙ මැරුනම කියලා.ඉතින් මුන් දෙන්නත් බොහොම දුකෙන් යාලුවො 2න්නත් දාලා යන්න ගියා... ඊට පස්සෙ මොකද උනෙ දන්නවද මෙයා... :)) :D

ඔහොම ටික දුරක් යනකොට මුන් දෙන්නට කුනු ගදක් දැනෙන්න ගත්තා. ඉතින් හොයල බලන කොට මුන් කාලෙකින් නාලා නැති නිසා මුන්ගෙ ගද තමයි දැනෙන්නෙ. ඒ පර මුන් දෙන්න හිතුවා මුන් දෙන්නත් මැරිල තමයි කියලා පාර මැද මැරුනා වගේ නිදාගත්තා. ඔතනින් ටික වෙලාවකින් අලි බලන මිනිහෙක් යන්න ගියා. ඉතින් මිනිහ දැක්කා කව්ද දෙන්නෙක් පරේ මැද නිදාගෙන ඉන්නවා. ඉතින් මිනිහ ගිහින් බලලා කතා කරා. ඒ පාර අරුන් දෙන්නට මල පැනල බනින්න ගත්තා මැරුන එකෙකුටවත් ඉන්න දෙන්න්නෙ නැති මිනිස්සු කිය කිය.

ඒ පාර අර මිනිහ තෙරුම් ගත්ත මුන්ගෙ මොඩ ක්ම තෙරුම් අරන් මුන්ගෙන් කියක් හරි කඩගන්න පොටක් පාද ගන්න බැලුව එහෙම හිතලා මුන් දෙන්නගෙන් ඇහුවා පන අරන් දුන්නොත් මොනවද දෙන්නෙ කියලා. ඒ පර අරුන් දෙන්න සන්තොස වෙලා තමන් ගාව තිබ්බ සල්ලි සේරම දෙන්න පොරොන්දු උනා. ඉතින් අර මෞස්සයා මොකද කලේ තමන්ගෙ අතෙ තිබ්බ හෙන්ඩුවෙන් එකෙකුට ඇන්න. ඒපාර අර මොඩයා මහ හයියෙන කෑගහගෙන නැගිට්ටා පන ආවෝ පන ආවෝ කිය කිය. ඉට පස්සෙ අර මනුස්සය ඉතිරි එකාටත් පන අරන් දුන්න තමන්ගෙ මැජික් යශ්ටියෙන්. ඉතින් ඔන්න දෙන්නගෙම පන අරගෙන පොරොන්දු වෙච්ච සල්ලිත් අරගෙන අර මිනිහා යන්න ලේස්ති වෙනකොට මොඩයො දෙන්නා අර මිනිහගෙන අර මැජික් යශිටිය ඉල්ලන්න ගත්තා. මිනිහත් ඉතින් බොරුවට අදිමදි කරලා ඒක දුන්නා. දෑන් අර දෙන්නට මාර සතුටුයි. ඇයි ඉතින් මැජික් යශ්ටියෙන් පොහොසත් වෙන්න පුලුවන්නේ මැරිච්ච අයට පන අරන් දීලා. ඔහොම හිත හිත යනකොට මේ අයට ඈතින් කෑගාහන සද්දයක් ඇහුනා.

බලන කොට මල ගෙයක්. ඉතින් මෙ දෙන්නට හරි සතුටුයි ඇයි ඉතින් පලවෙනි වැඩෙ ඉක්මනට සෙට් වෙච්ච නිසා. ඉතින් මේ දෙන්න අර මල ගෙදරට ගිහින් එකෙ ඉන්න මිනිස්සුන්ට කිව්ව තමන්ට මැරිච්ච අයට ඔඅන දෙන්න පුලුවන්ය කියලා. ඉතින් අර මිනිස්සුත් හිතුවලු ඇත්ත වෙන්න ඇති කියලා අවසර දුන්නලු පන අරන් දෙන්න. ඉතින් මේ දෙන්නා කිව්වලු මිනිය කාමරෙකට ගිහින් තියන්න කියලා. ඉතින් මිනිස්සුත් කිව්ව විදියට කලාලු. ඉතින් මේ දෙන්නා කාමරේට ගිහින් දොර වහ ගෙන වැඩේ පටන් ගත්තා. එතකොට තම්යි මුන් දෙන්නට රත් උනේ ඇයි ඉතින් අර මිනියට පන එන්නෙ නෑනේ. ටික වෙලාවලින් ගෙදර මිනිස්සුන්ට බලන් ඉදලා එපා වෙලා දොර ඇරගෙන ගිහින් බලනකොට දැක්කා වෙලා තියෙන විනාසෙ. මිනිය හැම තැනම තුවාල මැජික් යශ්ටියෙන් ඇනලා. ඒ පාර ගෙදර උන් අරුන් දෙන්නට අල්ලගෙන ගැහුවා. ඊට පස්සෙ කියල දුන්නා මෙ වගෙ වෙලාවට හැසිරෙන විදිය. ඔය ඉතින් දුකින් ඉන්න විදිය අඩන විදිය එහෙම කියල දුන්නා.

ඉතින් මේ මොඩයො දෙන්නත් එතනින් බෙරිලා යනකොට හම්බුනා මගුල් ගෙයක්. ඉතින් මුන් දෙන්නත් මොකද කලේ ගිහින් අර කියල දිඉපු විදියට බෙරිහන්දිඉල අඩන්න ගත්තා. ඒ පාර එතන් හිටපු අය මුන් දෙන්නව අල්ලගෙන විස්තර දෑනගෙන මොඩයො දෙන්නෙක් නිසා ඒ වගෙ වෙලාවට හැසිරෙන විදිය කියලා දුන්නා.

එතනිනුත් බේරිලා දෙන්න යනකොට දැක්ක ගෑනු කෙනෙකුයි මිනිහෙකුයි රන්ඩු වෙනවා. ඉතින් එතනට ගිහින් අර මගුල් ගෙඩරදි කියල දුන්නු විදියට සතුටෙන් උඩ පැන පැන හිටියා. ඒ පාර අර ගැනු කෙනයි පිරිමි කෙනයි තම්න්ගෙ රන්ඩුව නවත්තලා මුන් දෙන්නට අල්ලගෙන ගහල ඒ වෙලාවට කරන්න ඕන සතුටු වෙන එක නෙවෙයි රන්ඩුව බේරන එක කියල කියල දී ලා මුන් දෙන්නව නිදහස් කලා. ඉතින් මුන් දෙන්නත් හොන්ඩට ගුටිකාල ඉන්න නිසා අමාරුවෙන් ඇවිද ඇවිද යනකොට දැක්ක ගොන්නු දෙන්නෙක් පොර කනවා. ඉතින් මුන් දෙන්න මොකද කලේ ඔක මෑදට ගිහින් රන්ඩුව බේරන්න පටන ගත්තා. එත් මොකද උනේ කුලප්පු වෙච්ච ගොන්නු දෙන්නා මුන් දෙන්නට ඇනලා මැරුවා.

ඔන්න ඔහොමයි යලුවනෙ මොඩයො 4 දෙනාගෙ කතාව ඉවර උනේ. :) :) ;) ;)

ප.ලි.
අන්තිමට ටිකක් බොරින් වගෙ ඇති. හිතෙට දැනෙන දෙ කියල යන්න. නොකිව්වත් තරහ නෑ.



image location:- http://www.kerals.com/kerala/wp-content/uploads/2010/10/4-IDIOTS-22.jpg


ඉතිරි ටිකත් බලමු...

ලඟින් යන එව්වා... කියවලා බලමු...